• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙයි වර්ණය හිතට බලපාන හැටි

August 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ගෙයි වර්ණය හිතට බලපාන හැටි
Share on WhatsAppShare on Facebook

ශ්වේත වර්ණ ආලෝකයෙන් උපදින කිරණ අධ්‍යාත්මික බලය වේ. එයින් නිකුත් වන මූලික වර්ණ තුන නිල්, කහ, රතු හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්, යැයි නම් කෙරේ. නිවැරැදි ආලෝකය දැකීමේදී දීප්තිමත් බවත් උෂ්ණ හා සීත යැයි කලාප දෙකකට බෙදේ. කෘත්‍රිමව ආලෝක නිකුත් කරනු ලබන වර්ණවල සමතුලිතභාවයක් නැත. එවැනි ආලෝක කදම්භය ඇතුළත සිටීම නිසා හිසරදය, ඇස්වල වේදනාව, ශක්තිය හීනවීම වැනි ආපදාවන්ට ගොදුරුවේ. ප්‍රතිදීප්ත ලාම්පුවලින් නීල වර්ණයෙන් පාරජම්බුල වර්ණයන් පිට කරයි. සුදුම එළියක් ලැබෙනුයේ “ටන්ස්ටන් හැලජන්” ලාම්පු හරහාය. මේවා ඉතාම ප්‍රබලය. අඩු විදුලි ධාරිතා ලාම්පුවල ශක්තීන් නිවසට ප්‍රමාණවත් වන අතර ඒවා වැඩි වශයෙන් යෙදීම සුදුසුයි. අඩු ධාරිතාවයෙන් යුක්ත සෞම්‍ය වර්ණාලෝකය සිරුරට හිතකර වේ. වැඩි ආලෝකයන් නිතර භාවිතයෙන් විවිධ ව්‍යාධිවලට ලක්වන්නේය. ළා නිල් පැහැය, සිරුරට අතිශයින්ම හිතකරයි. බෝ වෘක්ෂයක් පිට කරනුයේ එවැනි සෞම්‍ය වර්ණයකි. පාඩම් කිරීමට, භාවනා කිරීමට මෙම වර්ණය ඉතාමත්ම හිතකරයි. ධාරණ ශක්තිය ඇතිවේ. කොළ පැහැය (හරිත) ඇස්වලටත් මුළු සිරුරටත් ඉතාම සුබවාදී වේ. සිරුරට සමතුලිතභාවය ඇතිකරයි. ඉවසීම තපෝ ගුණය වඩයි. සිරුරේ ක්‍රියාවලිය සන්සුන් වේ. ගණ වනාන්තරයක් ඇතුළට ගිය විට එය හොඳින්ම දැනේ. වර්ණ විදුදරයන් මෙවන් වර්ණ මැනවින් හඳුනාගෙන තිබේ.
රතු වර්ණය මනස අසංවර කරන අතර උද්වේගකාරීවේ. කාම රාගය ඇවිස්සෙනු ඇත. කුරිරුකම, පලිගැනීම, සටන්වැදීම ආදියට පෙළඹේ. ඒ රතු පැහැයේ නිධාන ලක්ෂණය වන්නේය.
තැඹිලි පැහැය මානසික ආතති මුදාහැර සංවරශීලී වේ. විසිත්ත කාමරයකට ඉතාම යෝග්‍ය වේ. රෝස පැහැය කාන්සිය පාළුව මකා දමන අතර සිත ප්‍රබෝධජනක කරයි. මිත්‍රශීලීය. ආලය ආදරය සෙනෙහස වර්ධනය වේ. ළා දම් පැහැය භාවිත කරනුයේ මානසික ප්‍රතිකාර කරන තැන්වලයි. ස්නායු ආබාධ තුරන් වේ. ‘අල්ට්‍රාවයලට් රේස්’ නමින් හැඳින්වේ. සිත නිදහස් වී සාමය සතුට වහා එළඹේ. භාවනා කිරීමටත් සුදුසුය. වර්ණ සංයෝජනය තරංග මිනිස් දිවියට බලපෑම් කෙරේ. අවකාශයේ සමතුලිතතාවයට දෝලනය වේ. හිරුගෙන් නිකුත් වන වර්ණ ජාලය 6017කට ආසන්න බැව් වර්ණ විද්‍යාඥයන්ගේ මතයයි. නිවසෙක ඇතුළත වර්ණාලේප කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර ධනාත්මක වර්ණ සංයෝජනයකින් පිරිපුන් වීම ඉතාම යහපත්ය. මනසට වධදෙන අතිශයින් උණුසුම් රතු වැනි වර්ණ නිවසකට යෙදීමට යෝග්‍ය නොවේ. වර්ණ ගුණාත්මක බවින් පොහොසත් විය යුතුමය.

රතු, කහ, රන් පැහැයන් ධනාත්මකවද නිල්, කොළ, ළා රෝස භෞතිකමය සතුටද උපදවයි. අළු පැහැය ඍණ තත්ත්වයක් ඉස්මතු කරයි. මෙකී වර්ණවලට අමතරව නිවස තුළ සිරුරට හිතකර විවිධ සුවඳ වර්ග භාවිතයද යහපත්ය. ඖෂධීය වට්ටෝරු අනුව සුවඳ ධූපයන්ගෙන් දුම් ඇල්ලීමද පැරැණි නිවාසවල කෙරිණ. අෂ්ටගන්ධ ධූපය හා වෙනත් විවිධ වන ඖෂධීය සුවඳ ධූපයන් නිතර භාවිත කිරීමෙන් ශරීර සෞඛ්‍යයට හිතකර වන බැව් ගුප්ත විද්‍යාවේ දක්වා ඇත්තේය. ඒ සඳහා දේශීය ඖෂධීය වන ඖෂධ එක්රැස් කර සාදාගන්නා ලද වට්ටෝරුවක් මෙසේ දක්වමු.
සුදුහඳුන්, රත්හඳුන්, නාමල් රේණු, අගිල්, ඊතණ, සුවඳකොට්ටං, ජටාමාංශ, කර්කටශ්‍රිංගි, වදකහ, සැවැන්ද හා නෙලුම් රේණු, තුවරලා, එන්සාල් සහ සාම්බ්‍රානි සමග මිශ්‍ර කරගත් එකී සුවඳ ධූපය නියමිත මන්ත්‍රයකින් ජපකර උදේ හවස නිවස තුළ දුම් ඇල්ලීමෙන් වාතය පවිත්‍ර වේ. දෝෂ දුරුවී නිවෙසට සෞභාග්‍යය උදාවන බැව් දැක්වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සල්ලි දෙවියන්ගේ මල්ලිද?

Next Post

ඔබේ මාරකය කලින් හඳුනාගන්න

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.