• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නවග්‍රහ අපලෙට සන්තෝෂමක්

September 26, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
නවග්‍රහ අපලෙට සන්තෝෂමක්
Share on WhatsAppShare on Facebook

අපල යන වචනයෙන් හුදෙක්ම නිර්වචනය වනුයේ ඵලයක් නොමැති බවයි. ග්‍රහ අපල හෙවත් පීඩාකාරී තත්ත්වයන් උදාවූ විටදී වැස්ස අපට නවත්වන්නට නොහැකි නිසා කුඩයක්, වැහි කබායක්, තල් අත්තක්, හබරල කොළයක් හෝ කෙසෙල් අත්තකින් ආවරණය ලැබීමට පෙලඹේ.
ග්‍රහයන්ගෙන් වන අපල පීඩාවලදී ඒවායින් තරමක් දුරට හෝ පීඩා නොවිඳීමට යම් යම් ක්‍රමවේද ඉපැරැණි ඍෂිවරුන් විසින් ලොවට ප්‍රකාශිත ශාන්තිකර්ම රැසක් ග්‍රන්ථාරූඪ කර ඇත. කලින් සියලු සැප සම්පත්වලින් පිරී ඉතිරී ඇති අතර පසුව ඒවා සියල්ලම විනාශ වන තැනට කරුණු යෙදුණත් පැමිණි දුක් පැණි රසයි සිතා තම ජීවන ගමන යෑමට අදහස් කරන්නේ නම් එය ඉතා ප්‍රශස්ත කරුණකි.

