• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නොවැම්බර් 05 ගුරු මාරුව උත්පත්ති කේන්දරයට බලපාන හැටි

November 4, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
නොවැම්බර් 05 ගුරු මාරුව උත්පත්ති කේන්දරයට බලපාන හැටි
Share on WhatsAppShare on Facebook

සූර්යයාට පමණක් කුඩා වූ ගුරු තරුව නැකැත් තරුවලට පිටින් ගමන් කරයි. රශ්මි පැතිරීමද සූර්යයාට පමණක් දෙවැනි වෙයි. එහෙත් සිකුරු තරුව පමණ දීප්තිමත්ව අපට නොපෙනේ. සූර්යයාගේ සිට හැතැප්ම 483,000,000ක් දුරින් මෙය පිහිටා තිබේ. ගුරු තරුව ප්‍රමාණයට වඩා මැදින් පිටට නෙරා තිබේ. එපමණ මැද පිටට නෙරූ වෙනත් තරුවක් නැත. ගුරු ලග්නයේ සිටින ජන්මීන්ගේ ශරීර මහත් වන බවත් ගුරු බලවත් වූ විට මහත් වූ ශරීර ඇත්තන් උපදින බවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පුරාතනයන් විසින්ද උගන්වා තිබේ. අති පුරාණයේ ගුරු ග්‍රහයා – ගුරු – මෙන් සලකා තිබේ. බොහෝ ආගම්වලටද සම්බන්ධ කරගෙනද තිබේ. කෙසේ නමුත් සෑම ජාතියකුම ගුරුට දී තිබෙන නාමය නම් ගුරුන් වහන්සේ හෙවත් යුක්තිය පසිඳලන්නා යන්නයි.
මෙසේ නම් දරන ගුරු සාමාන්‍යයෙන් භාවයකින් තවත් භාවයකට මාරුවීමට වසරකට ආසන්න කාලසීමාවක් යොදාගන්නා අතර, මෙවර වෘශ්චික රාශියේ රැඳී සිටි ගුරු ග්‍රහයා නොවැම්බර් 05 වැනිදා අලුයම 05.25ට ධනු රාශිය කරා සැපත් වීමට නියමිත වන්නේය. නෛසර්ගික ගුරු ග්‍රහයා උපතින්ම යහපත් බැවින් ජන්මීන්ට බොහෝ අශුභ පල නොදේ. එසේම ගුරු උත්පත්ති කේන්ද්‍රයේ උපතින්ම පිහිටන ආකාරය අනුව ජන්මීන්ට අනේක පලද උදාකර දෙනු ඇත. මෙවර මෙමගින් විමසා බලනුයේ එවන් අයුරින් ගුරු කේන්ද්‍රයේ උපතින් පිහිටන ස්ථානය අනුව කවර ගුණ අගුණ ඔබට උරුම කර දෙනවාද යන්නයි.

