• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නිවුන් දරු උපතකින් පසු බිහිවූ බලගතු පලාපල ශාස්ත්‍රය

January 9, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
නිවුන් දරු උපතකින් පසු බිහිවූ බලගතු පලාපල ශාස්ත්‍රය
Share on WhatsAppShare on Facebook

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යනු නිරයන භාව කේන්දරයේ භාව මධ්‍ය ස්ඵූට හා ග්‍රහස්ඵුටත් උතුම් පරාශර ඍෂි තුමන්ගේ විංශෝත්තරී දශා ක්‍රමයේ ඒ ඒ ග්‍රහයන්ට ලබාදී ඇති කාලසීමාවනුත් යොදාගනිමින් නිර්මාණය කළ සියුම් බෙදීම් සහිත නැකැත මත පදනම් වූ නැකැතට සුවිශේෂී ස්ථානයක් හිමිවන පද්ධතියකි. මෙහිදී ක්‍රිෂ්ණු මූර්ති පඬිතුමන් සුවිශේෂී ජ්‍යොතිෂ හර පද්ධතීන් මෙන්ම වටිනා ජ්‍යොතිෂ න්‍යායන් හොඳින් අධ්‍යයනය කර ඒවා මැනැවින් ගළපා කළමනාකරණය කිරීම තුළ භාව පදනමින් නැකැත නවග්‍රහයන්ට ගළපා ඇත. එහිදී නව ග්‍රහයන් ලෙස කේතු, සිකුරු, රවි, සඳු, කුජ, රාහු, ගුරු, ශනි හා බුධ ජන්මියකුට විංශෝත්තරී දශා උදාවන අනුපිළිවෙළින්ම තම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට යොදාගෙන ඇති ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා මෙම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යම් ජන්මියකු උපන් මොහොතට සේම තත්කාල ශාස්ත්‍රයට අනුව යම් ප්‍රශ්නයක් විමසූ මොහොතටද යොදාගත හැකි ලෙස නිර්මාණය කර ඇත.

මෙතුමා වටිනා ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය බිහිකළේ නිවුන් දරු උපතක විශ්ලේෂණ තොරතුරු පදනම් කරගෙන බව සඳහන් වෙයි. සාමාන්‍යයෙන් නිවුන් දරු උපතකදී ශෝඩස වර්ගය ආදී කොට ඇති වර්ග කේන්දර සටහන් අතුරින් බොහොමයක්ම සමාන වුවත්, ඇතැම් වර්ග කේන්ද්‍ර සටහන් සමාන නොවීම මත නිවුන් දරුවන්ගේ ජීවන රටාව එකිනෙකාට වෙනස් වීම සුලබව නිරීක්‍ෂණය කළ හැකිය. එලෙස අසමාන ජීවන රටාවකට මොවුන් උරුමකම් කීවේ මන්ද යන්න සියුම්ව පුළුල් ලෙස නිවැරැදිව විග්‍රහයට ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා මෙම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යොදා ගත්තේය.

මෙහිදී මෙතුමා රාශි 12කින්ද, නැකැත් 27කින්ද, නැකැත් පාද 108කින්ද සමන්විත වූ විශ්වයේ රාශි චක්‍රය තව තවත් සියුම් වනසේ අනු කොටස්වලට බෙදීය. එහිදී එතුමා නැකැත් අධිපති, උප අධිපති, උප උප අධිපති උප උප උප අධිපති ක්‍රමය විංශෝත්තරී දශා ක්‍රමය හා බද්ධ කරන ලදී. එහිදී විංශෝත්තරී දශා ක්‍රමයේ නව ග්‍රහයන් සඳහා ලබාදී ඇති දශා කාල විංශෝත්තරී දශාවේ සම්පූර්ණ දශා කාලට එකතු වූ අවුරුදු 120 හා ගළපා ඇත. එනම් පෘථිවිය කේන්ද්‍ර කරන අහස් ගෝලය හෙවත් ඛා ගෝලයේ 3600 නැකැත් 27න් බෙදා එක නැකැතක ප්‍රමාණය ලෙස 13020′00″ හෙවත් 000 800′ 00″ යන ප්‍රමාණය භාවිතයට ගෙන එම ප්‍රමාණය නැවැත නැවැත බෙදීම්වලට ලක්කොට උප අධිපති, උප උප අධිපති හා උප උප උප අධිපති ලබාගෙන ඇත.

