• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අලුත් පරපුර මගේ ගීත ගායනා කළාට ප්‍රශ්නයක් නෑ

February 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අලුත් පරපුර මගේ ගීත ගායනා කළාට ප්‍රශ්නයක් නෑ
Share on WhatsAppShare on Facebook

විදුලි දුම්රියේ
චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත්
අතරින්
මිහිරක් මතුවිය
සැලෙන සඳේ
අදටත් අසන්නට ලැබෙන මේ ගී පද සමඟ මතකයට නැඟෙන ලක්‍ෂ්මන් රුද්‍රිගෝ ගැන අටුවා ටීකා කීමට අවශ්‍ය නැත. ඒ හඬ අනාගතයටත් ජීවමාන වන සොඳුරු හඬක්. කාලෙකට පස්සේ ඒ සොඳුරු හඬ අවදි කරන්නට අප උත්සාහ ගත්තා.
කොහොමද ඔබේ හඬ කරළියට එන්නේ?
1968 තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මගේ පවුලේ වැඩිමල් සහෝදරයොත් සංගීතයට ළැදියි. ඉතින් අපේ ගෙදරත් සර්පිනාවක් තියෙනවා. අයියලා එය වාදනය කරන දිහා බලාගෙන ඉඳලා මමත් පුරුදු වුණා. පසුකාලීනව මම ‘සුවඳට මල මෙන්’ ගීතය ගායනා කළා. රූපා ඉන්දුමතී සමඟ රත්නලංකා අබේවික්‍රම තමයි එහි පද රචනය කළේ. ගුවන්විදුලියේ මුල්වරට ඒ ගීතය ගායනා කරලා තමයි මම මේ ක්‍ෂේත්‍රයට ආවේ.
පසුකාලීනව ඔබේ ගීත අතිශය ජනප්‍රිය වුණා නේද?
විදුලි දුම්රියේ, දේශයෙන් දේශේ බලා, කඳුළු පිරුණු දෑසේ, කුරුල්ලනේ පැණි කුරුල්ලනේ, ආවේ කාගේ කවුදෝ ඇතුළු මම ගායනා කරපු ගීත ගණනාවක් අදටත් ජනප්‍රියයි. එය ගැන මම සතුටු වෙනවා. මොකද ප්‍රසංග වේදිකාවට නැග්ගත් මට අලුත් සින්දුවක් ගායනා කරන්න බැහැ. ඔවුන් ඉල්ලන්නෙම පරණ ගීතමයි.
‘විදුලි දුම්රිය’ ගීත හැදුණු හැටි පැවසුවොත්?
ඒක පුදුම කතාවක්. අපේ ගෙදර මගේ දරුවන්ට ටියුෂන් කරන්න ගුරුවරයෙක් ආවා. ඔහු දයානන්ද කුමාරසිරි. කවදාවත් ඔහු ගීත ලියලා නැහැ. නමුත් මගෙන් ඇහුවා ලියපු සින්දු ටිකක් ලියලා දෙන්නද කියා. මම ඉතින් හා කියලා ගෙනත් දෙන්න කියලා කිව්වා. මම එයින් සින්දු දෙකයි තෝරා ගත්තේ. ‘එක කුඩය යටින් සරසවි පාරේ’ සහ ‘විදුලි දුම්රිය’ ගීත දෙක තමයි මම තෝරා ගත්තේ. ඔය විදියට තමයි විදුලි දුම්රිය මට ලැබුණේ.
90 දශකයේ කැසට්වලට හොඳ ඉල්ලුමක් තිබුණා නේද?
ඒ තිබුණු ස්වර්ණමය යුගය දැන් කෝ. එදා මේ වගේ විශාල තාක්‍ෂණ පහසුකම් තිබුණේ නැහැ. මං ‘චාරුලතා’, ලක්‍ෂ්මන් ගී 16, විදුලි දුම්රිය කියන කැසට් පට නිර්මාණය කළා. පසුකාලීනව සංයුක්ත තැටි ආවත් එක්කම කැසට් පට කුණු කූඩෙට වැටුණා. සුවිශේෂී හඬවල් නිහඬ වුණා. මොකද මහන්සිවෙලා නිර්මාණ කළාට අවසානේ ප්‍රතිඵලයක් නැති වුණා. ඉතින් අපේ පැරැණි ගීත අප ප්‍රසංගවල ගායනා කරනවා.
ප්‍රවීණ ගායනා ශිල්පී ජෝතිපාල සමඟ ඔබගේ ළඟින් ලොකු සමීප මිතුදමක් තිබුණාද?
