• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුජ අපලෙන් මිදෙන්න පහසුම ක්‍රමය

October 10, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කුජ අපලෙන් මිදෙන්න පහසුම ක්‍රමය
Share on WhatsAppShare on Facebook

කුජ කියද්දිත් ඇතැම් අය දක්වන්නේ අසීමිත බියකි. ජ්‍යොතිෂයේදී කුජට හිමිවන්නේද ප්‍රබල ස්ථානයකි. ඒ කුජට කළ හැකිදේ අසීමිත බැව් බොහෝ ජ්‍යොතිෂ ක්‍රමවේදයන්ට අනුව පිළිගැනෙන බැවිනි. භූමිපුත්‍ර යනුවෙන්ද, මංගල යනුවෙන්ද කුජ ග්‍රහයා හඳුන්වන අවස්ථා ඇති අතර මංගල කටයුතුවලදී කුජ යම් විදිහක ප්‍රබලයෙකි. එසේත් නැතහොත් සියල්ලේ තීන්දුකාරයාය.

කුජ විවිධ කරදර ගෙනදෙයි. ඒ අතර සතුරු කරදර කලකෝලහල අවි ආයුධ ප්‍රහාර මෙන්ම ලේ සෙලවීම, තුවාල සිදුකිරීම, කැපීම්, කෙටීම්, වැටීම් වගේම ප්‍රියජනක දේවලින් දුරස් කිරීම කුජගේ සිරිතකි.

මේ කොතරම් නරක කරන, අසුබ කරන ග්‍රහයකු වුවත් කුජ යම් ජන්මියකු සුබව පිහිටියහොත් දෙනු ලබන පල සුබය. එවිට සතුරු කරදර දුරුකරවනු ලබයි. සතුරන් දණගස්වයි. එසේම ශරීර ශක්තිය, නිර්භීතකම, රාජ්‍ය සම්මානද ජන්මියාට ලබාදීමට සමත්වෙයි. බොහෝ විට භූමියෙන් ලාභ ධන ලාභ ආදිය ලබා දීමටද කුජ දෙසැරයක් සිතන්නේ නැත.

කුජ ග්‍රහයා යුද්ධයට අධිපතීත්වය දරන උනන්දුව සහ උදf්‍යා්ගය සපිරි ග්‍රහයෙකි. එසේම වික්‍රමාන්විත ග්‍රහයෙකි. එසේ හෙයින් කුජ සුබපල දෙන විට එම ජන්මියාට විශිෂ්ට ප්‍රතිරූපයක් සකසා දෙයි. පෙර ආත්ම භාවයන්හි අධිකව කෝප ස්වභාවයක් දැරූ අන් අයට කරදර පීඩා කළ අයට මෙම භවයන්හි කුජ හිරිහැර කරන බවත් විශ්වාසයක් වෙයි. එසේ හිරිහැර කරන අතර ජන්මියාට කැපුම් කෙටුම් මගින් අනතුරු ඇති කිරීමට කුජ උත්සාහ කරයි. ඇතැම් අයට ලියුකේමියාව නමැති රෝගය වැලඳෙන්නේ කුජගේ දෝෂය නිසා බවටද පැවසේ. එසේම පෙර භවයන්වල සියලු අකුසලවලට විපත් සහ විපාක ගෙනදීමේ ප්‍රධානියාද කුජය.

එනිසා සෑම ජන්මියකුටම කුජ විවිධ ආකාරයට පලදෙන අයුරින් උත්පත්ති කේන්දරවල පිහිටනු ලබන්නේ පෙර භවවල පින්, පව් අනුවය. පෙර භවවල පින් කළ අයගේ ජන්ම පත්‍රවල කුජ සුබපල දෙන ග්‍රහයකු ලෙසත්, පව් කළ අයගේ ජන්ම පත්‍රවල අසුබ පල දෙන ස්ථානවලත් කුජ පිහිටන බවට ජ්‍යොතිෂයේදී හඳුන්වයි. එනිසා සෑම කෙනකුම අනෙක් ආත්ම භවයට හෝ පින් රැස්කර ගන්නට පෙලඹිය යුතු බව අවබෝධ කරදීමටද කුජගේ ඇතැම් ක්‍රියාකාරකම් ඉවහල් වෙන බව හඳුනාගත යුතුය.

