ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බව අද (09) නිල වශයෙන් නිවේදනය කළේය.
පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය කළ අතර දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක අද අනුරාධපුරයේ පැවැත්වෙන පළමු රැලියට සහභාගී වන බව ද කියා සිටියේය.
කෙසේවෙතත් අප ඊයේ ‘මව්රටට විශේෂයි’ පුවතක් පළ කරමින් මේ බව පළමු වරට රටට අනාවරණය කර සිටියේය.