එහිදී මුලින්ම නැකැතක ප්‍රමාණය වූ 13020′00″ ග්‍රහයන් නව දෙනා අතරේ බෙදා ඇත. 13020′00″ යනු ඉහතදී සඳහන් කළ ලෙසම කලාවලින්ම ගත්කල කලා 800කි. ඒ මෙසේය. 130×60 = 780′+20′= 000800′00″, තවද 13020′00″×09= 120000′00″ වෙයි. එහි පදනම අවුරුදු 01 = 010ය. තවද 010 ගමන් කිරීමට විනාඩි 04ක් ගතවෙයි. (පැය 24 − 3600 = 00.04.00) එම නිසා විනාඩියකදී කලා 15ක් ගමන් කරයි. (010−04=00015′00″) එසේම තත්පරයකදී විකලා 15ක් ගමන් කරයි. (00015′00″−60= 00000′00″)

කර්ම සිද්ධාන්තය මත පිහිටා ඇති මුළු ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියම ක්‍රිෂ්ණ මූර්ති කුඩා භාවයන් නැකැතට යොදා ගනිමින් සියුම් වන ලෙස අනු කොටස්වලට බෙදා දැක්වූයේ ඉහත සඳහන් ලෙසම විනාඩි 04කදී 010 ගෙවී යන්නා සේම එක් විනාඩියකදී කලා 15ක්ද එක් තත්පරයකදී විකලා 15ක්ද ගෙවී යන පදනමිනි. එහිදී එතුමා මුලින්ම නැකැත් 27 නව ග්‍රහයන් යටතේ උප ස්ථාන හෙවත් උප කොටස්වලට බෙදා රාශි චක්‍රය තුළ උප ස්ථාන 243ක් ලබා ගත්තේය. ඒ 27×09= 243 ලෙසය. එහිදී රාශි චක්‍රයේ මේෂ – වෘෂභ, මිථුන – කටක, සිංහ – කන්‍යා, තුලා – වෘශ්චික, ධනු – මකර, කුම්භ – මීන යන රාශි සන්ධිවල යෙදෙන උප ස්ථානයන් ඉහත සඳහන් රාශි දෙකටම බැගින් අයත් වෙයි. එවිට සෑම රාශි සන්ධියකම දෙපස එකම ග්‍රහයකු විසින් පාලනය කරනු ලබන අතිරේක උපස්ථාන 06ක් නිර්මාණය වෙයි. එම නිසා මුලින් ලබාගත් උපස්ථාන 243ට අතිරේක උපස්ථාන 06ද එකතු කළ විට රාශි චක්‍රය තුළ උපස්ථාන 249කි. ඒ මෙසේය. (243+06=249) මෙලෙස උපස්ථාන දීර්ඝ ලෙස දිගින් දිගට බෙදීම හුදෙක් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියටම ආවේණිකය.

සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී වර්ග කේන්දර ලෙස රාශියක් හෙවත් 300ක් ෂෂ්ටාංශකයකට හෙවත් කොටස් 60කට බෙදයි. ඒ අනුව රාශි චක්‍රය කොටස් 720කට බෙදී යයි. ඒ 60×12= 720 ලෙසය. එසේම ඊටත් වඩා සූක්‍ෂ්ම ලෙස ඇතැම් නාඩි ජ්‍යොතිෂ ක්‍රමවලදී රාශියක් හෙවත් 300ක් කොටස් 600කට බෙදයි. ඒ අනුව රාශි චක්‍රය කොටස් 7200කට බෙදී යයි. ඒ 600×12=7200 ලෙසය. ඒ නමුත් මේ සියල්ලටම වඩා අති සූක්‍ෂ්ම ලෙස රාශි චක්‍රය ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමයේදී උප උප උප ස්ථාන දක්වා කොටස් 19,689කට බෙදීම සිදුකරයි. මෙම අනු කොටස බෙදීම අනෙක් සියලු බෙදීම්වලට වඩා ඉතා සියුම්ය. සූක්‍ෂ්මය. එම උප උප උප ස්ථාන 19,689 දක්වා ගණනය කර ගන්නේ මෙසේය.
නැකැත් නවග්‍රහයන් අතිරේක උපස්ථාන

