• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතය දිනවල වෘක්ෂයක සැඟවුණු බලය

February 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ජීවිතය දිනවල වෘක්ෂයක සැඟවුණු බලය
Share on WhatsAppShare on Facebook

බෝධි පූජාව අඩංගු වන වෘක්‍ෂ වන්දනාව මිනිස් වාසය මේ මහ පොළොව මත ඇති වූ දා සිටම වන්දනයට පාත්‍ර වූ උත්තරීතර ක්‍රියාවකි. සිදුහත් කුමරු බුද්ධත්වය අවබෝධ කරගත් පසු අනිමිස ලෝචන පූජාව කිරීමෙන් මේ බව පසක් වන්නේය. ලොව ප්‍රකටතම වන්දනා අතරින් බෝධි වන්දනාව ගැන විශාල තොරතුරු රැසක්ම අඩංගු ග්‍රන්ථයක්ද ජේ. එච්. පිල්පොට් මැතිනිය ලියා ඇත. ඓතිහාසික වාර්තා ඇතුළු ක්‍රිස්තු පූර්ව වසර හාරදහසේදීත් වෘක්‍ෂ වන්දනාව සාමාන්‍ය ගෝත්‍රික වැඳුම් – පිදුම් ක්‍රමවේදය හරහා කෙරිණි. විශ්වයේ මහා එකම පණිවුඩකරුවා දෙවි කෙනෙක් නොව ගස් වැල්ය.

මිනිස් හා සත්වයන්ට සම්බන්ධ වූ ගස් වෘක්‍ෂ විදුලි තරංග ආයාම හරහා පණිවුඩ හුවමාරු කර ගන්නා අන්දම විදුදරයන් සොයාගෙන තිබේ.

ගසක් කැපීම, විනාශ කිරීම හා ගිනි තැබීම ඉතාම අයහපත් ක්‍රියාවකි. එය එතරම් සංවේදීතාවක් සම්බන්ධිත ක්‍රමවේදයකි. ගහකොළ හා අප අතර සියුම් ශක්ති ජාලාවක් කාන්දු වේ. අපෙ මනසට, සිරුරට යහපත් වූ ශක්තිකරණ ගහකොළ අපේ ශක්ති රශ්මි වළල්ල තුළින් අප වෙත නිකුත් කරන අතර, දෙපැත්තට මාරුවේ.

ගසක් ඉතාම සංවේදීතාවක් දක්වයි. සතුටෙන්, ප්‍රීතියෙන් සිටින අයකු ගස ළඟට සමීප වූ විට ගසට එම සතුට වහා දැනේ. අසතුටෙන්, ක්‍රෝධයෙන් සිටින කෙනකු ගසට ළං වූ විට එම අයහපත් සිතිවිලි ජාලය ගහ හොඳින්ම දැනහඳුනා ගනී.

වජිරාරාමවාසී එවකට විසූ අති පූජ්‍ය පියදස්සි හිමිපාණන් වහන්සේ වරක් ලන්ඩනයේදී සතුටින් හා අසතුටින් සිටින දස දෙනකු තෝරාගෙන තිරිඟු ඇට වාන් දැමීමට සලස්වා ඇත. සතුටින් සිටින පස් දෙනාගේ තිරිඟු ඇට සියල්ලම බීජ අංකුර පැළවී උඩට ඇදී තිබුණ අතර, අසතුටින් සිටින පස්දෙනාගේම බීජ අතන මෙතැන කේඩාරී වී මැළවී පැළ වී තිබිණි.

ගසකට නිතර පිහියෙන් කොටමින් අල්පෙනෙත්තිවලින් අනිමින් ගසට පීඩා කරන කෙනාව ගස හොඳින් දැනගනී. ගසට සාත්තු කරන, වතුර දමන, ආදරයෙන් ගස අතපත ගාන කෙනා ගැනද ගස දනී. සංගීතයට මෙය හැකිවේ. සංගීත ස්වර පද්ධතිය හරහා ගසක වැවීම, මල් හටගැනීම, පල (ගෙඩි) පලදාව වැඩිකර ගත හැකිය. සංගීතය මෙන්ම නර්තනයද ගස්වැල්වලට අනුගත වන බැව් පැහැදිලි වන්නේය.

