• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ධරණිගේ අයිතිකාරයා කවුද?

September 26, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ධරණිගේ අයිතිකාරයා කවුද?
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල රූපවාහිනී නාළිකාවක ධරණි නමින් ටෙලිනාට්‍යයක් විකාශ වෙනවා. ඒ අතර ධරණි නමින් නුදුරු දිනයකදී තවත් ටෙලිනාට්‍යයක් තවත් රූපවාහිනී නාලිකාවක විකාශය වීමට සූදානම්. ඉතින් එකම නමක් ටෙලිනාට්‍ය දෙකක් සඳහා යෙදීම ගැන කට කතාවක් පැතිරගෙන යන නිසා මේ ධරණි ටෙලිනාට්‍ය දෙකේම අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන නිරෝෂන් ඉලේපෙරුම සහ ශියන්ත ප්‍රසාද් රත්නායක නිර්මාණකරුවන් දෙදෙනා සමඟ කෙටි කතා බහක් සඳහා අප සම්බන්ධ කරගත්තේ මේ පටලැවිල්ලේ ඇත්ත නැත්ත ඔබට කියන්නටයි.
නිරෝෂන් ඔබ අධ්‍යක්‍ෂණය කළ ‘ධරණි’ ටෙලිනාට්‍යයේ නම යොදාගෙන ‘ධරණි’ නමින්. තවත් නාට්‍යයක් විකාශය වෙනවා ඇත්තද මේ කතාව?
ඔව්. ‘ධරණි’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ මම 2016 වසරේ. ශාන්ති දිසානායකගේ නවකතාව ඇසුරෙන් තමයි මම ටෙලිනාට්‍ය නිර්මාණය කළේ. මගේ ‘ධරණි’ ටෙලිනාට්‍යය විකාශය වීමටත් පෙර ෂෝෂල් මීඩියා පුවත්පත් හරහා මගේ නාට්‍යයට ලොකු ප්‍රචාරයක් දුන්නා. ඒ නිසා තමයි ගොඩදෙනෙක් දැනගත්තේ ‘ධරණි’ ටෙලිනාට්‍යය මගේ කියලා. හැබැයි කතා දෙකම එකිනෙකට වෙනස්.
දෙරණ රූපවාහිනියේ ‘ධරණි’ විකාශය වීමට යන බව ඔබ දැනගත්තේ කොහොමද?
මගේ හිතවත් මිතුරන් කතාබහා කරලා ඇහුවා ‘ධරණි’ ටෙලිනාට්‍ය දෙරණ නාළිකාවට දුන්නද කියලා. එවිට මම නැහැ කිව්වා. එතකො තමයි කිව්වේ ‘ධරණි’ කියලා ටෙලිනාට්‍යයක් විකාශය වීමට සූදානම් කියලා.
ඔබ මෙය ගැන අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කළාද?
ඔව්. මමත් නිෂ්පාදකත් එකතුවෙලා දෙරණ රූපවාහිනී නාළිකාවේ සභාපති ලක්සිරි වික්‍රමරත්න අධ්‍යක්‍ෂතුමන් සමඟ කතාබහ කළා. ‘ධරණි’ නමින් මමත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ. සියලුම රූගත කිරීම් වැඩකටයුතු අවසන් කරලා තියෙන්නේ කියලා. අපට කනගාටුව පළකරා ඒ නමින් ටෙලිනාට්‍යයක් දෙරණ නාළිකාවේ විකාශය වෙන එක ගැන. එතැනින් එහාට මොනවත් අපි කතා කරන්න ගියේ නැහැ.
ඔබේ ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශය වීමට සූදානම්ද?
ඔව්. මෙයට කලින් මගේ නිර්මාණය විකාශය වෙලා. ඒත් මූල්‍ය ප්‍රශ්න ටිකක් මතු වුණු නිසා ඒ කාලවල නිෂ්පාදකතුමන් විකාශය කිරීමට කැමැති වුණේ නැහැ. මේ වසර අවසානයේ ජාතික රූපවාහිනියේ ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශ වෙනවා.
ඒ කියන්නේ ‘ධරණි’ නමින්ද ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ?
එය ගැන සාකච්ඡා කරගෙන යනවා. ගොඩදෙනෙක් විවිධ අදහස් පළකළා. එක නම වුණාට කතාවන් දෙකක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහරු කිව්වේ පොතේ කවරේ නම වැඩක් නැහැ පොත ඇතුළේ තියෙන කතාවයි වැදගත් කියලා. ඉතින් මගේ ‘ධරණි’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් වැලැඳ ගන්න බව මම විශ්වාස කරනවා.

—————————————————————————————

‘ධරණි’ට ලැබනෙ ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් සෑහෙන දුරට හොඳයි. රේටින් අතරත් ඉහළම තැනකට ඇවිත තිබෙනවා. පවුල් පසුබිම් මූලාශ්‍ර කරගෙන යන කතාවක්. විවිධ බාධක කම්කටොලු මැද විවිධ පැතිකඩවලට ‘ධරණි’ කතාව ගලා ගෙන යනවා.
අනෙකුත් මෙගා නාට්‍ය වගේ පැල්බැඳගෙන විකාශය වෙයිද?
එහෙම වෙන්නේ නැහැ. කතාවට සුදුසු විදියට, ගැළපෙන විදියට කෙටි කාලයක් තුළ කතාව අවසන් වෙයි.
බොහෝ දෙනෙක් චෝදනා නඟනවා ‘ධරණි’ වෙනත් ටෙලිනාට්‍යයක නමක් උපුටා ගැනීමක් කියලා. ඇත්තද මේ කතාව?
එහෙම දැනුවත්ව කරපු වැඩක් නෙවේ. මම දැනගෙන හිටියේ නැහැ ‘ධරණි’ නමින් ටෙලිනාට්‍යයක් කරලා තිබෙන බව. ටෙලිනාට්‍ය විකාශය වන කාල වකවානුවේ එහි රඟපාපු ශිල්පීන් තමයි මට කතා කරලා කිව්වේ ‘ධරණි’ නමින් ටෙලිනාට්‍යයක් කරලා තිබෙන බව. අපි ඒ වෙනකොට ටෙලිනාට්‍යයේ සියලුම ප්‍රචාරක කටයුතු සිදුකරලා තිබුණේ. ඉතින් ආපසු නම වෙනස් කිරීමට අපට අපහසු නිසා ඒ නමින් ටෙලිනාට්‍යය විකාශ වුණා. දෙරණ රූපවාහිනී නාලිකාවේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සමඟ කතාබහ කරලා තමයි තීරණය කළේ.
එකම නමින් ටෙලිනාට්‍ය දෙකක් විකාශය වීමෙන් ටෙලිනාට්‍ය දෙකටම හානි සිදුවෙයිද?
එකම නම වුණාට කතා දෙකක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාර්කටින්වලදී තමයි ප්‍රශ්න මතු වෙන්නේ. අපේම ක්‍ෂේත්‍රයේ එකට වැඩ කරන පිරිසකට මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. කතා කරපු අයගෙන් පවා මම සමාව ඉල්ලුවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මැතිනිට හොඳ නම් බැසිල්ට නරකද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

නවග්‍රහ අපලෙට සන්තෝෂමක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.