මෙරට මෝටර් සයිකල් ළෝලීන්ට තවත් සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් මැලේසියාවේ පැවැත්වෙන ලෝකප්‍රකට Motor GP මෝටර් සයිකල් ධාවන තරගය නැරඹීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ටත් උදාකර දීමට KTM ශ්‍රී ලංකා කටයුතු කර ඇත.
Motor GP යනු ලෝකයේ සුප්‍රසිද්ධ මෝටර් සයිකල් ධාවන තරගයක් වන අතර එය මෝටර් සයිකල් ධාවන තරග පිළිබඳ ලෝකයේ පරිපාලක ආයතනය වන Fédération Internationale de Motocyclisme (FIM)හි පූර්ණ අනුමැතිය ඇතිව පවත්වනු ලබයි.
2019 සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා මිලදී ගන්නා ඕනෑම මාදිලියක KTM මෝටර් සයිකලයක හිමිකරු මෙම තරගය සඳහා සුදුසුකම් ලබයි. එම පාරිභෝගිකයන් අතරින් තෝරා ගන්නා ජයග්‍රාහකයන් දෙදෙනකුට මැලේසියාවට සියල්ල ගෙවන ලද සංචාරක පැකේජයක් සමඟ Motor GP තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍රද හිමි වේ.
මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී 2019 නොවැම්බර් මස 03 වැනි දින Motor GP ධාවන තරගය පැවැත්වෙන අතර ණඔඵ ශ්‍රී ලංකා විසින් තෝරා ගන්නා ජයග්‍රාහකයන් දෙදෙනාට රාත්‍රී 03ක් ආවරණය වන සංචාරක පැකේජයක් හිමිවේ.
එපමණක් නොව මෙහිදී තෝරා ගන්නා තවත් ජයග්‍රාහකයන් 10 දෙනකුට KTM ලකුණ සහිතව හැඩ ගැන්වුණු හෙල්මට් හිමිවන අතර තවත් ජයග්‍රාහකයන් 10 දෙනකුට එසේම හැඩ ගැන්වුණු ජැකට් පිරිනැමේ.
ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් KTM මෝටර් සයිකල් බත්තරමුල්ල, යාපනය, මාතර, කාත්තන්කුඩි සහ අක්කරේපත්තු යන ස්ථානවල KTM ඩීලර් ප්‍රදර්ශනාගාරවලින් මිලදීගත හැකිය. ඒ අනුව මේ වන විට KTM මෝටර් සයිකල් මාදිලි 06ක් මෙරටදී මිලදී ගැනීමේ හැකියාව ඇති අතර, එම මාදිලි නම් KTM Duke 125, Duke 200, RC 200, Duke 250, Duke 390 සහ RC 390 යන මෝටර් සයිකල් වේ.