ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.
“ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් වෙත පිවිසීමට හැකියාව සැලසෙනවා” යනුවෙන් ඩීමෝහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පැවසීය. “ඩීමෝ පාරිභෝගිකයින්ගේ වෙනස් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම අති නවීන ඩිජිටල් විසඳුම් තුනක් හඳුන්වාදී තිබෙනවා.
www.carsatdimo.lk වෙබ් අඩවිය, DeX Automotive යෙදවුම සහ www.dimoretail.lk වෙබ් අඩවිය ආදී සියල්ලම නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් විශිෂ්ටතම පාරිභෝගික අත් දැකීමක් සැලසීමේ සමාගමේ කැපවීම තවදුරටත් අවධාරණය කරමින් නිර්මාණය කර තිබෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෑතකදී දියත් කළ www.carsatdimo.lk වෙබ් අඩවිය, ඩීමෝ වෙතින් මිලදී ගත හැකි නවීනතම හා පාවිච්චි කරන ලද Mercedes-Benz හා Jeep රථවල සියලුම තොරතුරු ගැනුම්කරුවන්ට කිසිදු කරදරයකින් තොරව ලබා ගැනීමට අවකාශ සලසයි.











