• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහයන්ට රහසේ ආදරය ජයගත හැකිද

August 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහයන්ට රහසේ ආදරය ජයගත හැකිද
Share on WhatsAppShare on Facebook

දැනට බොහෝ කාලයකට පෙර සිටම විවාහය, ආදරය යන කාරණාවලදී මිනිසාගේ ක්‍රියාකාරකම් වෙනස් වී තිබේ. එහිදී අතීතයේ පැවැතියේ එක්තරා සම්ප්‍රදායකි. නැත්නම් සාම්ප්‍රදායික විවාහ ක්‍රම එකකි. නැතිනම් දෙකකි. මෙය ජනවර්ගයාට, ආගමට දහමට, ජාතියට ලෙස සුළු සුළු වෙනස්කම් පැවැතියද සම්පූර්ණයෙන්ම විවාහ රටාවේ ලොකු වෙනසක් නොවීය. වැඩිහිටියන් කතාබස්කොට දෙපැත්තේ ඥාතීන් දැන හඳුනාගෙන තරුණ යුවළක් චාරිත්‍රානුකූලව එකතු කිරීම එවකට සිරිත විය. ඒ කාලයේ ආදරය කිරීම නොතිබුණා යැයි කිව නොහැකි වුවද ආදරයේ අවසානයද පෙර කාරණාවලට මුල්තැන දීමට පිරිස උනන්දු විය. එහෙත් මේ තත්ත්වය කෙසේ සිදුවුවද කෙසේ වෙනස් වුවද කෙනකුගේ කේන්දරයේ ග්‍රහ පිහිටීමටත් එම ග්‍රහයන්ගේ බලපෑමට හසු නොවී මේ කිසිවක් කළ හැකිද එසේ සිදුවේද යන්න සිතාබැලිය යුතුය. මන්ද ඕනෑම කෙනකුට තම ග්‍රහචාරයන්ට යටත් වීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදුවන නිසාය. වර්තමාන විවාහය දෙස බලද්දී එහිදී සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම දෙදෙනාගේම ලිංගික ආශාවන් සපුරාගැනීමයි. විවාහයේදී තම සැමියාගෙන් පමණක් තෘප්තිමත් වන කාන්තාවන් සුළු පිරිසකි. ඔවුන් පතිදම් රැකගෙන සාර්ථක විවාහ ජීවිත ගතකරයි. බොහෝ කාන්තාවන් විකල්පයක් ලෙස තරුණ පිරිමින් ආශ්‍රයට රහසිගතව පෙළඹීම නොවැළැක්විය හැකි කනගාටුදායක තත්ත්වයක් බව වර්තමානයේ අපට ආරංචි වන සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. මෙය සත්‍ය තත්ත්වයයි. කාන්තාවන් පමණක්ම නොව පිරිමින්ද එසේමයි.

විවාහයේදී සහකාරියක් හෝ සහකරුවෙක් තෝරා ගැනීමේදී තම අදහස්වලට ගැළපෙන අයකු සොයා ගැනීම බොහෝ වටී. විවාහය යනු මිනිස් ජීවිතයක දෙවැනි උපතක් ලෙස සැලකේ. එය බුද්ධිමත්ව සිදුකර ගතහොත් විවාහ ජීවිතයේ බාධක නැත. දෙදෙනාම චරිතය කිලිටි කර නොගෙන පතිදම් රැකගෙන, දරුවන්ද හදාවඩාගෙන සාර්ථකව ජීවිතය ඉදිරියට ගෙනයා හැකි වන්නේ එවිටයි. මෙවන් අයට ලැබෙන දරුවන්ද බුද්ධිමත්, නිරෝගී, යහමග යන සමාජයම බබළවන දරු පරපුරක් වේ. එක සමාන අදහස් ඇති බොහෝ අය කේන්දර, හඳහන්, පොරොන්දම් නොගැළපුණද ප්‍රේම සබඳතා පවත්වා විවාහවී සාර්ථකව විවාහ ජීවිත ගත කරන පවුල්ද දුර්ලභව ඇත.

සමහරු පාසල් වියේදී ප්‍රේම සබඳතා පවත්වා ඒ දේවල් සමබරව පවත්වාගෙන ගොස් බෞද්ධ සංස්කෘතිය රැකගනිමින් ඉගෙනීම කර, ආශ්‍රය කර රැකියාවන් ලබා අඩුපාඩුකම් සාදාගෙන නිවෙසක්ද තනා අවුරුදු ගණනාවක්ම පෙර වූ ප්‍රේම සබඳතාවයම විවාහයක් බවට පත්කරන්නේ ඥාති හිතවත් මවුපියන්ගේ ආශීර්වාදය මධ්‍යයේය.