අප බෝධියකට පූජා කරන මලට අපේ සිතේ තරංග මුසුවේ. කිරණ පදධතියක්ද මලෙන් නිකුත් කරනු ඇත. මල, සිත හා බෝධිය අතර මනෝ පූජාව තුළින් කිසියම් ශක්තියක් උපදී.
අනාදිමත් කාල පරාසයක් තුළ සිට ලක්‍ෂ සංඛ්‍යාත මිනිස් මානසිකමය පූජා ලැබූ වෘක්‍ෂයකි බෝධිය. මේ අනුව බලන විට අනුරාධපුරයේ මහමෙව්නාවේ පිහිටා ඇති විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් නිකුත් වන ඒ මහා ශක්ති කිරණ කෙතරම් උත්තරීතරද, බලවත්ද යන්න ප්‍රකාශ කිරීමට වචන නැත. ගහකොළ, වැල් අතිශයින්ම සංගීතයට ප්‍රියයි. මහ රෑ රූස්ස ගසේ අට්ටාලයේ සිට කියන කුරක්කන් කවි ශබ්ද තරංග, ආයාම හරහා කුරහන් කරල් මනාව පීදී සරුසාරව කිරට බර වේ. ගැල අදින ගවයාගේ කරේ මිණි ගෙඩිවල නාද රටාවට උගේ ගමන් මහන්සිය තෙහෙට්ටුව මඟහැරෙනු ඇත. මෑතකදී කරන ලද පර්යේෂණයන් අනුව රාගධාරී සංගීත ස්වර නාද රටාව ඇසෙන දිශාවටම පැළෑටි හා වැල් හැරී වැවෙන බැවද සොයා ගෙන තිබේ. මහා භාරතීය ගාන්ධර්වයාණන් වූ රවි ශංකර් තුමාගේ ශිතාර් වාදනය ඛාන්ගේ සංගීත නාද රටාවට ගහකොළ ප්‍රිය කරන බව ඩොරති මහත්මිය පවසන්නීය.

අපේ මහා ගාන්ධර්ව අමරදේව සූරීන්ගේ වයලීන වාදනයන් ගේය පද මාලාව ඔස්සේ නිම්නාදවන සංගීතමය රිද්ම රටාවට මුළු පරිසරයම ප්‍රබෝධවත් වනු ඒකාන්තය. එතුමාගේ කටහඬ නිසොල්මන් මැදියම් රැයේ අප දෙසවන ගැටී, මෙත් සිත එකවරම භාවනාවකට යොමුවේ. අපි මෙතෙක් කතා කළේ ගහකොළ, වැල් ගැනයි. මුල වූ සිරස්තලයට දැන් යොමු වෙමු. අපේ දුකට, සැපට බෝධිය සංවේදීතාවක් දක්වනු ඇත. බෝධියක් ළඟ නිතර නිතර වන්දනා කරන අපව බෝධිය මැනවින් හඳුනාගනු ඇත.

බෝධියේ ළා නිල් පැහැ රශ්මි මාලාව අපගේ සිරුරේ රශ්මි මාලාව හා මිශ්‍ර වී ශාන්තිය අපට නිතැතින්ම ලබාදෙනු ඇත්තකි.

බෝධියක් ළඟ වෙනත් කෙනකුට ආශීර්වාද කරන විටදී ඒ ශක්තිය ඔහුට ලැබේ, කාන්දු වේ.
සියුම් ශක්ති කිරණ ධාරාවක් බෝධියකින් නිකුත් වේ. බුදු පිළිමය මැටි බදාම, ලෝහ වැනි කුමන මෙවලමකින් යුක්ත වුවත් ඒ තුළින් කිසියම් ශක්ති ධාරාවක් නිකුත් වන බැව් බොහෝ පර්යේෂණ හරහා සොයාගෙන තිබේ. අපි සුවඳ කුඩුවලට ශබ්ද තරංග හා චිත්ත තරංග කිරණ කාන්දු කොට මතුරන විටදී ශක්ති තරංග එහි කුඩු උරාගනී. දුම ඇල්ලීමේදී සුවඳ කුඩු තුළින් නිදහස් වී යන නොපෙනෙන ශක්ති තරංග අපට කාන්දුවේ.

සමහර විට ගස්වලට වැඳීමෙන් පුද පූජා තැබීමෙන් ඇති වන්නේ කුමන ඵලයක්ද යන්න විමසති. අපේ පියවි ඇසට නොපෙනෙන මහා බල ශක්තීන් මේ විශ්වය තුළ පවතී. විශේෂයෙන්ම බෝධි පූජාව පිළිබඳව විශාල තොරතුරු රැසක්ම ගොනු වී තිබේ. නිදහස් වූ පවිත්‍ර මනසකින් යුක්තව දෙඇස් පියාගෙන තෙවැනි ඇසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරන්නේ නම් සිතට සතුටක් සුවයක්, සැනසීමක් ලැබෙනු ඇත.
සොබාදහමට ආදරය කරන්නාට සොබාදහමද පෙරළා ආදරය කරනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කටකාරියක් වුණත් මං අහිංසකයි

Next Post

මම තවම බීජයක් විතරයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.