ගුරු ලග්නයේ
ගුරුට ලග්නය බලවත් ස්ථානය වෙයි. ලග්නයේ සිටින ගුරු අන්‍ය ග්‍රහයන්ගෙන් යෙදෙන අරිට්ඨ යෝග භංග කරයි. සිංහ ලග්නයේ දී එසේ නොවේ. ලග්නයේ ගුරු සිටියදී උපන් තැනැත්තා නිරෝගී වූ යහපත් ස්ථුල ශරීරයක් ඇත්තෙක් වෙයි. සියලු කාර්යයෙහි වැඩි දියුණුව ගෙන දෙයි. ධනය, ඥානය, කීර්තිය දෙනු ඇත. දීර්ඝායුෂද ලබාදෙනු ඇත. සියලු අකල විපත්වලින් මුදවයි. ගුරුට ඉතාම යෝග්‍ය ස්ථානය ලග්නය හෙවත් පළමුවැන්න වෙයි.
ගුරු දෙවැන්නේ
ගුරුට දෙවැන්නද යහපත් තැනකි. දෙවැන්නේ ගුරු සිටියදී උපන් තැනැත්තා මනසින් නොවැටෙයි. වැටුණ ගමන් නැඟිටී. සමහර විට කලින් සිටියාට වඩා උසස්ව නැඟිටී. කෙසේ හෝ වුවමනා කාරියට ධනය ලබාගනී. තර්කානුකූල ඥානාන්විත වචන වෙයි. මුහුණ ප්‍රිය වෙයි. පවුලටද ඉතා හිතවත් වෙයි. භාර්යාවටත් , දරුවන්ටත් උසස් ලෙස සලකති. මෙය හොඳ ධන යෝගයකි.
ගුරු තුන්වැන්නේ
තුන්වැන්නට ගුරු එතරම් යහපත් නොවේ. තැනින් තැනට යන්නට සිදුවේ. ලෙහෙසියෙන් රෝග බෝවෙයි. පසුකාලයේ අභ්‍යන්තර ශරීර දුර්වලතාව ඇතිවේ. බාල කාලයේ ගුරුගේ දසාව ලැබුවොත් ඉගෙනීමට යහපති. සහෝදර සහෝදරියන්ට හිතවත් වෙයි. තුනේ සිටි ගුරුගෙන් ශුභ පල දීම කෙරෙන්නේ ඉතා බලවත්ව සිටියොත් පමණකි. දරුණු සන්නිපාත රෝග සාදයි.
ගුරු සිවුවැන්නේ
ගුරු හතරට ඉතා යහපත් වෙයි. හතරේ ගුරු සිටියදී උපන් අයට හොඳ ගෙවල් දොරවල් හා ඉඩම් ලැබේ. මවුපියන්ගේ හා වැඩිහිටියන්ගේ ගෙවල් දොරවල් ඔහුට අයිති වෙයි. නෑදෑයන්ටද හිතවත් වෙයි. ඥාතීන්ද ඔහුට උසස් ලෙස සලකයි. යහපත් යාන වාහන ඇති අයෙකි. තමාගේ ගමේ ස්ථිර වාසය ඇත්තෙකි. ජීවිතයේ අග කොටස සැප සේ ගත කරන්නට ලැබේ.
ගුරු පස්වැන්නේ
ගුරු ත්‍රිකෝණ රාශියක් පහට යහපති. යහපත් ඉගෙනීම ලබාදී පණ්ඩිත ගුණ ඇති අයකු කරයි. ගුරු පහේ සිටි අයගේ බාල පුත්‍රයෝ කීකරු යහපත් අය වෙති. යහපත් විශ්වාසය ඇති අයකු වෙයි. අඹුදරු ආදීන්ට ඉතා හිතවත් වෙයි. සියලු ශුභ පල දෙයි. පහ ගුරුගේ රාශියක් වූ විට දරුවන් දියුණුවේ. පහේ ගුරු සිටින විට ශුභ පල දෙන තැන් බොහෝ හමු වී තිබේ.
ගුරු හයවැන්නේ
ගුරුට තුන මෙන්ම හයද ශුභ ස්ථානයක් නොවේ. හයේ සිටි ගුරු ලෙඩ රෝග ලෙහෙසියෙන් බෝකරයි. එහෙත් නැන්දලා මාමලාගෙන් ඇප උපකාර ලබාදෙයි. යහපත් මෙහෙකරුවෝද වෙති. ගව මහීශාදිය බෝවෙති. ණය වීමට භය ඇති අයෙකි.
ගුරු සත් වැන්නේ