තවත් සමහරු පොරොන්දම් නොබලා චාරිත්‍ර ඉටු නොකර හිතුවක්කාරීව විවාහයන් සිදුකර ගනී. එවැනි බොහෝ විවාහයන් ටික කලකින්ම නිමාවේ. මවුපියන්ට හොරා අකීකරු වී තම නිවෙසින් තරුණ වියේදී පැනගිය දියණිය නැවැත දරුවන් සමඟ මවුපිය නිවෙසට පැමිණේ. දරු සෙනෙහස නිසාම මවුපියන් ඇයව භාරගනී. නමුත් දරුවන්ත අන්ත අසරණ වේ. ප්‍රේම සබඳතා ගොඩනඟාගෙන කලක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන යෑමට නම් දෙදෙනාම බුද්ධිමත් වියයුතුමය. දෙදෙනාම මානුෂීය හැඟීම් දන්නා අන්‍යොන්‍ය බැඳීමෙන් සිටිය යුතුය.

දැන් අපි විමසා බලමු මඳක් ප්‍රේම සබඳතාවන් ජ්‍යොතිෂ ඇසට යොමුවන අයුරු.
ප්‍රේම සබඳතාවලට බලපාන ප්‍රධාන ග්‍රහයා සිකුරුයි. ඊට අමතරව කුජ හා බුධ ග්‍රහයින්ද බලපායි. රාහු හා කේතු බලපාන්නේ ප්‍රේම සබඳතාවන් විනාශ කිරීමටයි. සිකුරු ග්‍රහයාත් සමහර විට ප්‍රේම සබඳතා විනාශ කරයි. මීන ලග්නයෙන් ජනිතව සිකුරු හත්වැන්න ගතවී නම් ප්‍රේම සබඳතා පවත්වාගෙන යෑම අසීරුවේ. ප්‍රේම සබඳතා කීපයක්ම ඇතිවී නැතිවී යයි.
රාහු දශාව තුළ කන්‍යාව හත්වැන්න වී නම් ප්‍රේම සබඳතා කීපයක් ඇතිවී සියල්ල නැතිවී මානසික රෝගී තත්ත්වයකට පත්කිරීමට ඉඩ ඇත.

රාහු ග්‍රහයා සිංහ රැසගතව යෙදී තරුණ වියේදීම රාහු දශාව ලබයි නම් එම දශාව තුළද ඇතිවන ප්‍රේම සබඳතා වෙනස්වී යයි. හිත් තැවුල් ඇතිවේ. සමහර විට ඒ ගැනම සිතා මානසික ආතති හා විකෘති තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ ඇත.

මකර ලග්නයෙන් ඉපදී කුජ හත්වැන්න ගතවී නම් ප්‍රේම සබඳතා නිසා සිත් තැවුල් ඇතිවේ. පසුව විවාහ වන්නේ මවුපියන් ගෙනඑන යෝජිත විවාහයකිනි. එය සාර්ථකවේ.
කන්‍යා ලග්නයෙන් ඉපදී සිකුරු ග්‍රහයා හත්වැන්න ගතවී නම් එම තැනැත්තිය ධනවත්, කඩවසම්, උගත්, තරුණයකු සමඟ විවාහ වේ. විවාහයෙන් පසුවද දෙදෙනා යහපත් සාර්ථක යුග දිවියක් ගතකරයි.

අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ විවාහය හා ප්‍රේම සබඳතා පවත්වාගෙන යෑමට දෙදෙනාම අවබෝධයෙන් කටයුතු කළයුතු බවයි. මනුෂ්‍යාගේ හැඟීම්, ගතිගුණ, දක්ෂතා, ලැබීම් යන සියල්ලක්ම කේන්දරයකින් විදහාපාන නිසාම විවාහය පොරොන්දම් බලා තේරුම්ගෙන සිදුකර ගැනීම වඩා වටිනා කරුණක් වන්නේ මේ නිසාය.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

DIMO නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

Next Post

‘Tuk Rentals’ සේවාව මෙරටට හඳුන්වා දුන් ‘Ridesharing’ සමාගම

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.