• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2020 නායකයා ගැන ජ්‍යොතිෂවේදීන් කියන කතා

October 9, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
2020 නායකයා ගැන ජ්‍යොතිෂවේදීන් කියන කතා
Share on WhatsAppShare on Facebook

රටට හිතකර නායකයෙක් බිහිවීම අනිවාර්යයි
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එස්.ජේ.එස්. සමරකෝන්

2019 නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා අප රටට වැදගත්ම දිනයකි. හේතුව වර්ෂ 5ක් රට පාලනය කිරීම සඳහා රාජ්‍ය නායකයෙක් තෝරාගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීමයි.
මෙදින තත්කාලය ගැන සැලකීමේදී සෙනසුරාදා දිනයකි. රාහුට අයත් “අද” නැකැත පවතී. ජලවක තිථිය පවතින බැවින්ද, සෙනසුරාදා දිනයක් බැවින් සිද්ධි යෝගය පවතී. අටවිසි යෝග අතරින් “මුද්ගර” යෝගය පවතී. හිරු උදාවේ සිට ඉදිරියට පැය 2ක කාලයක් නම් ඉදිරියට අසුබය. මේ අනුව දිනය ජ්‍යොතිෂය අනුව මධ්‍යස්ථ දිනයක් බැව් පෙන්වා දිය හැකිය.
කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ මෙදින ලග්නාධිපති ගෝචරව 11 වැන්නෙත්, 11 වැන්න සහ 2 අධිපති ගුරු සහ 5 අධිපති බුධ සමඟ කුම්භ ලග්නයට යෝගකාරක සිකුරු රාජ්‍ය බලය පෙන්වන 10 වැන්නේ සංයෝග වී පවතී. මේ අනුව රට ගැන සිතන සත්‍යවාදී අයෙක් මෙන්ම ගුණවත් අයෙක් රටේ බලයට පත්වන බව ස්ථිරය. ඇත්තෙන්ම මෙදින පවතින ග්‍රහ පිහිටීම අනුව අනාගතය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකි නායකයෙක් පත්වෙයි. කිසිම බාධකයක්, අනතුරු, කලකෝලාහල නොමැති සාමකාමී මැතිවරණක් පැවැත්වෙන බව නම් පැහැදිලිය. ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන බැවින් රටට හිතකර නායකයෙක් පත්වීම වැළැක්විය නොහැකිය. මේ අනුව පවුලේ වාසනාවට නොව රටේ වාසනාවට නායකයෙක් බිහිවෙයි.
එක්සත් ජාතික පෙරමුණේ “හංසයාගෙන්” තරගවදින මිථුන ලග්නයෙන් උපන් සජිත් ප්‍රේමදාසගේ කේන්දරයේ මෙදින ගෝචර පල බැලීමේදී 2 අධිපති සඳු රාහු සමඟ ලග්නගත වීමත් රාහුට අයත් අද නැකැත පැවැතීම තුළ සුවණ නැකැතින් උපන් සජිත්ට 2 වැනි පාර්ශ්වයට අයත් බැවින් අයහපතක් නොවේ. නමුත් තරමක මානසික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. 7 සහ 10 අධිපති ගුරු භාග්‍යස්ථාන පෙන්වන 9 අධිපති සෙනසුරු සමඟ 7 වැන්නේ ගෝචර වීම තුළ හවුල් කටයුතු සාර්ථක වීම උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, පීඩිත ජනතාවගේ, සුළුජාතීන්ගේ සහයෝගය ලැබීමට වාසනාව පෑදේ. මේ අනුව ජාති, ආගම් භේදයකින් තොරව සහයෝගය ලැබෙනු ඇත.
මෙම කාලය තුළ සෙනසුරු මහ දශාවේ 5 සහ 12 අධිපති සිකුරු අතුරු දශාව වෙයි. තරමක බාධා ඇති වුවත් යහපත්ය. වෙශ්‍රි වෙශි, උභයචාරි රාජ යෝග බලය, විමල යෝගය පවතින බැවින් දේශපාලනය තුළ ඉහළටම යැවේ. පෙර පින් ඇති අයෙකි. එසේම 2019 නොවැම්බර් 16 වැනි සෙනසුරාදා දිනය සජිත් ප්‍රේමදාසගේ පෙර පින් වගේම වාසනාව මතුවන දිනයක් බව පෙන්වා දිය හැකිය.
ගෝඨාභය රාජපක්ෂ
වෘශ්චික ලග්නයෙන් ශනිට අයත් උත්‍රපුටුප නැකැතින් ජන්මය ලබා ඇත. මෙම කාලය තුළ රාහු මහ දශා වේ. රාහු අතුරු දශාව ගෙවයි. කාලය එතරම් යහපත් නොවේ.
නොවැම්බර් 16 වැනි සෙනසුරාදා රාහුට අයත් “අද” නැකැත පවතී. නැකැත අධිපති රාහු භාග්‍යස්ථාන අධිපති සඳු සමඟ 8 වැන්නේ ගෝචර වෙයි. ඇත්තෙන්ම මෙම පිහිටීම එතරම් සුබදායක නොවේ. එසේම වර්ෂ 7 1/2ක් පැවති ඒරාෂ්ටක අපල කාලයක අවසන් කොටස ගෙවයි. ලග්නාධිපති කුජ 12 වැන්නේ ගෝචර වීමද යහපත් නොවන බැවින් යහපතට වඩා අයහපත් දේවල් සිදුවෙයි. ජයග්‍රහණය තබා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ලැබේද යන්නද සැක සහිතය. මානසික වශයෙන් ඇති වන පීඩා වැඩි වන අතර, රාජ යෝග නොමැති මෙතුමාගේ ජයග්‍රහණය ගැන සැක සහිතය. පවුලේ පිනට මේ නායකත්වය හිමි නොවේ.

