• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පංච කල්‍යාණියන්ගේ හොඳ නරක

November 20, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
පංච කල්‍යාණියන්ගේ හොඳ නරක
Share on WhatsAppShare on Facebook

වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත්, ගුණවත්, වාසනාවන්ත බිරියක් ලැබීමය. ගුණවත්, කරුණාවන්ත බිරියක් ලබන තැනැත්තා සැබැවින්ම වාසනාවන්තයෙකි.

බුදුදහමේ, භාර්යාවරු, සත් දෙනෙක් පිළිබඳ සඳහන් වෙයි. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛී, භගිනි හා මාතෘ භාර්යා යනුවෙනි. ඒ අතරින් මාතෘ වර්ගයේ භාර්යාවන් ලබන්නෝ ඉතාම වාසනාවන්ත බව සඳහන් වෙති. එසේම දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ස්ත්‍රීන් සතර ආකාරයකට වර්ග කර ඇත. ඒ පද්මිනී, චිත්‍රිනී, සංඛිනී හා හස්තිනී වර්ගයේ ස්ත්‍රීන් යනුවෙනි. දේහ ලක්‍ෂණ විද්‍යාවට අනුව පද්මිනී හෝ චිත්‍රිනී වර්ගයේ ස්ත්‍රියක් තම බිරිය ලෙස ලබන තැනැත්තා ඉතා වාසනාවන්ත බව සඳහන් වෙයි. තවද පද්මිනී වර්ගයේ ස්ත්‍රීන් මාතෘ භාර්යා ගණයට වැටෙන බවද සඳහන්ය. ජ්‍යොතිෂමය වශයෙන් ජන්ම නැකැත අනුවද ස්ත්‍රීන් වර්ග කළ හැකිය. එහිදී මුවසිරස, අස්ලිස, පුවපල්, පුවසල් හා උත්‍රසල යන නැකැත් පද්මිනී වර්ගයේ ස්ත්‍රීන්ට හිමි බව සඳහන්ය. එසේම චිත්‍රිනී වර්ගයේ ස්ත්‍රීන්ට මූල, විසා හා උත්‍රපල් යන නැකැත්ද සංඛිනී වර්ගයේ ස්ත්‍රීන්ට කැති, හත, අනුර හා දෙනට යන නැකැත්ද, හස්තිනී වර්ගයේ ස්ත්‍රීන්ට සියාවස හා රේවතී යන නැකැත්ද අයත් බව සඳහන් වෙයි.

දුටුවන් නෙත් සිත් බඳනා රූමත් අඟ පසඟක් හිමි වීමට අනිවාර්යයෙන්ම පෙර පින් තිබිය යුතුය. එවැනි පෙර පින් ඇත්තියක් පංච කල්‍යාණියන් ලෙස හඳුන්වයි. අංග ලක්‍ෂණ විද්‍යාවේදී පංච කල්‍යාණය ලෙස ස්ත්‍රියක් සතු කරුණු 5ක් සලකා ඇත. ඒ දන්ත, චවි, කේෂ, මාංශ හා වයස් යන කරුණුය. උක්ත කල්‍යාණයන්හි ප්‍රශස්ත මට්ටම සලකා පංච කල්‍යාණියන්ද යන වග තීරණය කළ හැකිය.

ජ්‍යොතිෂයට අනුවද දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට කේන්දර සටහනක් දුටු පමණින්ම එම කේන්දර හිමි තැනැත්තියගේ රූප ශෝභාව, අඟපසඟ මෙන්ම ගතිගුණද මනාව අවබෝධ කරගත හැකිය. එලෙස ජ්‍යොතිෂයේ පංච කල්‍යාණියන්ද යන්න හඳුනාගත හැකි ග්‍රහ පිහිටීම් කිහිපයකි.
ඒ මෙසේය.

