විවාහයක් සඳහා කේන්ද්‍ර දෙකම ජ්‍යොතිෂ විiාත්මකව සීහුම් බලන විටදී දෙදෙනාගේ සිතුම් – පැතුම් චර්යා රටාව, ගති ලක්‍ෂණ, ඇවැතුම් – පැවතුම් දෙදෙනාට දෙදෙනාම ආකර්ෂණ වන අයුරු, ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ, විශේෂයෙන්ම පිරිමියාගේ කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව දාරක සම්පත්, ශුක්‍රාණු බීජමය පෝෂණ පදාර්ථය හිමිද අහිමිද ගැහැනියගේ ආර්තවාණු තුළ ගර්භධාරණ ශක්තිය පිළිබඳව ඇති ප්‍රවණතාවයද, සලකා බැලිය යුතු අනිවාර්ය කරුණුය. පුරුෂයාගේ වාග් ප්‍රහාරයක්,
හිමිවේද ඔහු සංවේදී කෙනෙක්ද, නැත්නම් සැර පරුෂයකු ශරීර සෞඛ්‍යය, ජානගත රෝගකාරකයෙක්ද, රැකියාව හෝ ව්‍යාපාර කටයුතුවල ඉදිරියේ සාර්ථකද, අසාර්ථකද, නීතිමය ගැටලුවලට මුහුණ දෙන්නේද, සිරගත වේද, කායික වශයෙන් බෙලහීනද, නැත්නම් විකෘති කාමුක පැත්තේද, ස්වයං වින්දනයක් ලබන්නෙක්ද, විශේෂයෙන්ම කාම රෝගියෙක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු අනිවාර්යමය කරුණු වෙයි.
ස්ත්‍රිය ගැනත් මෙසේමය. ඇයගේ ජීවන තොරතුරු දත්ත මැනවින් නිරීක්‍ෂණය කළයුතු වෙයි. මිනිත්තු 10කින් පොරොන්දම් බලා ලකුණු 36ට ආසන්න නම් නැකැත්, නාඩි, රජ්ජු පමණක් සීහේ නම් විවාහයට තීරණය ගැනීම මිථ්‍යාවකි. සාර්ථක විවාහයක් ගෙවයිද?
අද සිදුවෙමින් පවතිනුයේ මෙවැනි සරල පොරොන්දම් ගැළපීමක් කර විවාහවී කෙටි කාලයකින් දික්කසාදයට යෑමකි. එහෙත් තැලසීමියා පිළිබඳ වෛiමය වාර්තාවක් ලබා ගැනීම සියල්ලටම වඩා වැදගත් වේ යැයි සිතමු.
දෙගොඩ හරි වියේ පසුවන මවුපියන් හට මෙය වැදගත් නොවූවත් වත්මන්හි තරුණ තරුණියන් යුගදිවියට පත්වීමේදී එක් වරක් නොව කිහිප වරක්ම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු රාශියක්ම ඇත්තේය.
සමහරු නැකැත් පත්‍ර සාදා විවාහය අහිමි වන්නේ මනාලිය හෝ මනාලයා මඟහැර යෑමෙනි.
මුදල් ගෙවා හෝටල් සාද දින වෙන්කර සිටියදී මනාලිය පැනගොස්ය. මනාලයා ආගිය අතක් නැත. විවාහ වී එදින මී පැණි රාත්‍රියේ එළඹෙත්ම නොසිතූ අන්දමට මනාලයා හෝ මනාලිය අතුරුදන් වී ඇත.
මේ අද වන විට මඟුල් කන හැටි? ගහපු බෙරේකුත් නැහැ, ඒත් බෙරේ පළුවකුත් නැහැ. විවාහ යනු ජීවිතයක දෙවැනි උපත. ඒක හරියටම හරියන විදියට නොකළොත් අපාය වැඩි ඈතක නොවේ. අවුරුදු 50කට ආසන්න කාලයක් විවාහ ජීවිත පිළිබඳව උපේක්‍ෂා සහගතව බලා සිටියා. ඉතාම වාසනාවන්ත අඹු – සැමියන් නකුල මාතා නකුල පිතා වගේ අය ඕනෑ තරම් සිටිති. මගේ මිත්‍රයෙක් 91 වියැති සිය බිරිඳ සමඟ හරිම සතුටින් දිවි ගෙවයි.
දෙන්නට දෙන්නා තවත් ආදරයෙන් ඉන්නා අයුරු දකින්නත් සතුටුය. ඒ සාර්ථක හඳුනාගැනීමක රහසය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











