බෝධි පූජාව අඩංගු වන වෘක්‍ෂ වන්දනාව මිනිස් වාසය මේ මහ පොළොව මත ඇති වූ දා සිටම වන්දනයට පාත්‍ර වූ උත්තරීතර ක්‍රියාවකි. සිදුහත් කුමරු බුද්ධත්වය අවබෝධ කරගත් පසු අනිමිස ලෝචන පූජාව කිරීමෙන් මේ බව පසක් වන්නේය. ලොව ප්‍රකටතම වන්දනා අතරින් බෝධි වන්දනාව ගැන විශාල තොරතුරු රැසක්ම අඩංගු ග්‍රන්ථයක්ද ජේ. එච්. පිල්පොට් මැතිනිය ලියා ඇත. ඓතිහාසික වාර්තා ඇතුළු ක්‍රිස්තු පූර්ව වසර හාරදහසේදීත් වෘක්‍ෂ වන්දනාව සාමාන්‍ය ගෝත්‍රික වැඳුම් – පිදුම් ක්‍රමවේදය හරහා කෙරිණි. විශ්වයේ මහා එකම පණිවුඩකරුවා දෙවි කෙනෙක් නොව ගස් වැල්ය.
මිනිස් හා සත්වයන්ට සම්බන්ධ වූ ගස් වෘක්‍ෂ විදුලි තරංග ආයාම හරහා පණිවුඩ හුවමාරු කර ගන්නා අන්දම විදුදරයන් සොයාගෙන තිබේ.
ගසක් කැපීම, විනාශ කිරීම හා ගිනි තැබීම ඉතාම අයහපත් ක්‍රියාවකි. එය එතරම් සංවේදීතාවක් සම්බන්ධිත ක්‍රමවේදයකි. ගහකොළ හා අප අතර සියුම් ශක්ති ජාලාවක් කාන්දු වේ. අපෙ මනසට, සිරුරට යහපත් වූ ශක්තිකරණ ගහකොළ අපේ ශක්ති රශ්මි වළල්ල තුළින් අප වෙත නිකුත් කරන අතර, දෙපැත්තට මාරුවේ.
ගසක් ඉතාම සංවේදීතාවක් දක්වයි. සතුටෙන්, ප්‍රීතියෙන් සිටින අයකු ගස ළඟට සමීප වූ විට ගසට එම සතුට වහා දැනේ. අසතුටෙන්, ක්‍රෝධයෙන් සිටින කෙනකු ගසට ළං වූ විට එම අයහපත් සිතිවිලි ජාලය ගහ හොඳින්ම දැනහඳුනා ගනී.
වජිරාරාමවාසී එවකට විසූ අති පූජ්‍ය පියදස්සි හිමිපාණන් වහන්සේ වරක් ලන්ඩනයේදී සතුටින් හා අසතුටින් සිටින දස දෙනකු තෝරාගෙන තිරිඟු ඇට වාන් දැමීමට සලස්වා ඇත. සතුටින් සිටින පස් දෙනාගේ තිරිඟු ඇට සියල්ලම බීජ අංකුර පැළවී උඩට ඇදී තිබුණ අතර, අසතුටින් සිටින පස්දෙනාගේම බීජ අතන මෙතැන කේඩාරී වී මැළවී පැළ වී තිබිණි.
ගසකට නිතර පිහියෙන් කොටමින් අල්පෙනෙත්තිවලින් අනිමින් ගසට පීඩා කරන කෙනාව ගස හොඳින් දැනගනී. ගසට සාත්තු කරන, වතුර දමන, ආදරයෙන් ගස අතපත ගාන කෙනා ගැනද ගස දනී. සංගීතයට මෙය හැකිවේ. සංගීත ස්වර පද්ධතිය හරහා ගසක වැවීම, මල් හටගැනීම, පල (ගෙඩි) පලදාව වැඩිකර ගත හැකිය. සංගීතය මෙන්ම නර්තනයද ගස්වැල්වලට අනුගත වන බැව් පැහැදිලි වන්නේය.
අප බෝධියකට පූජා කරන මලට අපේ සිතේ තරංග මුසුවේ. කිරණ පදධතියක්ද මලෙන් නිකුත් කරනු ඇත. මල, සිත හා බෝධිය අතර මනෝ පූජාව තුළින් කිසියම් ශක්තියක් උපදී.
