ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ දේහ ලක්‍ෂණ ගැන සැලකීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම අංගවලින් එම ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ගතිගුණ හොඳින් විමර්ශනය කළ හැකිය. මෙහිදී ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලි මඟින් කියැවෙන නාරි ගතිගුණ විමසීමට සිතුවෙමි. ස්ත්‍රියගෙන් ස්ත්‍රියට පාදයේ හැඩය, පා තබන ආකාරය හා ඇඟිලිවල පිහිටීම වෙනස් වෙයි. ඒ නිසාම එයින් කියැවෙන ගතිගුණවලද පරස්පරතා පවතී. ඍෂි මුවින් පිටවුණු ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලිවලින් කියැවෙන ගතිගුණ මෙසේයි.
- පාදයේ නහර අධිකව මතු වී ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වන බොහෝ දිළිඳු ස්ත්‍රීන් වෙයි. ජීවිතය පුරාවටම අපමණ දුක්ගැහැට විඳියි. නිතර කලකිරීමෙන් හා පසුතැවීමෙන් ජීවත් වෙයි. - පාදයේ රෝම අධිකව පිහිටියේ නම්
මෙවන් ස්ත්‍රීන් යමක් උපයා ගැනීමට අධික ලෙස මහන්සි විය යුතුය. කොතරම මහන්සි වුවද මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. මොවුන්ද බොහෝ දුක්විඳින, දිළිඳු ස්ත්‍රීන්ය. - පාදයේ දබර ඇඟිල්ල, මහපට ඇඟිල්ලට වඩා බොහෝ දිග නම්,
මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර, මුරණ්ඩු අය වෙයි. තම සැමියා හෙළාදකියි. කටහැකරය. සැමියා සමඟ නිතර රණ්ඩු වීම නිසාම විවාහය දෙදරා යයි. - මහපට ඇඟිල්ල වටකුරුව, උස්ව පිහිටි විට
මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. යස ඉසුරු ලබමින් සතුටින් ජීවත් වෙයි. මැරෙන තුරුම සැපසේ සිටිය හැකි පිහිටීමකි. - යටිපතුලේ මැද වළගැසී තිබීම
මෙවැනි ස්ත්‍රීන්ට ජීවිතය ගෙනයෑම ඉතා දුෂ්කර වෙයි. මුදල් ඉපයීමට දැඩි වෙහෙසක් ගතයුතුය. තම සැමියාද, දරුවන්ද අමතක කරන මොවුන් වෙනත් පුරුෂයන් සොයා යයි. මොවුන් කාමාධික චරිත වෙයි. - යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොව ස්පර්ශ කරයි නම්
මොවුන්ගේ ජීවිත ගමන බොහෝ කටුකය. කරදරකාරිය. ජීවිතය පුරාවටම අසුබ සිද්ධීන් ගණනාවකට මුහුණ දීමට සිදුවෙයි. විවාහයද රැක ගැනීමට වෙර දැරුවද එයද අසාර්ථක වී යයි. - යම් ස්ත්‍රියක් ඇවිදින විට දූවිලි අවුස්සයි නම්
එම යුවතිය තම පවුලට නින්දා, අපහාස ලබා දෙයි. මොවුන් ඉතා කාමාධිකය. පර පුරුෂ ඇසුරද වැඩිය. විවාහයද අසාර්ථක වී කැඩී යයි. - පා ඇඟිලි පුපුරන තරමට මහත් වේ නම්
තම සැමියා පසෙක ලා අන් සැමියන් සොයා යන කාමාධික ස්ත්‍රියකි. මොවුන් තම පවුලේ ගෞරවය නැතිකර දමයි. නරක වැඩවලින් මුදල් උපයයි. - පාදයේ නියපොතු කළු පැහැයෙන් යුක්ත නම්
වෙර වීරිය යොදා ජීවිකාව ගෙනයයි. තමන් විඳින දුක්කම්කටොලු ගැන සිතා නිතර කනස්සල්ලෙන් පසුවන ස්ත්‍රියකි. - පාදයේ සුලැඟිල්ල පොළොවෙන් ඉස්සී තිබේ නම්
මෙවන් ස්ත්‍රීන් ද්විත්ව චරිත රඟපායි. කාමාධිකය. තම සැමියා රවටා පරපුරුෂයන් සොයා යයි. මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් අකාලයේ මියයෑම හෝ ස්ත්‍රිය හැරයෑම සිදුකරයි. - පාදයේ ඇඟිලි එකිනෙක පිට නැඟී ඇත්නම්
මෙවන් ස්ත්‍රීන් පරපුරුෂයන් ඇසුරු කරයි. විවාහය නාමිකව පවතී. දරුවන්ටද ආදරය නැත. කෲරය, මොවුන් බොහෝ විට නගර සෝබනියන් ලෙස හැසිරේ. අනාගතය අඳුරුය. - ඇවිදීමේදී උඩ පැන පැන යන හෝ තාරාවකු ආකාරයට ගමන් ගන්නා ස්ත්‍රිය
මෙම ස්ත්‍රීන් ගුණ ධර්ම අනුව ජීවත් නොවේ. හැසිරීම අප්‍රියසහගතය. නිතර නිතර දුරගමන්වල යෙදේ. පවුකම් කළද එය බොහෝ රහසිගතව සිදුකරයි. - යටිපතුලේ පියුම, රථය, සේසත, කොඩිය හෝ හක්ගෙඩිය ආදී ලකුණුවලින් එකක් හෝ පිහිටි ස්ත්‍රිය
ඉතා වාසනාවන්තය. යසඉසුරු පිරි ජීවිතයක් ගතකරයි. මොවුන්ගේ විවාහය ඉතා සාර්ථකය. සමාජයෙන් ගෞරව, නම්බුනාම හිමිවන ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රියක් විවාහය පිණිස ලබන පුරුෂයා ඉතා වාසනාවන්තය. - පාදයේ වෙදඟිල්ල හෝ මැදඟිල්ල පොළොවේ නොවදී නම්
මෙවන් ස්ත්‍රීන් බොහෝ අවාසනාවන්ත ජීවිතයක් ගතකරයි. තම සැමියාගේ ආදර, ගෞරවය නොලබයි. ැහැදිලිව තිබීම
මෙවැනි ස්ත්‍රීන් ඉතා බුද්ධිමත්ය. විවිධ ශිල්ප ශාස්ත්‍රවල හසල දැනුමක් ඇත. ඉතා ප්‍රසිද්ධියට පත්වෙයි.