පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ නිවෙසටම ගොස් තමන් සමග එක්ව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ලෙසට ඒ මහතාට ආරාධනාවක් කර ඇත.
දුමින්ද දිසානායක මහතා යනු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග 2010දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට පැමිණි මන්ත්‍රී කණ්ඩායමේ සිටි ප්‍රධානියෙකි.
ඉන් අනතුරුව දුමින්ද ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වශයෙන්ද කටයුතු කළ අතර මේ වනවිට ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායකවරයාය.
කෙසේවෙතත් අද (09) අනුරාධපුරයේ පැවැත්වෙන ගෝඨාභයගේ මංගල රැස්වීමේ වේදිකාවටද දුමින්ද දිසානායක මහතා ගොඩවීමට නියමිතය.