ජීවිතයේ දෙවැනි උපත වන විවාහය අති සාර්ථක අන්දමට දෙදෙනාටම ගෙවන්නට වාසනාව තිබේ නම් එය පරම වාසනාවකි. එහෙත් නොසිතූ අන්දමට එක් අයකු අකාලයේ මියයෑම හෙවත් කනවැන්දුම් තත්ත්වයට පත්වන අවස්ථා එමට ඇත. අපි ඒ ගැන ජ්‍යොතිෂ විiාත්මක පැත්තෙන් විමසා බැලීම වැදගත්ය. විවාහ වීමට පෙර මැනවින් ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේම ජීවිතයේ ඇතුළු පැත්ත හා දෙදෙනාගෙන් කෙනකු අකාලයේ මියයන්නේද යන්න විමසා බැලීම වැදගත් වෙයි. පොරොන්දම් ලකුණු 36ට යටත්වී කරන ඇතැම් විවාහවලදී එක් අයකු වහා මියයන බැව් පෙනේ.
ස්ත්‍රී කනවැන්දුම් යෝග
ශනි 7 වැන්නේ සිටියදී අන්‍ය පාපීන්ට පෙනීම, 7 වැන්නේ සිටින ශනි ග්‍රහයා මේෂ, කටක, වෘශ්චික නවාංශකයක සිටීම අසුබයි.
ශනි 7 වැන්නේ කුජට පෙනෙන ලෙස සිටීම අසුබයි.
ශුක්‍ර නීච වී සිටින විට පුරුෂයාට අප්‍රකට කලත්‍රයෙක් රහසේ සිටිය හැකිය.
7 කුජ සිටින ස්ත්‍රිය කනවැන්දුමෙන් පසු අනාචාරයේ හැසිරේ.
7 වැන්නේ සිටින ශනිට සතුරු ග්‍රහයන් පෙනුණු විට ඇය වැන්දඹු වෙයි.
8 වැන්නේ ශනිට අසුබ පෙනීම් ඇති වීමෙන් කනවැන්දුම් වෙයි.
පාපීන් ලග්නය 7 වැන්න යන භාවයන්හි සිටීමෙන්ද වැන්දඹු වෙයි.
කේන්දරයේ 7 – 8 භාවාධිපතිනියෝ ඔවුනොවුන් මාරුකරගෙන සිටීමෙන්ද වැන්දඹු තත්ත්වයට පත්වෙයි.
කාලසර්ප යෝගය ඉතාම විෂම අංශක තුළ (භීම) තත්ත්වයෙන්ද විෂ යෝනිගතව ඇත්නම් එයත් ඉතා අසුබයි.
ර – කු – රා – ශ ලග්නයේ හෝ සඳුගෙන් 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටීමෙන්ද වැන්දඹු බවට ඉක්මනින්ම පත්වෙයි.
කුජ 7 නීච වී සිටියදී හෝ කුජ – ශනි දෙදෙනාම සිංහයේ හෝ 5 වැන්නේ වීමෙන් වැන්දඹු බවට පත්වෙයි.
රවි මංගල මොහොතේ මංගල සම්භෝගය යෙදීමෙන් බිරිය කනවැන්දුම් වෙයි.
පුරුෂයා කනවැන්දුම් වන ග්‍රහ හැසිරීම්
රවි – බුධ – කේතු – ධනු ලග්නයේද, 2 වැන්නේද, ශනි, කුජ ග්‍රහයන් සිටියදී උපත ලද්දේ නම් පිරිමියා කනවැන්දුම් වෙයි.
පුරුෂයකුගේ කේන්දරයේ ශුක්‍ර 7 වැන්නේ සඳුද, සඳුගෙන් 7 වැන්නේ බුධද, සිකුරුද මාරක තැන 8 වැන්නේ අධිපතියා 5 වැන්නේ නම් භාර්යාවන් මිය යෑමක් වෙයි.
ජන්ම කේන්දරයේ සිකුරු 8 වැන්නේ 8 වැන්නාධිපති ග්‍රහයා ශනිගේ රාශියක වී නම් එම පුරුෂයා අකල්හි වැන්දඹු වෙයි.
ජන්ම ලග්නයේ පාපියෙක්ද, 7, 3, 11 භාවවල පාපීන් සිටීම් ඇත්නම් ඔහු වැන්දඹු බවට පත්වෙයි.
කේන්දරයේ 7 වැන්නාධිපතියා ලග්නයේ සහ ලග්න නාමයෙන් වූ නවාංශකයේ නම් පිරිමියා වැන්දඹු වෙයි.
සිකුරු පාප කර්තරීව සිටීමද වැන්දඹු තත්ත්වයට පත්වීමකි.
රාහු ලග්නයේ හෝ 7 වැන්නේ නීච වීමද අසුබයි.
පිරිමි කේන්දරයේ 2 රාහු 7 කුජද සිටීම අසුබයි.
ලග්නාධිපති නීච වී සිටියදී 2 වැන්නාධිපති 8 වැන්නේ සිටීමෙන්ද වැන්දඹු වෙයි.
7 වැන්න අධිපතියා 8 වැන්නෙහිද, 12 වැන්නාධිපතියා 7 වැන්නේ වීමද පුරුෂයා මුලින්ම වැන්දඹු වෙයි.
ශුක්‍ර 7 වැන්නේ වක්‍රවීමෙන් ශනි 1 සිටීමත්, 5 සුබ රහිත වීමත් පිරිමි වැන්දඹු යෝගයකි.
පිරිමියා වැන්දඹු වීම එතරම් දෙයක් නොවේ. එහෙත් එය කාන්තාවට ගැටලුවකි. වැන්දඹු පිරිමි සමඟ විවාහවීමට කැමැති කාන්තාවන් කොතෙකුත් සිටී. එහෙත් වැන්දඹු කතක් විවාහ කර ගැනීමට පිරිමි තරමක් අකැමැතිය. පංචාංග සුද්ධ වූ ඉතාම සුබ නැකැතක ප්‍රීති ශෝභන ආයුෂ්මාන් සෞභාග්‍යය සිද්ධි සාධක සුබ බ්‍රහ්ම මහේන්ද්‍ර වෘද්ධි හර්ෂණ වැනි සුබ යෝගයකින් ප්‍රථම අඹු-සැමි එක්වීම ඇරැඹුණු විට අසුබ ශක්තිය වහා හීනවෙයි.
යෝග 26ක් ධනාත්මකව ක්‍රියාකාරී වෙයි.
අමෘත යෝගය, නන්දා පර්වත, උභයචාරී විජය චන්ද්‍ර ශ්‍රීනාථ සූර්ය සිද්ධි චන්ද්‍රසිද්ධි මංගල සිද්ධි ජීව සිද්ධි ශුක්‍ර සිද්ධි යෝග විශේෂයි. මෙම යෝග ඇසුරු කොට අඹු-සැමි එක්වීමෙන් අසුබ ග්‍රහ කිරණ ආවරණය වෙයි. අසුබ කිරණ ඍණාත්මක වෙයි. අසුබකාරක වේලාවක අඹු-සැමි එක්වීම අයහපත් වෙයි. මෙය ගැන ගැඹුරින් නිරීක්‍ෂණය කරන විටදී විශාල ග්‍රහ හැසිරීම් රටාවක්ම තිබේ. එය පසුව විස්තර කරමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