  1. ලග්නාධිපති ග්‍රහයා ලග්නගතව සඳු සමඟ සිටීම.
  2. ලග්නාධිපති ග්‍රහයා බලවත්ව ලග්නයේ වීම.
  3. පුර පක්‍ෂයේ බලවත් චන්ද්‍රයා ලග්නගත වීම.
  4. චන්ද්‍ර සහ ගුරු යන ග්‍රහයන් ලග්නගත වීම. එලෙස ලග්න ගතවූ චන්ද්‍ර හා ගුරුට 5 වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ සිටින සිකුරුගේ දෘෂ්ටිය ලැබීම.
  5. 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු සිකුරු පිහිටීම.
  6. ලග්නාධිපති 7 අධිපති සමඟ යෝග වීම.
  7. සිකුරු 7 අධිපති වී සෞම්‍ය ග්‍රහයන් සමඟ සිටීම.
  8. 7 අධිපති ගුරු සමඟ හෝ ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.
  9. ලග්නයෙන් 7 වැන්නේ බලවත් ගුරුගේ සඳු සිටීම.
  10. සඳුගෙන් 7 වැන්නේ ගුරු සිටීම.
  11. ලග්නය තුලා, මකර, කුම්භ වී ශනි එහි සිට සුබ දෘෂ්ටි ලැබීම.
  12. 9 වැන්නේ සිකුරු, සඳු, ගුරු පිහිටීම.
    මීට අතිරේකව චන්ද්‍ර කුජ හෙවත් චන්ද්‍ර මංගල යෝගය, සිකුරු කුජ හෙවත් සිකුරු මංගල යෝගය යෙදුණු කේන්දර හිමි තැනැත්තියන්ද, ඉතා රූමත් සුරූපිනියන්ය. එය එසේම සිදුවන්නේ එම යෝගයකට පාප දෘෂ්ටි නොවැටීම හා එම ග්‍රහයන්ගේ බලවත්භාවය මතය. එය එසේ වුවද මෙම යෝග හිමි ස්ත්‍රීන් කාමාධිකය, සෙල්ලක්කාරය, යම් අයුරකින් උක්ත යෝගයකට රාහු කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වුවහොත් බොහෝ විට තම චරිතය කැළැල් කර ගැනීමේ ප්‍රවණතාවක් ඇත. එසේම කුජ, රාහු වැනි පාපී ග්‍රහයන් 7 වැන්න, 8 වැන්න වැනි ස්ථානවල වීමද චරිතය අපිරිසුදුකර ගැනීමේ අවදානමක් ඇති පිහිටීම් බව ජ්‍යොතිෂයේ සඳහන්ය.
    ස්ත්‍රී අඟපසඟ සම්බන්ධයෙන්ද යම් අදහසක් ග්‍රහ පිහිටීම් තුළින් නිගමනය කළ හැකිය.
  13. ස්ත්‍රී කේන්දරයක කුජ ග්‍රහයා 4 වැන්නේ බලවත්ව සිටින කළ මනාව වැඩුණු ඉදිරියට නෙරූ කවාකාර පියයුරු සඟලකට හිමිකම කියයි.
  14. 4 වැන්නේ සඳු කුජ පිහිටි ළඳුන්ගේ ඉඟ ඉතාම හැඩය. උකුල පුළුල්ය. පියයුරු මනාව පිහිටා ඇත.
  15. 7 වැන්නේ සඳු, ගුරු, කුජ පිහිටි ළඳුන් මසින් පිරි දුටුවන් නෙත් සිත් බඳනා පාද යුග්මයකට හිමිකම් කියයි.