  • උප ස්ථාන = 27×09 = 243+06 = 249
  • උප උප ස්ථාන = 243×09 = 2,187+06 = 2193
  • උප උප උප ස්ථාන = 2187×09 = 19683+06 = 19689
    මෙම පදනමින් ක්‍රිෂ්ණ මූර්ති උපස්ථාන බෙදීමේ වගුව නිර්මාණය කර ඇති ආකාරය අවබෝධ කරගත හැකිය. එහිදී අතිරේක උපස්ථාන 06 නිර්මාණය වන ආකාරය හොඳින් නිරීක්‍ෂණය කළ හැකිය. මේ සඳහා මුලින්ම නැකැත් තැන බැගින් ඒ ඒ ග්‍රහයාගේ මහ දශාව අයත් වන ආකාරයක් ඒ ඒ මත දශාවට හිමි වර්ෂ ප්‍රමාණයක් දැනගත යුතුය. එපමණක් නොව එම නැකැතේ යෙදෙන අනු පිළිවෙළින් එම නැකැත් භාණ්ඩයන්ට හිමි මහ දශා උදාවන අනුපිළිවෙළත් එම මහ දශාවන්ට හිමි වර්ෂ ප්‍රමාණයන්ගේ එකතුව අවුරුදු 120 බවත් හොඳින් තේරුම් ගත් කළ නව ග්‍රහයන්ට අදාළව උප අධිපතීන්, උප උප අධිපතීන්, උප උප උප අධිපතීන්ද ගණනය කරගත හැකිය. එවිට ඉතාම පහසුවෙන් ක්‍රිෂ්ණ මූර්ති උපස්ථාන බෙදීමේ වගුව නිර්මාණය කරගත හැකිය. එලෙස සකසා ගන්නා ක්‍රිෂ්ණ මූර්ති උපස්ථාන බෙදීමේ වගුව ආධාරයෙන් යම් භාව ස්ඵුටයකට හෝ යම් ග්‍රහස්ඵුටයකට එහි රාශි නාමයෙන් රාශි අධිපතිද භාව ස්ඵුටය හා ග්‍රහස්ඵුටය ආධාරයෙන් නැකැත හා නැකැත් අධිපතිද ඉන් අනතුරුව උප අධිපති, උප උප අධිපති හා උප උප උප අධිපතිද සොයාගත හැකිය.

    එලෙස වනූත්පන්න කරගන්නා රාශි අධිපති, නැකැත් අධිපති, උප අධිපති, උප උප අධිපති හා උප උප උප අධිපති කේන්දරයක සියුම්, නොවරදින පලාපල කථනයට උපකාරීය. එලෙස පලාපල කථනයේදී ග්‍රහයාට නොව නැකැතට මූලිකත්වය දීම තුළ අඩමාන පලාපල අනාවැකි පැවැසීම වැළැකී යයි. තවද යම් භාව ස්ඵුටයක හෝ ග්‍රහස්ඵුටයක ක්‍රියාකාරීත්වය එහි නැකැත හිමි ග්‍රහයාගේ නිවේදකත්ව අනුව සිදුවෙයි. මෙම නිවේදකත්ව සොයා ගැනීම සඳහා අදාළ ක්‍රමවේදයනට අනුකූලව භාව නිවේදකත්ව හා ග්‍රහ නිවේදකත්ව සකසා ගතයුතුය. එලෙස ග්‍රහ නිවේදකත්ව නැකැත් අධිපතිව හා උප අධිපතිට අනුරූපව සොයාගත යුතුය.

    ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමයට අනුව කිසිදු භාවයක් හෝ කිසිදු ග්‍රහයෙක් සුබ හෝ අසුබ නොවන අතර, ග්‍රහයන්ගේ අස්ත වීම්, උදාවීම්, වක්‍රවීම්, නිවෘත වීම් ආදියද නොසලකයි. එනමුත් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේදී බාධක බලයට නම් සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. කෙසේ නමුත් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ඉතා පුළුල් පරාසයක පැතිර පැවැතීම නිසා එහි අන්තර්ගත දේ බොහෝය. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය සම්බන්ධව ඔබ උනන්දු වන්නේ නම් ඒ සම්බන්ධව විද්වතුන් ලියූ පොතපතද කියවා දක්‍ෂ, උගත් ක්‍රිෂ්ණ මූර්ති උගන්වන ගුරු, ඇසුරකට යොමුවිය යුතුමය. එවිට ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය මැනවින් හැදෑරීමට හැකිවනු නිසැකය.
    ජ්‍යොතිෂවේදී ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

ටිටී කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා

Next Post

නොගැලපෙන චරිත කරලා නම කැත කරගන්න බැහැ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.