• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතය වෙනස් කරන මල්වර මාසය

July 3, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ජීවිතය වෙනස් කරන මල්වර මාසය
Share on WhatsAppShare on Facebook

යුවතියකගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසින් මල්වරය සැලකේ. ඒ අනුව ඇගේ අනාගතය පිළිබඳ විවිධ ගණනය කිරීම් සහ අනුමාන කිරීම්ද සිදු කෙරෙන අතරම, යම් යුවතියක මල්වර වන්නේ ඇගේ පව්, පින් අනුව අනාගතය ගැන ඇති හෝඩුවාවන් කියාපාමින් බවටත් විශ්වාස කළ හැකිය. ඒ අනුව යුවතියකගේ මල්වරය සිදුවූ මාසයට අනුවද ඇය ගැනත් ඇගේ අනාගතය ගැනත් පහත පරිදි දැනහඳුනා ගත හැකිය.

බක් මාසය

යම් තරුණියක බක් මාසයේ මල්වර වූයේ නම් ඇය තරමක් තම මතයට අනුව කටයුතු කරන ස්වභාවයක් පෙන්වයි. එමෙන්ම ඇයට කිසිවකුගේ මතයට වැඩ කිරීම අපහසුය. අන් අය අතර නායකත්වය ගන්නට සමත්කම් ඇත්තීය. මේ හේතු නිසාම විවාහයද දෙදරා යෑමට වැඩි ඉඩකඩක් තිබේ. යම් ලෙසකට සැමියාට මරණය අත්වීමෙන් වැන්දඹු වීමටද ඉඩ ඇත.

වෙසක් මාසය

වාසනාව උරුම කර ගන්නීය. නිතරම තම වාසියට අවශ්‍ය පරිදි කටයුතු සිදුවන අතර, තරුණ කාලයේ සිටම සියලු සැප සම්පත් ලබන්නීය. විවාහයට ගුණවත් සැමියකු ලබන අතරම, වාසනාවන්ත දූදරුවන් ලබන්නීය. යහපත් ලෙස කටයුතු කරන්නියක ලෙස ප්‍රකට වේ. අන් අය අතරද ජනප්‍රිය වෙයි.

පොසොන් මාසය

මේ අය තරමක් මන්දගාමීව කටයුතු කරන පිරිසක් වෙයි. ජීවිතයේ බොහෝ දේ අතපසු කරගන්නීය. විවිධ අවස්ථාවල් අන් අය හා ගැටුමට යන්නීය. තම මතය අන් අය අතර ප්‍රචලිත කිරීමට උත්සාහ ගත්තද, එය බැරි වූ විට පසුබට වන්නීය. නිතර නිතර වෙනත් අය ගැන සොයන පුරුද්දක් ඇත.

ඇසළ මාසය

මේ අයගේ ජීවිතයේ සැප සතුට මධ්‍යස්ථ ලෙස ලැබුණද දරුපල ලැබී සුබවාදී නොවේ. මවු කුසේදී දරුවන් මිය යෑමට ඉඩ තිබේ. නැතහොත් උපන් දරුවන් අඩු වයසින් මිය යෑමට වුවද හැකියාව ඇත.

නිකිණි මාසය

මේ ස්ත්‍රිය ජීවිතයේ වාසනාව උරුම කරගන්නීය. ධන-ධාන්‍ය, සැප-සම්පත් මෙන්ම මනා රූ සපුවක්ද උරුම කරගන්නීය. නිසිකලදී විවාහයට සුදුසු සහකරුවකු හමුවේ. යුග දිවිය සතුටින් සැනසීමෙන් ගත කරන්නට වාසනාව ඇත. වාසනාවන්ත දරු සම්පත් ලබයි.

බිනර මාසය

මේ අයගේ ජීවිතයේ විවිධ අවස්ථාවල සුළු සුළු ප්‍රශ්න ඇති කරනු ඇත. ගර්භාෂයේ, මුත්‍රාශයේ සුළු සුළු ආබාධ නිතර හට ගන්නා ස්වභාවයක් පෙන්වයි. විවාහයේ සතුට හීන කරයි. නිතර මත ගැටුමට යන්නීය. දරුවන් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව ඇත. එසේම මැදි වයසේදී යම් සාර්ථකත්වය උරුම කර ගන්නීය.

වප් මාසය

අන් අයගේ දේවල් සොයන්නට අකැමැතිය. තමාගේ පාඩුවේ දැහැමින් ජීවත් වීමට නිතරම සැලසුම් කරයි. ආගමට, දහමට ළැදිය. විවාහයට තෝරා ගන්නේ එවැනිම සහකරුවෙකි. තරුණ විය පසුවෙත්ම විවිධ ආගමානුකූල කටයුතු සඳහා මූලිකත්වය ගනී. ජීවිතය සතුටින් ගතකරන්නීය.

ඉල් මාසය

ශරීර ශක්තියෙන් අඩු මේ අය නිතරම රෝග පීඩාවන්ගෙන් අපහසුතාවයට පත්වන්නීය. කිසිම අවස්ථාවක තරගයට යෑමට හෝ එවැනි දේට ප්‍රිය නොකරයි. විවාහය එතරම් සතුටු දායක නොවේ. දූදරු සතුට වෙනුවෙන් කැප වෙයි. මැදි වයසේදී කාගෙත් ආදරය ලබයි.

උඳුවප් මාසය

ඉතා වාසනාවන්ත ජීවිතයක් උරුම කරගන්නීය. කිසිම විටක තමාගෙන් අන් අයට කරදරයක් වෙනවාට කැමැති නැත. වාසනාවන්ත දරු සම්පත් ලබා සාර්ථක ජීවිතයක් සකසා ගනී. ධන, ධාන්‍ය ලබා ඉසුරින් පිරි ජීවිතයක් උරුම කරගන්නට වාසනාව ඇත.

දුරුතු මාසය

මේ අය නිතර අනුන් ගැන සොයති. ඕපාදූප, කේලාම් ආදියට ප්‍රසිද්ධ වෙයි. කල්ක්‍රියාව එතරම් සුබ නැතැයි රටතොට ප්‍රසිද්ධ වෙයි. දරුවන්ට ආදරය නොකරයි සැමියාව ගණන් නොගනී. නිතරම අප්‍රසාදයට පත්වන්නීය.

නවම් මාසය

ඉතා වාසනාවන්ත තැනැත්තියක වේ. පින්වත් දරුවන් ලබා යසඉසුරු පිරි ජීවිතයක් ලබයි. නිතරම සතුට පිරුණු යුග දිවියක් උරුම වේ. අන් අය හා සාමකාමීව කටයුතු කරයි. කලබල නැත. මැදිවියේදී ධනවත් තැනැත්තියක වෙයි.

මැදින් මාසය

මේ අයගේ කල්ක්‍රියාව සුබ නැත. නිතර ගැටුමට බරවෙයි. කිසිවෙකුගේ මතය පිළිනොගනී. අන් අය හා සහයෝගයක් නැත. එහෙත් ධන, ධාන්‍ය ලබයි. දිවිය සරු කරගනී. කපටිය, විවාහයද සාර්ථක වේ. එමෙන්ම සටකපට ව්‍යාපාර කිරීමේ දක්‍ෂය. අනුකම්පා විරහිතය. නිතර තමා ගැනම සිතන්නීය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

මහජන බැංකුවේ දංකොටුව ශාඛාව නව පරිශ්‍රයකට

Next Post

කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.