ආයේ මොනව අහනවද අපි හොඳම යාළුවෝ. පුළුවන් හැම වෙලාවකම ඉතින් අපි එකට තමයි කාලය ගත කරන්නේ. ඔය ඉන්න ගමන් දෙන්න එකතුවෙලා යාළුවො එක්ක අඩියක් ගහනවා. මගේ ලොකු ආශාවක් තිබුණා ඔහු සමඟ ගීතයක් ගායනා කරන්න.
ඉතින් සිහිනය සැබෑ වුණාද?
‘වස්තුව’ චිත්‍රපටයේ මම ජෝතිපාල සමඟ එකට ගායනා කළා. මම ටෝනි රණසිංහ වෙනුවෙන් ගායනා කරන කොට ජෝතිපාල මහතා වොලි නානායක්කාරට ගායනා කළා. 1982 වගේ තමයි ඔය චිත්‍රපට ගීය අපි දෙන්නාට එකට ගායනා කරන්න ලැබුණේ. ‘දහදිය වගුරලා’ ගීතය තමයි මම ඔහු සමඟ ගායනා කළේ.
ඉදිරියේදී අලුත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
අදහසක් නැතුවා නෙවේ. ඉස්සර අපි සින්දුවක් කළාම ගුවන්විදුලියෙන් එන්න කියලා එය ප්‍රචාරය කරනවා. ඒ විතරක් නෙවේ අපට ගෙවීමක් කරනවා. ඒත් දැන් සින්දුවක් කරලා ප්‍රචාරය කරගන්න අමාරුයි. ඉතින් ඒ මදිවට දැන් සින්දුවක් කරන්න හිතුවොත් ලක්‍ෂ 5ක්වත් වැය කරන්න සිදුවෙනවා. ඉතින් එහෙම ලොකු පිරිවැයක් දරන්න අපට අමාරුයි.
අනෙක දැන් හොඳ ගීත රචකයො අහිමි වීමත් මෙයට බලපානවා නේද?
ඔව්. ඒකත් විශේෂයෙන් බලපානවා. ඉස්සර වගේ හොඳ පද රචකයෝ දැන් නැහැ. තනු නිර්මාණ ශිල්පීන් නැහැ. අදටත් ඒ ගීතවල ඉල්ලුම තියෙන්නේ එහි තිබුණු ගූණාත්මකභාවය නිසයි. අද අලුත් සින්දුවක් ගායනා කළොත් දවසින්, දෙකෙන් ඉවරයි.
අද ගීතවල තනුවක් හදන්නේ ගිටාර්වලින්. අතීතයේ ස්ර්පිනාව, එහෙමත් නැතිනම් කීබෝඞ් එකෙන්. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන්නේ. අනෙක දැන් හැදෙන ගීතයක් පවුලේ සැමට එකට ඉඳගෙන රසවිඳින්නවත්, බලන්නවත් බැහැ. විකාර රූප රචනා හරහා ගීතය විෂුවල් කරලා. මෙය ලංකාවේ විතරක් නෙවේ භාරත සංගීත කලාවටත් අත්වුණු ඉරණමක්.
ගීතයක් ජනප්‍රිය කරවීම රූප රචනාවම අවශ්‍යමද?
ඉස්සර ඔය විෂුවල් කලාව තිබුණේ නැහැනේ. දැන් සින්දුවල 80%ක් රූප රචනාව බලනවා. ඉතුරු 20% තමයි ගායනයයි, තනුවයි බලන්නේ. ඒ දෙකත් හරියට ගැළපුණොත් 100% හොඳයි කියලා හිතලා තමයි ජනතාව වැලඳ ගන්නේ.
ඔබේ විරුද්ධත්වයක් තිබෙනවාද මතු පරපුර ඔබේ ගීත ගායනා කරනවාට?
අපෝ කවදාවත්ම නැහැ. මම කැමැති මතු පරපුර මගේ ගීත ගායනා කරනවාට හැබැයි විකෘති නොකර. පසුගිය දවසක උරේෂ රවිහාරි රූපවාහිනියේ මගේ ගීතයක් ගායනා කළා. මට දුරකතන ඇමැතුම් එනවා නඩු දාන්න කියලා. ඇයි මම එහෙම කරන්නේ. ඇය ගායනා කළේ එය මගේ ගීතයක් කියලා මුලින් සඳහන් කරලයි. ඉතින් එහෙම ගෞරවාන්විතව අපේ ගීතවලට අපිට සැලකිල්ලක් කරද්දී ඇයි මම නඩු දාන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පෙබරවාරි 29 සිකුරු කුජගේ වසඟයට

Next Post

මොකක්ද මේ කණුවක් වටකොට බඳින චෛත්‍ය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.