ගුරු සත් වැන්නේ සිටියදී උපන් අයට යහපත් විවාහයක් සිදුවේ. භාර්යාවගෙන් වැඩිදියුණුව ලැබේ. විවාහයෙන් පසු දියුණු වෙයි. කොටස්කාර ව්‍යාපාරවලින් ආදායම් ලබයි. විවාහයෙන් පසු ජීවිතය ඉතා යහපත් සේ ගතකරයි. රට තොටේ ප්‍රකට කෙනෙක් වෙයි. නිලතල දැරීමට සුදුස්සෙකි. ගුරුට හත පෙනීමද විවාහයට යහපති.
ගුරු අටවැන්නේ
ගුරු අටට ශුභ නැත. එකම යහපත අටේ ගුරු සිටියදී උපන් අයගේ මරණය දුක නැති එකක් වීමයි. මරණ අවස්ථාවේ ගුරු අටේ සිටියත් එවැනි මරණයකට භාජනය වෙයි. විවාහයෙන් දේපොළ ලැබීමටත් වැඩිහිටි අයගෙන් දේපොළ ලැබීමටත් ඉඩ තිබේ. පියාට එතරම් ගුණ නැත.
ගුරු නව වැන්නේ
ගුරු බලවත් ත්‍රිකෝණය වූ නවයට ඉතාමත් යහපත් වෙයි. සියලු යසඉසුරු ලබාදෙයි. ධර්මිෂ්ටභාවය, උසස් ශාස්ත්‍ර ඉගෙනීමට ලැබේ. මවුපියන්ට, වැඩිහිටි ගුරුවරුන්ට ඉතා ගරුසරු කරයි. ගමට තමාගේ ප්‍රදේශයට ගුරු වෙයි. සීලවන්තයකු ලෙසින් අන්‍යයන්ගෙන් ගරු සැලකිලි ලබයි. ගුණවතෙක්ව සිට මැරෙයි.
ගුරු දසවැන්නේ
ගුරු දහයට යහපති. ස්ථිර වෘත්තියක හෙවත් රක්ෂාවකට මගපාදයි. යහපත් ශරීරයක් ලබයි. බොහෝ විට ස්ථානයේ ප්‍රධානියෙක් වෙයි. අඩියෙන් අඩිය දියුණු වෙයි. ගුරුගේ මහ දශාව හොඳ වයසේදී ලැබුවොත් ඉතා උසස් වෙයි. ආණ්ඩුවේ තනතුරුවලට යහපත් පිහිටීමකි. ගුරුට අයිති ස්ථානවලට සම්බන්ධ කාරණා දියුණු කරයි.
ගුරු එකොළොස්වැන්නේ
ගුරු එකොළොස්වැන්නටද යහපත් තැනකි. යහතින් කල් ගෙවීමට හැකි වේ. අවශ්‍ය දේ කෙසේ හෝ ලැබෙයි. දුප්පතා වුණත් අඩුවක් නොදැනේ. වෘත්තියක යෙදුණොත් බොහෝ ලාභ ලැබේ. යහපත් මිත්‍රයන් ඇතිවේ. රට වෙනුවෙන් වැඩ කරන්නෙක් වෙයි. තුනේද ශුභයකු නම් බිරියට යහපත් පිහිටීමකි. එකොළහේ ගුරු දරු සම්පත් අඩු කරන ගතියක්ද පවතී.
ගුරු දොළොස්වැන්නේ
ගුරු දොළොස්වැන්නට එතරම් ශුභ නැත. හිර අඩස්සි, පිටරට දුක් කරදර සහිත ගමන් , රෝග පීඩා, සතුරු අනතුරු ආදී අශුභ පල දෙනු ඇත. බලවත් රාශියක සිට රවි සඳු ආදීන්ට පෙනුණොත් මහජන සේවකයකු හෝ රට වෙනුවෙන් වැඩ කරන්නකු හෝ කරයි. රෝගීන්ට, දුර්වලයන්ට ඇප උපස්ථාන කරන්නකු වෙයි. හොඳ සාත්තුකාරයකු වෙයි. නඩුවලට බොහෝ වියදම් කරයි. එක්කෝ නඩුවලින් පරදියි. දොළහ ගුරුට නරක තැනකි.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

සම්මානනීය ‘තාත්තා’ගේ තාත්තා

Next Post

කතෝලික රදගුරු සභාව බැලන්ස් ‌වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.