ජනතාවට ජය ගෙනෙන දවසක්
ජ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

ජනාධිපතිවරයකු පත්වන්නේ මැතිවරණය පවත්වන දිනයේ ලැබෙන මහජන ඡන්දවලිනි. ඔහුට පැවරෙන වගකීම රටේ ජනතාවගේ අපේක්‍ෂා ඉටුකිරීමයි. සෑම ජනාධිපතිවරයකුටම කලින් පැවති රජයේ ක්‍රියාදාමය හා මහජනතාවගේ අරමුණු කෙතෙක් දුරට ඉටුවීදැයි බලපායි.
මෙවර ජනාධිපතිවරණ දිනය තීරණය කෙරුණේ මැතිවරණ කොමිසමේ තීරණයක් අනුවය. එහිදී 2019 නොවැම්බර් 16 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකාවට නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ වරම හිමිවෙයි.
සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුවද අංක විද්‍යා ජ්‍යොතිෂය අනුවද අනාවැකි පලකිරීම අදූරදර්ශීය. ඊට තවම කාලය නොවේ. එනමුත් රේස් එකට අශ්වයාද, ජොකියාද බලපායි. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකක ගෝඨාභය රාජපක්‍ෂ මෙහෙයවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ගෝඨාභය රාජපක්‍ෂ යනු ජනාධිපතිවරයකුගේ සහෝදරයෙකි. සජිත් ප්‍රේමදාස යනු හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකි. ගතවූ ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බලා විශ්ලේෂණයක යෙදුනහොත් මෙවර ජනපතිවරණය පැවැත්වෙන දිනය අනුව රටට වැඩදායක වේද, කුමන අපේක්‍ෂකයා ජයග්‍රහණය හිමිකර ගැනීමට වාසනාවන්ත වේදැයි නිගමනය කළ හැකිය.
1999-12-21 පැවැති ජනපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජයග්‍රහණය කළාය. එදිනට තිබූ ජන්ම අංකය 21 = 3ය. එකතු අංකය වූ දෛව අංකය 7 වීය. එතෙක් පැවති රජයේ ක්‍රියාපිළිවෙත හා පාලන යුගය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණයට බලපෑමක් විය. ඇයගේ ජන්ම අංකය 3 නිසා ජනතාවට බුද්ධිය, ප්‍රභාව පහළ වූයේ බ්‍රහස්පතිට ද අයත් අංකය 3 වීම නිසාය. දෛව අංකයද 7 වීම තුළ දේශීය හා ජාත්‍යන්තර තලයේ ඇගයීමට ලක්විය. ජනතාවට කිසියම් සහනදායී තත්ත්වයක් ඇතිවිය. නමුත් එවක පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඇයට ඉමහත් අභියෝගයක් විය.
2005-11-17 ජනපතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් විය. මැතිවරණ දින අංකය 17 විය. එය අංක 8ය. දෛව අංකය ද 17 විය. එයද 8ය. එය සෙනසුරු නියෝජනය කරයි. එය ජනපතිටත්, රටටත් අභියෝගාත්මක වකවානුවක් විය. දේශීය හා විදේශීය වශයෙන් යුද්ධ වාතාවරණයකටත්, ආර්ථිකය ගොඩනැඟීමේ අභියෝගයටත් මුහුණ දීමට සිදුවිය. යළිත් 2010-01-26 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එහිදී ඔහුට අභියෝගය වූයේ එජාපය ඉදිරිපත් කළ හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාය. ජනපතිවරණ දිනය යෙදී තිබුණේ 2010-01-26ය. 12=3 ය. ගුරු නියෝජනය කරයි. එය ඔවුන්ටත්, ජනතාවටත් බුද්ධිමය තීරණයකට එලැඹීමට සිදුවිය. 26=8 ය. එයද සෙනසුරුට අයත්ය. ඉන්පසු වර්ෂ 5ක කාලයද දේශීය, විදේශීය බාධක හා දේශීය කෘෂි සංවර්ධනය ඉලක්ක සපුරාලීම අපහසු විය. සෙනසුරුට අයත් දිනය ජනපතිටත්, රටේ ජනතාවටත්, වැඩ කරන ජනතාවටත් අංක 8 සෙනසුරු බලපෑම නියෝජනය කෙරිණි. යළි 2015-01-08 ජනාධිපතිවරණයක් පැවැත්වුවත් එයද අංක 8 (ශනිට අයත් ජන්ම අංකය හා එකතු අංකය – 2015.01.08 = 17 = 8 ය.)
