• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකින් ටෙලිනාට්‍ය වැඩ කළේ නැහැ

October 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
කාලෙකින් ටෙලිනාට්‍ය වැඩ කළේ නැහැ
Share on WhatsAppShare on Facebook

මනුස්සකම් පිරුණු මනුෂ්‍යයන් අතර සොඳුරු කලාකරුවෙක් තමයි ඔහු. සනත් විමලසිරි කියන්නේ වේදිකාව තුළ වසර ගණනාවක් තම දහදිය වගුරමින් ආ ඔහු, මනමේ කුමරු, සිංහබාහු ලෙසට අදටත් ජීවය දෙනවා. ඒ විතරක් නෙවේ සුවිශේෂී ටෙලිනාට්‍ය රැසකට දායක වුණු ඔහු අද ටෙලිනාට්‍යවල දකින්නට නැති තරම්. ඉතින් ඒ සොඳුරු මිනිසාගේ ඉදිරි කලා දිවි ගැන අපි මෙලෙස සනිටුහන් කළා.
ඔබ නිර්මාණකරණයේ සුවිශේෂී රංගනයන් අප දැක තිබුණත්, දැන් නිර්මාණවල දකින්නට නැති තරම් ඔබව?
වේදිකාවේ නම් එදා වගේම අදටත් වැඩ කටයුතු කරගෙන යනවා. ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට දායකත්වය නම් අඩුයි. නිර්මාණවලින් ඈත්වෙලා නෙවේ. නිර්මාණකරණයේ මනුෂ්‍යකම් නැති වුණාට ඒ නිර්මාණවල වැඩ කිරීමට හිතට තෘප්තියක් නැහැ. මනුෂ්‍යකම් තිබෙන නිර්මාණවල තමයි මම වැඩ කරන්නේ.
ඉතින් මේ දවස්වල කොහොමද ඔබගේ වැඩකටයුතු?
ටවර්හෝල් පදනම යටතේ පසුගියදා නාට්‍ය උළෙලක් පැවැත්වූවා. එයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. නාට්‍යකරුවන්ට නාට්‍ය පෙන්වීමට බැරි කාලවකවානුවක. ප්‍රේක්‍ෂකයන්ට ප්‍රේක්‍ෂකාගාරයට ඒමට බැරි කාලවකවානුවක උත්සාහයක් කරලා බැලුවා වෙනසකටත් එක්ක.
ඒ නාට්‍ය උලෙලට අලුත් නාට්‍ය කිහිපයකුත්, ළමා නාට්‍ය කිහිපයකුත් නිර්මාණය කළා.
ඔබ එදා වගේම වේදිකාව වෙනුවෙන් කැපවෙන සුවිශේෂී කලාකරුවෙක්. එහෙත් ටෙලිනාට්‍ය තුළින් ඔබව දකින්න නැහැ?
එහෙම අඩුවීමක් නැහැ. කාලෙකින් ටෙලිනාට්‍ය වැඩ කළේ නැහැ. මේ දවස්වල සුමිත් රත්නායකගේ නවතම නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා. මම කලින් පැවැසූ විදිය සුන්දර හදවතක් තියෙන මනුෂ්‍යකම් පිරුණු කෙනෙක්ගේ නිර්මාණවල වැඩ කරන කොට ඒ නිර්මාණයේ සුන්දරත්වයක් අපි දකිනවා. සමහරු නිර්මාණවලට ආරාධනා කරලා කතා කරන ඇමැතුමෙන්ම එපාවෙනවා.
ඔබ මෙයට පෙරත් සුමිත් රත්නායකගේ නිර්මාණ කිහිපයක වැඩ කළා. ඔහු සමඟ වැඩ කිරීමේ විශේෂත්වය?
ඔහු ඔහුගේ නිර්මාණය සාර්ථක කරගැනීමට උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන කොට මම පිටපතවත් බලන්නෙ නැහැ.
කලාව තුළ ජීවිතය විඳින්න පුළුවන් බව ඔබ විශ්වාස කරනවද?
මොකද නැත්තේ. එයට ප්‍රබලම අවස්ථාව වේදිකාව තුළයි. ඒ විඳින සතුට මිල කරන්න බැහැ. ප්‍රේක්‍ෂකයා එය රස විඳිනවා කියලා දැනුණාම මොන තරම් ආශ්වාදයක් ලබනවාද. අපි වේදිකාව තුළ වැරැදි හද හදා රඟපාන්න බැහැ. වැරැදුණොත් වැරැැදුණාම තමයි. ඒ සියලුම රංගනයන් ජීවමනායි. ඒ සජීවීව ලබන ප්‍රතිචාරය අපි ජීවිතය තුළ විඳිනවා.
රඟපෑමට හැදෑරීමක් අවශ්‍යමද?
මොකද නැත්තේ. හැදෑරීමක් නැතිව මේ ක්‍ෂේත්‍රයට ආපු නැති අය තුළ තමයි ඔය මනුෂ්‍යකම් නැත්තේ. මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙනවානම් හැදෑරීමක් ඇතිව ආවනම් මෙයට වඩා හොඳ අත්දැකීමක් තියේවි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මට එක එක කාලෙට කතා හැදෙනවා

Next Post

කුජ අපලෙන් මිදෙන්න පහසුම ක්‍රමය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.