කෙසේ නමුත් කුජගේ අපල දුරුකර ගැනීම සඳහා කළ හැකි වත්පිළිවෙත් බොහෝමයක් වෙයි. ඒ අතරින් මහා අනර්ඝ පල ලැබෙන වත්පිළිවෙත් ලෙස රෝගීන්ට වැඩිහිටියන්ට ගිලනුන්ට උපස්ථාන කිරීම ප්‍රධාන වෙයි. බෙහෙත් වර්ග දන්දීම, ආබාධිත අයට පිහිට වීම, අසරණ වූ අංගවිකල අයට පිහිටවීම, යුධමය අවස්ථාවලින් ආබාධයට ලක්වූවන්ට පිහිට වීම ආදිය තුළින් කුජගේ අපලයට සහනයක් උදාකරගත හැකිය. කෙසේ නමුත් කුජගෙන් අපල ඇත්තාට වෛරය, ක්‍රෝධය සිතට නැඟෙයි. සතුරන්ගෙන් පළිගන්නට සිතෙයි. එසේ වුවද මෛත්‍රිය වඩවමින් නිතර භාවනා කටයුතු කරමින් සිත දියුණු තියුණු කරගෙන කටයුතු කළ හැකි නම් අපල සපල කරගැනීම ඉතාමත් පහසු කාරණයක් වන්නේය.

මීළඟට වඩාත් වැදගත්ම දෙය වන්නේ කුජ අපල ඇත්තන්ට අසරණ රෝගීන් වෙනුවෙන් ලේ දන්දෙන්නට හැකි නම් එය මහා පල ලැබෙන පිළිවෙතකි. අසරණ තත්ත්වයට පත්ව මරණයේ දොරකඩ සිටින අයට ජීවිතය දීමෙන්ද, මරණයට කැපවූ සතුන් මුදා ගැනීමෙන්ද කුජ අපලයෙන් සහනය උදා කරගත හැකි වන්නේය. මෙම භවයේ කරන පින්කම් නිසා පෙර භවයන්හී කළ පව් දුරුවේවායි සිතීමත්, ප්‍රාර්ථනා කිරීමත් තුළින් කුජගේ අපලය දුරු කරගත හැකි වන්නේය.

මීට අමතරව ඉතා පහසුවෙන් කුජ අපලවලින් මිදීමට ඇති හොඳම විසඳුම වන්නේ රතු මල්මාලා පුද පූජා සඳහා යොදා ගැනීමය. පොකුරු රතු වදමල්, රතු අරලියා, රතු කනේරු, නෙලුම් මල්, රත්මල් මේ කටයුතු සඳහා යොදාගන්නේ නම් ඉතාමත් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. එසේම රත්හඳුන් මිශ්‍ර සුවඳ වර්ග, රතු වස්ත්‍ර සහ ආභරණ, රතු පැහැගත් පලතුරු වර්ග, රතු කිරිබත්, රතුබත් ආදිය දන්දීමෙන්ද කුජගේ අපලය දුරු කරවාගත හැක.

කෙසේ වෙතත් කුජ අපල කරන කාලවලදී ඉවසීමේ ගුණය පිරිහේ. එනිසා නිතරම කලබල නොවී සිටිනවාය යන සිතුවිල්ලෙන් යුතුව ජන්මියා කටයුතු කිරීම වැදගත්ය. බෞද්ධ සම්ප්‍රදායට අනුව අභිසම්භිධාන යන්ත්‍රය දහස් වර පිරිත් කර පැලඳීම ඉතාමත් සුබ ප්‍රතිඵල ගෙනදෙයි. හැකි සෑම විටම කුමන හෝ පුද පූජාවක නිරත වීම ඉතාමත් සුබය. කතරගම, කිරිවෙහෙර වැනි ස්ථානයන්ට පුද පූජා තැබීම, එළඟිතෙල්, තලතෙල්, බෙහෙත් තෙල්, පහන් හත බැගින් පූජා කර තුන්සූත්‍රය, ධජග්ග පිරිත තෙවරක් ගායනා කර දෙවියන්ට පින් දීම තුළින්ද කුජ අපලය ඉතා පහසුවෙන් මඟහරවාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

කාලෙකින් ටෙලිනාට්‍ය වැඩ කළේ නැහැ

Next Post

රුවන්වැලි මහා සෑයේ ධතු ගර්භයට ගිය එකම රජතුමා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.