    ඉහත සඳහන් ආකාරයේ ස්ත්‍රී අවයවවල ස්වභාවය, පැහැය හා මෘදු මොළොක් භාවය සම්බන්ධ ග්‍රහ පිහිටීම් ගණනාවකි. එහෙත් ඒ සියල්ල සවිස්තරව මෙහි සඳහන් නොකළේ ලිවීමට තරම් සුදුසු නොවේ යැයි හැඟුණු බැවිනි. තවද විධිමත් කේන්දර පරීක්‍ෂාවකදී වාසනාවන්ත විවාහ හිමි ස්ත්‍රීන් මෙන්ම නපුරු, කෲර ගතිගුණවලින් යුත් ස්ත්‍රීන් බිහිවන පිහිටීම්ද ජ්‍යොතිෂවේදීන්ට පහසුවෙන් හඳුනාගත හැකිය. වාසනාවන්ත විවාහයක් හිමි පිහිටීම් ගණනාවකි.
    ඒ මෙසේය.
  16. පාප දෘෂ්ටිවලින් තොර සුබ ග්‍රහයකු ලග්න ගතවීම.
  17. 5 වැන්නේ ගුරු ශුක්‍ර සංයෝගය පිහිටීම.
  18. පුර පාර්ශ්වයේ ඉපදී 7 වැන්නේ බුධ ශුක්‍ර යෝගවී සිටීම.
  19. 7 වැන්න කටකය වී ගුරු ග්‍රහයා එහි සිටීම.
  20. 7 වැන්නේ සඳු, බුධ සංයෝග වීම හා ඊට සුබ දෘෂ්ටි ලැබීම.
  21. ලග්නයේ ගුරු 7 වැන්නේ, සඳු 10 වැන්නේ සිකුරුත් පිහිටීම.
  22. ලග්නයේ හෝ 4 වැන්නේ බලවත් සඳු, බුධ, ගුරු, සිකුරු සිටී.
  23. ලග්නාධිපති හා 7 වැන්නාධිපති 7 වැන්නේ සිටිමින් ගුරු හෝ සඳුගේ දෘෂ්ටියට ලක්වීම.
  24. ගුරුගේ දෘෂ්ටියට ලක්වන 7 වැන්නේ බුධ, ශුක්‍ර සංයෝගය තිබීම සමගම 11 වැන්නේ සඳු පිහිටීම.
    කරුණු කාරණා කෙසේ වෙතත් විවාහයක් සඳහා පොරොන්දම් පරීක්‍ෂාවේදී විසි පොරොන්දම් ප්‍රතිශතය 75% ඉක්මවා ගැළපුණද අෂ්ට කූටය ඉතා යහපත් මට්ටමක තිබුණද සුදර්ශන චක්‍රය පවා හොඳින් ගැළපුණද ස්ත්‍රී කේන්දරයට පුරුෂ කේන්දරයේ ගැළපීම කෙසේද යන්න විමර්ශනාත්මකව බැලිය යුතුමය. එහිදී විවාහ දෝෂ කෙරෙහිද ඒවා භංග වන ආකාර කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ යුතුය. එවිට ඉතාම සාර්ථක, වාසනාවන්ත, ප්‍රීතිමත් යුග දිවියක් හිමිකරගත හැකිය. ඔබත් ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගෙන රූපය, අඟපසඟ, සිනහව, කතාව වැනි දෑට වශී නොවී ස්ත්‍රීන්ට මිලකළ නොහැකි ආභරණ බඳු වූ නිහතමානීකම, කීකරුකම, සරල චාම් බව, කරුණාවන්තකම, ගුණගරුකභාවය, දැහැමි බව වැනි උතුම් ගුණයන්ගෙන් හෙබි ළඳක් ඔබගේ අනාගත භාර්යාව ලෙස තෝරා ගන්න. එවිට ඔබගේ ඉදිරි අනාගත ජීවිතය ඉතාම සාර්ථක, ප්‍රීතිමත්, සැපත-සතුට උතුරා යන සෞභාග්‍යවත් එකක් වනු නියතය.

    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

කලාවට හෙටක් හදන්න ලක්ෂ්මන්ට බලය

Next Post

රනිල් අගමැතික‌මෙන් ඉවත්වෙයි: ආණ්ඩුව ‌ගෝඨාට බාරදෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.