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ අතර, වරින්වර පාර්ලිමේන්තුව, අය-වැය, විධායකය, අධිකරණය අතර සමතුලිතභාවය බිඳවැටෙන්නට විය. 2005-01-08 සිට මෙවර ජනපතිවරණය වන විට අගමැති හා ජනපති අතර බලතුලනය දෙදරා ගොසිණි. 8 ශනි බලපෑම වැඩ කරන ජනතාව හා සාමාන්‍ය ජනතාව කරා ගමන් කර ඇත.
එජාපය මෙතෙක් පක්‍ෂයෙන් පිට අපේක්‍ෂකයා ලෙස සරත් ෆොන්සේකාවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාත් යෙදවූ අතර, මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති වීමේ වරම පක්‍ෂයේම ජනප්‍රිය තරුණ නායකයකුට පැවරීමට සිදුවිය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විධායකයට කළ අභියෝගය මෙන්ම අනාගතයේදීද එවැනි අභියෝගයන් එල්ල කිරීමේ ශක්තිය ඔහුට ඇත.
එසේම 2019-11-16 කෙබඳු වේද? මෙවර මැතිවරණ දිනය අංක 7ය. දෛව අංකය 3ය.
එවිට අංක විද්‍යා ජ්‍යොතිෂය අනුව අංක 7 නැප්චූන්ට අයත්ය. ඊට ලකී සෙවන් කියයි. මේ වාසනාවන්ත අංකය රටේ ජනතාවටද, අපේක්‍ෂකයාටද යන්න තීරණය කළ යුතුය.
දෛව අංකය 3 වීම තුළ ගුරු සිහි බුද්ධිය, ඥානය මෙහෙයවීම සිදුවෙයි. මෙවර පෙර මැතිවරණවලට වඩා තීරණාත්මක සාධකය වනුයේ ජනපතිවරණ දිනය පමණක් නොව ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ ප්‍රකාශන අංකයි. ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 23 දක්වා වෘශ්චිකයට අයත් වකවානුවකි. එය කුජට අයත්ය. අංක 9 වෙයි. ලේ රත්වන, ප්‍රකෝපවන, අනතුරු විපත් ඇති වෙයි. නොවැම්බර් 16 සෙනසුරාදා දිනයකි. වැඩ කරන ජනතාවට, ගොවීන්ට, කම්කරුවන්ට 7 සුබදායක වෙයි. 2019 නොවැම්බර් යනු අංක 14ට අයත්ය. 2019.11 = 14 = 5ය. මෙය බුධට අයත්ය. තර්ක-විතර්ක, වාද-විවාද මඟින් බුද්ධිය රජයන අවධියකි. ජනතාව සිය නුවණ, ප්‍රඥාව මෙහෙයවන වකවානුවක් වෙයි. තරගයට එන ප්‍රධාන අපේක්‍ෂකයන් වනුයේ ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් ප්‍රේමදාස බව දනිමු. ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රකාශන අංකය – 8+5 වෙයි. එනම් 13ය. = 4යි. (රාහුට හෙවත් යුරේනස්ට අයත්ය).
සජීත් ප්‍රේමදාසගේ ප්‍රකාශන අංකය – 4 සහ 6ය. 4+6 = 10 = 1යි.
මේ අංක දෙස බලන විට
ගෝඨාභය = අංක 8ය.
සජිත් = අංක 4ය.
මේ අනුව = ගෝඨාභය – 8 සෙනසුරු
සජිත් = 4 = රාහුය.
ශනි රාහු සටනක් මෙනි.
රාජපක්‍ෂ අංක 5ය – බුධ
ප්‍රේමදාස අංක 6ය – සිකුරු
වාසගම අනුව බුධ සිකුරු සටනකි.
මේ දෙදෙනාගේ ධාවනයට පසු පසින් සිටින නායකත්වයද බලපායි. මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මෙනි.
ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයද කිසියම් වාසි අවාසි බලපෑම් දෙදෙනාටම එල්ල වෙයි.
කෙසේ නමුත් 16 = 7 වාසනාවන්ත අංකයකි. ජනතාවට සුබපල ගෙනදෙයි.
වර්ෂය, මාසය, දිනය එකතු වූ විට අංක 3ය. ජනතාව සිය දැනුම බුද්ධිය ප්‍රභාව මෙහෙයවති.
ජනතාවටත්, රටටත්, ජාතීන්ටත්, ආර්ථිකයටත් වැඩදායී අපේක්‍ෂකයකු තේරෙනු ඇත.