අනාදිමත් කාල පරාසයක් තුළ සිට ලක්‍ෂ සංඛ්‍යාත මිනිස් මානසිකමය පූජා ලැබූ වෘක්‍ෂයකි බෝධිය. මේ අනුව බලන විට අනුරාධපුරයේ මහමෙව්නාවේ පිහිටා ඇති විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් නිකුත් වන ඒ මහා ශක්ති කිරණ කෙතරම් උත්තරීතරද, බලවත්ද යන්න ප්‍රකාශ කිරීමට වචන නැත. ගහකොළ, වැල් අතිශයින්ම සංගීතයට ප්‍රියයි. මහ රෑ රූස්ස ගසේ අට්ටාලයේ සිට කියන කුරක්කන් කවි ශබ්ද තරංග, ආයාම හරහා කුරහන් කරල් මනාව පීදී සරුසාරව කිරට බර වේ. ගැල අදින ගවයාගේ කරේ මිණි ගෙඩිවල නාද රටාවට උගේ ගමන් මහන්සිය තෙහෙට්ටුව මඟහැරෙනු ඇත. මෑතකදී කරන ලද පර්යේෂණයන් අනුව රාගධාරී සංගීත ස්වර නාද රටාව ඇසෙන දිශාවටම පැළෑටි හා වැල් හැරී වැවෙන බැවද සොයා ගෙන තිබේ. මහා භාරතීය ගාන්ධර්වයාණන් වූ රවි ශංකර් තුමාගේ ශිතාර් වාදනය ඛාන්ගේ සංගීත නාද රටාවට ගහකොළ ප්‍රිය කරන බව ඩොරති මහත්මිය පවසන්නීය.
අපේ මහා ගාන්ධර්ව අමරදේව සූරීන්ගේ වයලීන වාදනයන් ගේය පද මාලාව ඔස්සේ නිම්නාදවන සංගීතමය රිද්ම රටාවට මුළු පරිසරයම ප්‍රබෝධවත් වනු ඒකාන්තය. එතුමාගේ කටහඬ නිසොල්මන් මැදියම් රැයේ අප දෙසවන ගැටී, මෙත් සිත එකවරම භාවනාවකට යොමුවේ. අපි මෙතෙක් කතා කළේ ගහකොළ, වැල් ගැනයි. මුල වූ සිරස්තලයට දැන් යොමු වෙමු. අපේ දුකට, සැපට බෝධිය සංවේදීතාවක් දක්වනු ඇත. බෝධියක් ළඟ නිතර නිතර වන්දනා කරන අපව බෝධිය මැනවින් හඳුනාගනු ඇත.
බෝධියේ ළා නිල් පැහැ රශ්මි මාලාව අපගේ සිරුරේ රශ්මි මාලාව හා මිශ්‍ර වී ශාන්තිය අපට නිතැතින්ම ලබාදෙනු ඇත්තකි.
බෝධියක් ළඟ වෙනත් කෙනකුට ආශීර්වාද කරන විටදී ඒ ශක්තිය ඔහුට ලැබේ, කාන්දු වේ.
සියුම් ශක්ති කිරණ ධාරාවක් බෝධියකින් නිකුත් වේ. බුදු පිළිමය මැටි බදාම, ලෝහ වැනි කුමන මෙවලමකින් යුක්ත වුවත් ඒ තුළින් කිසියම් ශක්ති ධාරාවක් නිකුත් වන බැව් බොහෝ පර්යේෂණ හරහා සොයාගෙන තිබේ. අපි සුවඳ කුඩුවලට ශබ්ද තරංග හා චිත්ත තරංග කිරණ කාන්දු කොට මතුරන විටදී ශක්ති තරංග එහි කුඩු උරාගනී. දුම ඇල්ලීමේදී සුවඳ කුඩු තුළින් නිදහස් වී යන නොපෙනෙන ශක්ති තරංග අපට කාන්දුවේ.
සමහර විට ගස්වලට වැඳීමෙන් පුද පූජා තැබීමෙන් ඇති වන්නේ කුමන ඵලයක්ද යන්න විමසති. අපේ පියවි ඇසට නොපෙනෙන මහා බල ශක්තීන් මේ විශ්වය තුළ පවතී. විශේෂයෙන්ම බෝධි පූජාව පිළිබඳව විශාල තොරතුරු රැසක්ම ගොනු වී තිබේ. නිදහස් වූ පවිත්‍ර මනසකින් යුක්තව දෙඇස් පියාගෙන තෙවැනි ඇසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරන්නේ නම් සිතට සතුටක් සුවයක්, සැනසීමක් ලැබෙනු ඇත.
සොබාදහමට ආදරය කරන්නාට සොබාදහමද පෙරළා ආදරය කරනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල