OPPO Sri Lanka සමාගම සිය නවතම දුරකතන වන OPPO A9 2020 සහ OPPO A5 2020 දුරකතන මාදිලි මෙරට අලෙවි කිරීම පසුගියදා නිල වශයෙන් ආරම්භ කළේය. ඒ සඳහා විශේෂ උත්සවයක් කොළඹ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේදී පැවැත්විණි. OPPO A9 2020 දැන් වෙළෙඳපොළේ ඇති 8GB සහ Quad-Camera set-up සමගින් එන වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකතනය වන අතර OPPO A5 2020 දැන් වෙළෙඳපොළේ ඇති Quad-Camera සහිත වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකතනය ලෙස සැලකිය හැක.
මෙම දුරකතනවල 5000mAh බැටරියක් යොදා ඇති නිසා එය දවස පුරා දුරකතන භාවිත කිරීමට මෙන්ම වීඩියෝ ක්‍රීඩාවල යෙදීමටත් ඉතාමත් සුදුසු වේ. එමෙන්ම මෙම දුරකතන Reverse Charging හැකියාවෙන්ද යුක්තය. එපමණක් නොව මෙම දුරකතනවල ඇතුළත් Video Stabilization තාක්ෂණය නිසා ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී පවා ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගත හැකිවේ.
8GB RAM සහිත බැවින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේදී මෙම දුරකතන ඉතාමත් කාර්යක්ෂම බව, එම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනා තහවුරු කළහ. එමෙන්ම Dolby Atmos® නාද තාක්ෂණය නිසා එය වඩාත් උද්වේගකර සහ තෘප්තිමත් අත්දැකීමක් බවට පත්වන බව ඔවුන්ගේ අදහස විය.
OPPO A9 2020 දුරකතන දැන් රු. 59,990කට මිලදීගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී ඇති අතර Mirror Black හෝ Dazzling White වර්ණවලින් ඒවා ලබාගත හැක. රු. 44,990කට මිලදීගත හැකි OPPO A5 2020 දුරකතන Mirror Black හෝ Dazzling White යන වර්ණවලින් ලබාගත හැකිවේ.