ජ්‍යොතිෂයේ හරය දැනෙන්නේ ඇතැමුන්ට දුක් කරදර ළඟාවූ විටයි. එහෙත් ඒ ගැන අල්ප මාත්‍රයක්වත් නොසිතයි. ජ්‍යොතිෂය නොව අටලෝ දහමද පිළිගන්නේ වැටුණුදාටයි.
ගෙවී යන දශා, අන්තර් දශා මෙන්ම ග්‍රහයන්ගේ ගෝචරත්වයද සැලකිල්ලට ගෙන වඩාම අපලකාරී ග්‍රහයා තේරුම් ගෙන වැඩකටයුතු කිරීම බුද්ධිමත්ය. කේන්දරය පවා විශ්වාස නොකරන ඇතැම් අය කේන්දර බැලීමට සිතන්නේ තමන්ගේ වැඩකටයුතු අවුල් වූ විටයි. නව ග්‍රහයන් උදෙසා කළ යුතු ප්‍රතිකර්ම, පූජා විධි, ශාන්තිකර්ම පහතින් දක්වමු. ශනි අපලයට කාක නිල් ගලක් මුදුවට අල්ලා පැලඳීමට ඔබට කියූ විට ඔබට ලැබෙන්නේ මැග්නීසියා බෝතලයේ වීදුරුවකින් කපන ලද වීදුරු කාක නිලක් නම් ඉන්පසු සිදුවන්නේ කුමක්ද කියා බැලීම බුද්ධිමත්ය. ගෝමේද කපන්නේ බීර බෝතලයක වීදුරුවකින් විය හැකිය. ඊටත් වඩා වාලම්පුරි සාදන්නේ පිඟන් මැටි සෙරමික්වලින්ය. ලංකාවට පිටරටින් ගෙන්වන වීදුරු බාර්වලට ලේසර් කිරණ ඇතුළු කොට විවිධ හැඩතල අනුව කැපීම, වර්ණක වාලම්පුරි නිර්මාණය කරන බව ප්‍රසිද්ධ රහසකි. අපේ ඇස රවටන කෘත්‍රිම මෙවලම් අද වෙළෙඳ පොළේ ඕනෑ තරම් දක්නට ඇත. මේවාට රැවටෙන අයද කොතෙකුත් සිටින බවද නොරහසකි. අපි අද කතාබහක යෙදෙන්නේ වටිනා අදහස් රැසක්ම පාඨකයාට ඉදිරිපත් කිරීමටයි. ඒවා ඉපැරැණි ඍෂිවරුන් ලොවට හඳුන්වා දුන් අඟනා උපදේශයන්ය. ඔබත් මුදල් වැය නොකර ඔබටම කරගත හැකි මෙම ශාන්තිකර්මවලින් ඔබට යහපත සලසා ගන්නා මෙන් ඉල්ලමු.
නවග්‍රහයන් දෙන අපලවලින් බේරෙන ක්‍රමවේද
රවි අපලයට
ස්වර්ණ, තඹ ආදියෙන් නිමවන භාණ්ඩ, රත් පැහැති මල් වර්ග, නෙලුම් මල් ආදිය පූජා කිරීමෙන් දේව, භූත, ප්‍රේත ආදීන්ට පින් දීමෙන්, කහ පැහැති වස්ත්‍ර, ගිතෙල්, කුරුඳු පොතු, උක් හකුරු, මුංඇට දන් දීමත් යෙහෙකි. ඊට අමතරව වැඩිහිටි අයට සංග්‍රහ කිරීමෙන් පද්මරාග මැණික් ඇති තඹ මුදුවක් පැලඳීමෙන් ශිව ශීලම්බරී මෘතුංජය, ජිනපංජරය ආදී යන්ත්‍ර රන් හෝ තඹ පත්‍රවලින් ලියා නියමිත වාර ගණනින් ජපකොට පැළඳීමත් ඉතාම යහපත්ය.
සඳු අපලයට
පිච්ච මල්, සුදු මල්, ජලයේ පිපෙන මල් වර්ග, බෝධියට පූජා කිරීමෙන් පිරිත් දේශනා කරවීම සහ ඇසීමත්, සතුන්ට කිරි, පොරි වර්ග කෑමට දීමද සිල්වත් මෑණිවරුන්ට දන් දීමත් නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, 1000 වර ජප කර පැලඳීමෙන් මහා මංගල, රතන සූත්‍රය සහ කරණීයමෙත්ත සූත්‍රය උදේ, සවස භාවිතා කිරීමත් මැනවි.
කුජගෙන් වන අපලයට
රතු පැහැති මල්, රත් වස්ත්‍ර පූජා කිරීම, උක් හකුරු, තිරිඟු රත් හඳුන්, තඹ, පබළු, කණේරු මල්, රත්මල් මාලාවලින් තෙරුවන් පුදා ගිතෙල් සහ අබ තෙල් පහන් දැල්වීමත්, කතරගම දෙවියන්ගේ නම ආරූඪ කොට සෙත් කවියක් සාදා කියවීමද, මෘතුජය, අභිසම්භිධානය අඝෝර වැනි යන්ත්‍ර ජපකර පැලඳීමද යහපත්වේ.
බුධගෙන් වන අපලයට
ඇත් දත්, සල්මල් වර්ග, ධාන්‍ය වර්ග පිරිනැමීමත්, සුවඳ වර්ග, කණේරු මල්, බුලත්, පහන් වර්ග පූජාවන්, රිදී, පච්ච මැණික් පැලඳීමත්, නාමල් තලමල් පූජාවත් යහපත් ප්‍රතිඵල ගෙනෙන අතරම විෂ්ණු අඝෝරය, නීල මණ්ඩලය වැනි යන්ත්‍ර ජපකර පැලඳීමද, කොහොඹ ගසකට සාත්තු කිරීමද ගස ස්පර්ශ කිරීමද ඉතාම යහපත්ය. අපල දුරුවේ.
ගුරුගෙන් වන අපලයට
පුෂ්පරාග මැණික් මුදුවකට අල්ලා පැලඳීමද, සමන්පිච්ච මල්, සුදු මල්, සුදු අබ, ඉද්ද කොළ, වැල්මීවලින් තැම්බූ ජලය නෑමද, බෝ ගසට සාත්තු කිරීමද, බෝ ගසක් මුල තමන්ගේ නමට සෑදූ සෙත් කවියක් කියැවීමද ඉතා යහපත්ය.
සිකුරුගෙන් වන අපලයට
එන්සාල්, මනෝසීල, කුංකුමජපු, කර්කංකශීංග්‍රි විෂ්ණුක්‍රාන්ති, සුවඳ කොට්ටන් තැම්බූ ජලය ස්නානය කිරීමද, නවනාථ සීලම්බරී, සංජීවනි යන්ත්‍ර 1000 වර ජපකර පැලඳීමද මැනවි. දියමන්ති, සුදු මැණික්, රිදී මුදුවකට අල්ලා පැලඳීම යහපත්වේ. කරඳ ගසක් සිටුවා වතුර දමා ස්පර්ශ කිරීමද ඉතාම සුබයි.
ශනිගෙන් වන අපලයට
කළු තල, අංජන ඇට, ලොත් සුඹුල්, බැබිල, වී, පොරි, සතකුප්ප, ඊතණ, දේවදාර, වදකහ තැම්බූ ජලය නෑමද යහපත්වේ. නිල් කාකනිල ගලක් ඇල්ලූ මුදුවක් පැලඳීමත්, නීල මණ්ඩලය විෂ්ණු අඝෝරය. ශනි මෘතුංජය යන්ත්‍ර ජපකර පැළඳීමත් මැනවි. ලග්න ප්‍රදීප පූජාව, තව බෝ පත්‍ර පූජාව ඉතාමත් යහපත්වේ.
රාහු අපලයට
රත් පැහැති මල් වර්ග, වැටකෙයියා මල්, තල තෙල්, ගිතෙල් පහන් දැල්වීම, මල් වර්ග බෝධියකට පූජා කිරීම, ගෝමේද ගලක් යකඩ හෝ තඹ මුදුවකට අල්ලා පැලඳීම, සෙත් කවි විෂ්ණු, කතරගම දෙවියන්ගේ නම් යොදා කියවීම. නාග මාලය, පාතාල මෘතුංජය යන්ත්‍ර පැලඳීම, කෙසෙල් ගසට සාත්තු කිරීම, වතුර දැමීම ඉතාම සුබයි. නාගර්ජුන යන්ත්‍රය පැලඳීම හා ලග්න ප්‍රදීප පූජාව තඹ බෝපත්‍ර පූජාව ඉතාම යහපත්ය.
කේතුගේ අපලයට
වෛරෝඩි මැණික් පැලඳීමත්, කෙසෙල් ගසට සාත්තු කිරීමත් සුබයි. ඊතණ, කොලොන්, මයිල, කලාඳුරු අල, සතකුප්ප, තල, පොරි, ගෝ මුත්‍රවලින් තම්බා ස්නානය කිරීම යහපත්වේ. නාග මාලය, අඝෝරය,පාතාල මෘතුංජය, යන්ත්‍ර ජපකර පැලඳීම යහපත්වේ.

