• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නාසය කවාකාර නම් තත්ත්වය බරපතළයි

December 19, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
නාසය කවාකාර නම් තත්ත්වය බරපතළයි
Share on WhatsAppShare on Facebook

කෙනකුට තවත් කෙනකු ගැන දැනගත හැකි මාර්ග රාශියකි. ඒ අතරින් විවිධ අය කියන කටකතා එහෙමත් නැතිනම් ඒ අයම තමන් සමඟ කියන දේවල් ඇසුරින් බොහෝ දේ දැනගනී. එහෙත් මේවාට අමතරව කිසිවකු නොකියා කිසිවකුට නොදැනී කෙනකු ගැන දැනගැනීමට හැකි ශාස්ත්‍රයක් ලෙස අංග ලක්‍ෂණ ශාස්ත්‍රය හඳුන්වා දිය හැකිය. ඒ අනුව එකිනෙකාගේ ශරීරයේ විවිධ වූ අංගයන් භාවිත කර බොහෝ දේ හඳුනා ගැනීමට හැකි අයුරින් නූතන ඍෂිවරු මෙම ශාස්ත්‍රයේ කරුණු පෙන්වා දී තිබේ. අංග ලක්‍ෂණ ශාස්ත්‍රයේදී ස්ත්‍රි ශරීරාංග ගැන වැඩි ඉඩක් වෙන්කර ඇති බවකුත් පෙනෙන්නට තිබෙන අතර, ස්ත්‍රීන් සම්බන්ධව ඉතා නිවැරැදිව හඳුනාගැනීමක් කරන්නට එම කරුණු ඉවහල් වී ඇති බවක් පැහැදිලි වෙයි. එසේම පුද්ගල ගතිගුණ ගැන ඉතාමත් නිවැරැදිව හඳුනා ගැනීමටද අංග ලක්‍ෂණවලින් හැකි බව ඍෂි මතය වී ඇත. එහිදී පිරිමි පුද්ගලයන්ගේ ගතිගුණවලට වඩා ස්ත්‍රීන්ගේ ගතිගුණ ගැන සමාජයේ වැඩි අවධානයක් යොමු වන අතර, ඒ අනුව ස්ත්‍රියකගේ නාසයේ හැඩයෙන්, පෙනුමෙන් හෙළිවන තොරතුරු මොනවා දැයි බලමු.

පහතට එල්ලෙන හැඩයේ නාසය
සැමියාගේ වැරැදිම සොයමින් ඔහු කරන සියල්ලට විරුද්ධව කටයුතු කරන්නියක් වන අතර, පරපුරුෂ ඇසුරට ආශා කරන්නියකි.

සිහින් සිදුරු ඇති දික්වූ නාසය
දුර – දිග සිතා බලන බුද්ධිමත්, අයකු වන අතර, සමාජයෙන් ගරු නම්බුනාම සහ උසස් තනතුරු ලබන්නට වාසනාව ඇත.

අග මහත්වූ රතු පැහැති නාසය
විවාහය අසාර්ථක වීමට හේතු යෙදෙයි. සැමියාගේ ප්‍රතික්‍ෂේප කිරීමට ලක්වෙයි. ජීවිතයේ ප්‍රශ්න, කරදර නිමාවක් නැත.

පැතැලි නාසය
කපටිකම් හොඳින්ම දන්නීය. ස්ත්‍රීන්ගේ මායම් ඉතා හොඳින් දන්නීය. ධනය සෙවීමේ දක්‍ෂතා දක්වන අතර, ආත්මාර්ථකාමීය. ජීවිතයේ අවසන් කාලය සතුට අඩු වෙයි.

උල් වූ සිහින් නාසය
ඉගෙනීමට, කලාවට දක්‍ෂය. බුද්ධිමත් බවින් යුතු අතර, ආත්මාර්ථකාමීය. අනුන්ට උදව් කිරීමට අකැමැතිය. නිතර අනුන්ගේ සිත රිදවන්නීය.

මොළොක් වූ නාසය
සමාජශීලීය. එහෙත් ඉන් ප්‍රයෝජන නොගන්නා අතර, චාම් ජීවිතයකට ප්‍රිය කරයි. ඇය නිවෙසට වාසනාව ගෙන එන්නීය.

නාසයේ අග පැතැලි ස්ත්‍රිය
බුද්ධිමත් නැත. බාල කාලයේම අතවර විඳින්නීය. ජීවිතය ගැන ගැඹුරින් නොසිතයි. ලැජ්ජා, බය නැත. හැඟීම්වලට වහල් වන්නීය.

මධ්‍යම ප්‍රමාණයේ සාමාන්‍ය නාසය
බුද්ධිමත් කාන්තාවකි. යුක්තිගරුකයි. මෙවන් ස්ත්‍රිය දයාවෙන්, කරුණාවෙන් පිරිපුන්ය. දරු මුනුපුරන්ගේ ආදරය ලබන්නීය. දිළිඳුකම් දුරලා ධනය ලැබීමේ වාසනාව ඇත.

රවුම් හැඩැති දික්වූ නාසය
බොහෝ දෙයට දක්‍ෂය. ආගමට – දහමට ළැදිවෙයි. ගුණවන්තය. ඉක්මනින් කෝප වෙයි. සැමියාගේ වැරැදි දුටුවිට කිපෙයි. දඬුවම් දෙයි.

සිහින් හැඩ මැදින් වළගැසුණු නාසය
සැමියාගේ ආදරය නොලබයි. අවාසනාවන්ත වෙයි. සමාජයේ ගෞරවය නොලබයි. නිතර නිතර පසුතැවීම් ඇති වෙයි.

අග මහත මැදින් වළගැසුණු නාසය
මේ අය අන් අයට ඊර්ෂ්‍යාකාර, ගතිගුණ වැඩි වෙයි. අන් අයගෙන් පළිගන්නාසුලු වෙයි. ඕපාදූප සොයන්නට සමතුන්ය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ඉංග්‍රීසි අධ්‍යාපනයේ නව මානයන් බිහිකළ Oxford College of Business

Next Post

STF ලොක්කා රට යන්න ඉල්ලයි: පොලිසිය දෙන්න බෑ කියයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.