එඩිතර දක්ෂ නායකයෙක් එනවා
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්දන වීරක්කොඩි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි ජනාධිපති තෝරාගැනීම සඳහා වන ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත බැවින් එදින පවතින ග්‍රහ තත්ත්වයත්, ඉදිරියේදී සිදුවන ග්‍රහ මාරුත් ජ්‍යොතිර් විද්‍යාත්මකව ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව සලකා බැලීම කාලෝචිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජන්ම පත්‍රයක් නිර්මාණය කිරීමේදී පදනම වශයෙන් භාවිත කර ඇත්තේ 1948 පෙබරවාරි 04 වැනි දින පෙරවරු 10.10ට ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වේලාවයි. එම අවස්ථාවේ උදාවෙමින් පැවැති ලග්නය කුම්භ ලග්නයයි. 2019 නොවැම්බර් 16 වැනි දිනද ශ්‍රී ලංකාවට විශේෂ දිනයක් වන බව නොඅනුමානය. මෙදින ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ග්‍රහයන් ගෝචර වන ආකාරය මෙසේය.
හත්වැනි ජනාධිපති තෝරාගැනීම සඳහා පවත්වන ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ඇතිවිය හැකි සමාජ – ආර්ථික සහ දේශපාලන තත්ත්වය සලකා බලමු.
ලෝකායත ජ්‍යොතිෂයට අනුව රටකට අයත් ලග්නාධිපති 11 වැන්නේ ගමන් ගන්නා අවස්ථාවක රටක පාලන බලය ලබාගන්නා තැනැත්තාට නව ජාතික සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර, රටේ ජාතික නිෂ්පාදනය වැඩිදියුණු කර, ජාත්‍යන්තර පැසසුමට ලක්වීමට අවස්ථාව ලැබේ. කර්මාන්ත හා විද්‍යා කටයුතුවල දියුණුවක් ඔහුගේ පාලන කාලය තුළදී ඇතිවේ. ජාත්‍යන්තර උදව් නොඅඩුව ලැබෙන අතර විදේශ ආයෝජන රට තුළට ගලා ඒ.
නව ජනපති පත්වන අවස්ථාව වන විට ලංකා කේන්දරයේ පස්වැනි භාවයේ සඳු සහ රාහු ගමන් කරමින් සිටීමෙන් දේශපාලන කුමන්ත්‍රණ, ජනතා අරගල, දුරාචාරය ව්‍යාප්ත වීම, කම්කරු අරගල, වසංගත, සුළිසුළං, ජලගැලීම්, නියඟ වැනි කටුක අත්දැකීම් රාශියකටද මුහුණදීමට සිදුවන අතර මේ හැම දෙයකටම එඩිතරව මුහුණදී ඒවා ජයගත හැකි නව ජනපතිවරයෙක් නොවැම්බර් 16 දින බලයට පත්වන බව පෙනීයන කරුණකි.
අමාත්‍ය මණ්ඩලය, රජයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්, විනිසුරුවරුන්, බලගතු දේශපාලන නායකයන් යන අයගෙන් එල්ලවන විරුද්ධ අදහස් පාලනය කරගැනීම නිරතුරුවම නව ජනපති මුහුණ දෙන ප්‍රබල අභියෝගයකි.
ත්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීම නව ජනපති මුහුණ දෙන තවත් අභියෝගයක් වන අතර ඔහුගේ පාලන සමය තුළදී බෝම්බ පිපිරීම්, වනාන්තර ගිනිගැනීම ආදියටද මුහුණදීමට සිදුවේ.
කලා කෘති නියමිත ඇගයීමට ලක්වන කාලයක් වන අතර ජන සමාජය තුළ කාන්තාවගේ ආරක්ෂාව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වේ.
කෘෂිකර්මාන්තය පිළිබඳ තිබෙන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවක්ද පෙනේ. කෘෂි නිෂ්පාදන මිල පහළ යෑම, ආර්ථික භෝගවලට වැලඳෙන වසංගත රෝග, ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග සහ ශ්‍රී ලාංකික තේ පිළිබඳ තිබුණු පිළිගැනීම නැතිවීම නව ජනපතිට ජයගත නොහැකි අභියෝග වනු ඇත.


SendShareShare
Previous Post

ශ්‍රීලනිපය ‌ගෝඨාට යන තීන්දුව ඊ‌යෙම අපි කිව්වා

Next Post

ගෝඨා දුමින්දගේ ‌ගෙදරටම යයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.