ග්‍රහ අපල දුරුකර ගැනීම සඳහා ඉහත සඳහන් වතාවත් කිරීම ඉතා යහපත්ය. වැලිමළුවක ඇඟිල්ලෙන් බිම කේන්දර කොටුව ඇඳ සබ්බ පාපස්ස අකරණං ගාථාව 21 වරක් කියමින් පැපොල් පහන් 10ක් දැල්වීම ඉතා සුබයි. තඹ කොළයක් බෝපත්‍ර 9ක් තළා එතුළ ‘සබ්බ පාපස්ස’ ගාථාව පන්හිඳෙන් ලියා කපු නූලක දවටා බෝධිය අසල එල්ලන්න. දින 21ක් ඇතුළත ග්‍රහ අපල දුරුවී සෙත සැලසේ. ශ්‍රී ඉෂ්ඨාර්ථ සිද්ධි සාධනීය ත්‍රිකෝණ පිරමීඩ හැඩැති මහා බලගතු යන්ත්‍රය ඇද කපු පුළුන්වලින් සඳුන් තෙල්, රන් තැඹිලි තෙල් 1000 වර ජපකර පාවිච්චි කිරීමෙන් ඔබේ අපල දුරුවී එදිනෙදා මුදල් අතට ලැබේ. අත්දුටු කෙම් යන්ත්‍රයකි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ධරණිගේ අයිතිකාරයා කවුද?

Next Post

තනියට ගිහින් අහම්බෙන් නිළියක් වුණා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.