• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දොළදුකේ සැඟවුණු බලය

December 11, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දොළදුකේ සැඟවුණු බලය
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති, දරුවකුගේ සුරතල් බැලීමය. කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇති උතුම්ම පදවියට එනම් මව් පදවියට උරුමකම් කියනු ලබයි. ගර්භණී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්වීම් ඇති වේ. එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොඅඩුව ලබයි. සිය සැමියාගෙන්ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භණී කාලය සැලකිය හැකිය. දරුවා පිළිසිඳ ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැප වේ. දරුවා ගැන පමණක්ම සිතයි. එනිසාම දරුවාට කුස තුළදී සිය මව සිතන පතන දේ, කරන කියන දේ, හොඳින් තේරුම් යයි. එමෙන්ම දරුවාට අවශ්‍ය දේද, අනවශ්‍ය දේද, දරුවා කැමැති දේද, අකැමැති දේද මවට හොඳින් දැනෙයි. දොළ දුක ලෙස දැනෙනුයේ දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය හෝ දරුවා කැමැති දේවල්ය.

කාන්තාවක් ගැබිනියක් වූ පසු මුල් මාස 3 යන තුරු ඈලි මෑළි දුබල ගතිය, ආහාර අරුචිය හා වමනය වැනි සංකූලතා ඇති වේ. දොළ දුක ඇතිවනුයේ 4 වැනි මාසයේ සිටය. දොළ දුක යනු ගැබිනි සමයේ කාන්තාවකට ඇති වන විවිධ ආසාවන්ය. මෙම ආසාවන් අතර කෑම බීම සඳහා ඇතිවන ආසාව ප්‍රධාන ස්ථානයක් ගනියි. ඊට අමතරව යම් ස්ථාන කරා යෑමට ඇති ආසාව, විවිධ ආඝ්‍රාණ විඳීමට ඇති ආසාව, එනම් ගඳ, සුවඳ ආදී කොට ඇති විවිධ සුවඳ ආඝ්‍රාණය කිරීමේ ආසාවද බොහෝ ගැබිනි මව්වරුන් වෙතින් දැකිය හැකිය.

ගර්භ ණී වීමත් සමඟ ඇති වන දොළ දුක බටහිර රටවල නොපිළිගනියි. නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය, කොරියාව වැනි රටවල එය බොහෝ සේ පිළිගනියි. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොළ දුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාර වර්ග සූදානම් කර තම නිවෙසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි. එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහඵවන් ඊට ආරාධනා ලබන අතර ඔවුන් ගැබිනි කාන්තාව සමඟ බොහෝ විනෝද වී ඇගේ මනදොළ සතුටින් පුරවාලයි. එය තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටු සුවය භුක්ති විඳීමට දීම අරමුණයි. මොවුන් කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි ලොකු අරුතක්ද වෙයි. මෙසේ ගැබිනිය කෑමට කැමැති ආහාර විශාල පිරිසකට දානය දීම හේතුවෙන් එම ගැබිනියට යම් අපල තත්ත්වයක්, මාරක තත්ත්වයක් වේ නම් ආහාර දන්දීමේ පිනෙහි ආනුභාවයෙන් එම අපල, මාරක තත්ත්වය නැති වී හෝ අවම වී යනු ඇත. දොළ දුක් කාලය තුළ ඇතිවන ආසාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීමද පැරැන්නන් තුළ තිබූ සිරිතකි. පලතුරු වර්ග කෑමට ආසාවක් ගැබිනි කාන්තාවට ඇතිවුව හොත් උපදින්න සිටින බිලිඳා යහපත් ආත්ම භාවයක සිට මව්කුස පිළිසිඳ ගත් අයෙක් බවත්, ඔහු හෝ ඇය සමාජයේ ගුණ ධර්ම ඇති අයකු ලෙස ජීවත්වන බවත් මතයකි. මස් මාංස ආහාරය ගැනීමට ප්‍රිය වීම, දුගඳ ආඝ්‍රාණයට ප්‍රියවීම සිදුවුව හොත් දරුවා නරක ආත්ම භාවයක සිට මව්කුස පිළිසිඳ ගත් අයෙක් ලෙසත්, අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුණුවන, අකාරුණික හා අනාදරය පතුරුවන අයෙක් යැයි පිළිගැනෙයි. එලෙසම ගැබිනිය නිතර පන්සල් යෑමට ප්‍රිය වීම, පින් පෙත් කිරීමට ප්‍රිය වීම, දුගී මගී යාචකයන්ට දන්දීමට ප්‍රියවීම, සුවඳ දුම්, සුවඳ විලවුන්, වැනි මිහිරි සුවඳ ආඝ්‍රාණයට කැමැති වීම, ලැබෙන්නට සිටින දරුවාගේ විඤ්ඤාණයේ ස්වභාවය මැන ගනියි. ඔහු හෝ ඇය පෙර භවයේ යහපත් ආත්ම භාවයක සිට චුතවී මව් කුස පිළිසිඳ ගත් බවත්, අනාගතයේ රටට, දැයට, වැඩදායී අයෙක් ලෙස ජීවිතය ගෙන යන, ගුණගරුක අයෙක් වේ යැයි මතයයි. නමුත් ආයුර්වේදයේ දොළ දුකට කෑමට ආසා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි. උදාහරණයක් ලෙස පලතුරු, එළවඵ කෑමට ආසාවීම මව් කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවයක් ඇති විට එය පියවා ගැනීමටත්, මස් මා`ඵ කෑමට ආසාවීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වූ විට එය පියවා ගැනීමටත්, විටමින් සී ඌනතාවයක් ඇති වූ විට මවට වැඩිපුර ඇඹුල් ජාති රුචි වීමත් සඳහන් කළ හැකිය. ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛද්‍ය විද්‍යාවේ දොළ දුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස් වීමක් හා ස්නායු උත්තේජනය වී මොළයට ලැබෙන සංඥාවල වෙනස් වීමක් ලෙසය.
ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොළ දුකක් ඇතිවුව හොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොත පතේ සඳහන්ය.
ජ්‍යොතිර්වේදීනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

කවුද මේ පත්තරකාරී

Next Post

ඉන්දීය මහකොමසාරිස්ගෙනුත් බ්‍රහස්පතින්දා කැබිනට්ටුවට රෑ කෑමක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.