සඳුගේ ගමන අනුව මාසයකට තිථි තිහකි. මෙයින් දින 15ක් පසළොස්වක පෝය ගෙවුණු දා සිට අව පක්‍ෂයේ තිථි 15ක්ද එසේම අමාවක පෝය ගෙවුණු දා සිට පුර පසළොස්වක දක්වා පුරපස තිථි 15වක්ද වශයෙන් හඳුන්වා ඇත. කලාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකි. ඒ නඟින කලාව, බහින කලාවයි. විෂ කලාව අමෘත තවත් කොටස් දෙකකි. නගින විෂ කලාව පුර පෑලවිය තිථියේ සිට පුර පසළොස්වක දක්වා පුරුෂයන්ගේ දකුණු පැත්තෙන් නගී. ගැහැනුන්ගේ වම් පැත්තෙන් නගී. (සිරුර පුරා නිල 4ක් පිහිටා තිබේ.)
පෙරදිග ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව අමෘත කලාව ශරීරයේ යම් තැනක තිබේද මෙම ස්ථාන පිරිමැදීමෙන් ඇති වන ආදරය, ආලය, කාමය, අධික වෙයි. තරුණ තරුණියන්ගේ නොව දෙගොඩහරි වියේ පසුවන ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයේම නළල, දෙබැම, ඇස්, නාසය, කම්මුල්, දෙතොල, ගෙල ආදී තැනක මෙම අමෘත කලාව ඇති දිනයක ඔවුන් දෙදෙනාම දැකීමෙන් ආදරය, ආලය, ප්‍රේමය වහා ඇති වෙයි.
පැරැණි අය මනාලියක් බැලීමට ගියේ මනාලියගේ අමෘත කලාව තිබෙන දිනයක් තෝරාගෙනය. එය මෙසේය. පුරපස පළමුවැනි තිථියයෙන් දකුණ පයේ මහපටඇඟිල්ල, 2 වැනි පිටිපතුල, 3 වැනි විළුඹ, 4 වැනි දණහිස, 5 වැනි කලව, 6 වැනි තුනටිය, 7 වැනි කුණුවිල (රසහ), 8 ඉල ඇට, 9 වැනි පියයුරු, 10 වැනි පියයුරු (අතරමැද), 11 වැනි බෙල්ල, 12 දෙතොල්, 13 වැනි කන, 14 වැනි ඇස හා බැම, 15 නළල හා හිස අව පක්‍ෂයේ පළමු වැනි තිථියෙන් හිස සිට 15 වැනි තිථිය තෙක් මහපටැඟිල්ල දක්වා බැස යයි.
විවාහයට මනාලිය බැලීමට පෝරු චාරිත්‍රයට, මධුසමයට මෙවැනි අමෘත කලාව තෝරා ගැනීමෙන් දෙදෙනා අතර, ආලය, ආදරය, සෙනෙහස, ප්‍රේමය, ඇති වී සාර්ථකම විවාහ ජීවිතයක් ගතකිරීමට හැකි බැව් ජ්‍යොතිෂ සිද්ධාන්තයකි. විශේෂයෙන්ම ස්ත්‍රියකගේ කාම හැඟීම් යටපත් වී තිබීමත් උත්තේජනයට වැඩි කාලයක් අවශ්‍ය නිසාත් මෙම කාම නිල තිබෙන තැන් පිරිමැදීම තෙරපීම නිසා දෙදෙනාම විවාහ ජීවිතයේ පරම සතුට ලබන බැව්ද ව්‍යාත්සයනයන් රතිරහසයම්, කාම නිලධේනුවෙන් කොක්කෝකම් වැනි ග්‍රන්ථවල සඳහන්ව තිබේ. විවාහය යනු හුදෙක්ම කලාවකි.
සෞන්දර්යමය රසිවිඳීමකි.
ජ්‍යොතිෂවේදි ටී. හෙන්රි බෙම්මුල්ල











