• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙයි වැඩ හිතුමතේ අරඹන්න එපා

May 23, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ගෙයි වැඩ හිතුමතේ අරඹන්න එපා
Share on WhatsAppShare on Facebook

ඕනෑම පුද්ගලයකු නිසි වයසට එළඹීමත් සමග ඒ ඒ අයගේ දැනුම තේරුම අනුව දැනෙන සහ සිතන මූලිකම අවශ්‍යතා අතර ප්‍රධාන තැනක් ගන්නා කාරණයක් ලෙස නිවෙසක අවශ්‍යතාව හඳුන්වා දිය හැකිය. මන්ද මෙලොව එළිය දකින බහුතරයක් දෙනා සමාජ පැවැත්මට දායක වන්නන් ලෙස නිසි වයසේදී විවාහයක් කරගෙන, ඉන් පසු සිය පරම්පරාව, පවුල මෙන්ම සමාජයද වර්ධනයට කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහිදී සෑම කෙනකුගේම සිහිනයක් වන්නේ තමන්ටම කියා නිවෙසක් ඉදිකර ගැනීමයි.

මෙහිදී බොහෝ පිරිසක් තමන් සතුව ඇති ඉඩමක අලුතින් නිවෙසක් ඉදිකරන්නට කටයුතු කරනු දැකිය හැකි අතර තවත් පිරිසක් අලතින් ඉඩම් කැබැල්ලක් මිලට ගෙන නිවෙසක් ඉදිකරනු දැකිය හැකිය. මේ කුමන ආකාරයකට කටයුතු කළද වර්තමානයේ ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මුදල් වියදම් සීමා කළයුතු තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ හේතුව නිසාම විවිධ අත්‍යාවශ්‍ය කාරණා අතපසු කෙරෙන බවකුත් පෙනෙන්නට තිබේ. එනිසා නිවෙසක් ඉදිකිරීමේ අදහස පහළ වූ මොහොතේ සිටම කෙනකු ඉතා බුද්ධිමත්ව සිතා තින්දු තීරණ ගත යුතුය. එසේ නොවුණහොත් තමන් මහන්සියෙන් ඉදිකරගත් නිවෙසේ වාසය කිරීම ගැටලුසහගත විය හැකිය.

සූර්යයා මිථුන, ධනු, මීන, රාශි හරහා ගමන් කරන කාලසීමාව කෝණ මාස ලෙසිනුයි හඳුන්වන්නේ. එනිසා ගෙයක් හදනකොට මෙම මාස අත්හරින්නම ඕනෙ. ඊට පසුව වඩාත් සුබ දිනයකුයි වැඩකටයුතු ආරම්භයට යොදාගත යුත්තේ. සතියේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා අතහැරලා වැඩ ආරම්භ කළොත් ඉතාමත් යෝග්‍යයි. ඊළඟ කාරණය තමයි නැකැත් 27 එයින් නිවාස කටයුතු සඳහා සුදුසු වන්නේ නැකැත් 17යි.

ඉතින් එහෙම සුබ නැකැත් අතරින් තෝරාගත යුත්තේද ගෙදර ගෘහ මූලිකයාගේ උපන් නැකැතට සීහෙන නැකැතක්ම පමණයි. ඒ වගේම ගෙදර පදිංචි වන සියලු දෙනාගේ උපන් නැකැත්වලට සීහෙන නැකැතක් සොයාගත හැකි නම් එය ඉතාමත් හොඳයි.

එහිදී චන්ද්‍ර මාස ක්‍රමය අනුව එක චන්ද්‍ර මාසයකට පුර තිථි 15 සහ අව තිථි 15 තිබෙනවා. මේවායින් 4,9,14 තිථි රිට්ටා ලෙස හඳුන්වනවා. රිට්ටා තිථි පවතින වෙලාවක නිවෙසක වැඩ ආම්භ කරලා අවසන් කරන්න බැරිවෙනවා. එහිදී නිවාස ඇරඹීමට සුබම තිථි වන්නේ 2,3,5,7,10,11,12,13යි.

මේ කටයුත්තේදී යෝග ගැනත් අවධානය යොමු කරන්නම අවශ්‍යයි. එනිසා ඍෂිවරු හඳුන්වා දුන් යෝග 27 අතරින් විෂ්කම්භ, අතිගණ්ඩ, ශුල ගණ්ඩ, ධම ව්‍යාඝාත, වජ්‍ර ව්‍යාතිපාත, පරිඝ වෛධති යන යෝග කිසිම සුබ කටයුත්තකට සුදුසු නැහැ.

ඊළඟ කාරණා ගැනත් සැලකීම වටිනවා. එහිදී කාරණා 11න් විෂ්ටි, ශකුණ, චතුස්පාද, නාග කිංස්තුංග යන කාරණා මඟහරින්න පුළුවන් නම් වඩාත් හොඳයි.

මෙවැනි කාරණා රාශියක් ජ්‍යොතිෂයට අනුව නිවෙසක වැඩ ආරම්භයට වගේම ඕනෑම සුබ වැඩකදී සොයාබැලිය යුතු වෙනවා. බැලූ බැල්මට සරලයි වගේ සිතුණත් මේ සියලු කාරණාවලින් කෙරෙන බලපෑම ඉහළයි. ඒ නිසා දන්න කියන කෙනකුට කියලා නැකැතක් හදවාගෙන, වෙලාව බලලා නිවෙසක කටයුතු ඇරැඹීම ඉතාමත් හොඳයි. ඊළඟ කාරණය තමයි ග්‍රහ යුද්ධ පවතින අවස්ථාවල සුබ වැඩ ඇරැඹීමත් සුදුසුම නැහැ. එනිසා එවැනි අවස්ථා ගැනත් අවධානය යොමුකළ යුතුමයි.මේ සියලු කාරණා ගැන සිතා සිය නව නිවෙස ආරම්භය ඉතා බුද්ධිමත්ව කළ යුතු කාර්යයක් බව තේරුම් ගත යුතුයි.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී
ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

වැලිගම මරණයේ පොලිසිය හැංගූ CCTV එළියට එයි! පොලිසිය සිටිද්දීම පහර දීමක්!! (VIDEO)

Next Post

මොකක්ද මේ යූප ගල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.