• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එරබදු

March 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
එරබදු
Share on WhatsAppShare on Facebook

අවුරුදු අසිරිය පළමුව පරිසරය මඟින් පවසනු ලබන්නේ එරබදු ගසයි. සිංහල සංස්කෘතිය හා සබැඳුණු එරබදු ගස පිළිබඳව සාහිත්‍ය ග්‍රන්ථයන් තුළ විවිධ අයුරින් වර්ණනාත්මකව සවිස්තර වෙයි.

දේශීය වෙදකමේ එරට මුදලියා යන රහස් නාමයෙන් හඳුන්වන එරබදු ගස කැඩුම් බිඳුම් හෙළ වෙදකමේදී නැතිවම බැරි ශාකයකි. එරබදු සඳහා භාවිත වන සංස්කෘත පර්යාය නම් රැසකි. අවුරුදු පෙර නිමිති කැන්දාගෙන එරබදු ශාකය සංස්කෘතික වටිනාකමක් සනිටුහන් කරන ලෙසම ඖෂධීය ගුණයෙන්ද පෙරමුණ ගනියි. එහි කොළ කොරල්පරයක ස්වරූපයක් මවාපානු ලබයි.

එරබදු කැඳ, වැටී ඉනි ලෙස සිටුවීමටද කොළ පොහොර ලෙස යෙදීමද සාමාන්‍ය පිළිවෙතයි. ඖෂධ සඳහා එරබදු පංචාංගයම යොදා ගැනෙයි.

සන්ධි ශෝථයට එරබදු කොළ කොටා කහ, ලුණු සමඟින් මලවා බැඳීම යහපත්ය. ගම්බද ජනතාව මෙහි ඇති ආහාරමය වටිනාකම නිසි ලෙස හඳුනාගෙන ඇත.

කල්ගතවූ ඔසප් දෝෂ සහ ස්ථුල කාන්තාවන්ගේ වඳ භාවයට එරබදු කොළ යුෂ මේස හැඳි තුනක් පමණ දිනපතා උදේ, සවස බීම ගුණදායකය.

කිරිපණු රෝගය සඳහා එරබදු දලු මැල්ලුම ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් බව ගම්බද මව්වරුන් වටහාගෙන ඇත. අලුත් එරබදු කොළ යුෂ අවුන්ස දෙකක් මී පැණි දමා පානය කිරීමෙන් කිරිපණු, දෝෂ දුරුවන අතර, විරේචන ගුණයද ගෙන දෙයි.

එදිනෙදා දත් කැක්කුමේදී එරබදු කොළ අඹරා දත මුල තැබීමද සාර්ථක ප්‍රතිකාරයකි.
කැඩුම් – බිඳුම් වෙදකමේදී ලොත් සුඹුලු – කුඹුක් පොතු – කෙළිඳ හාල් රත්නිටුල් සමඟ එරබදු පොතු සමව ගෙන කහ, ලුණු ලා කොටා මලවා බැඳීමද තවත් ප්‍රතිකාරයකි.

ඉදිමුම් නාශක ගුණය අනුව වැටීම්, තැළීම්, ඉදිමීම්වලදී කුඩා දරුවන් සඳහා එරබදු දලු තළා තැබීම වර්තමානයේද මවුවරුන් අතර ප්‍රචලිතය. තැල්මට එරබදු කොළ යුෂ බිත්තර සුදු මද සමඟ පොල් අරක්කු මිශ්‍ර කර පෙවීමද වැඩිහිටියන් වෙනුවෙන් සිදුවෙයි. මව්කිරි හීනවීමේදී සිරප් – පෙති – කරල්වල පිහිට පතන මව්වරුන් ඒ සඳහා මුදල් වැයකිරීම් සිදුකරන්නේ එරබදු ශාකය පිළිබඳව ඇති අනවබෝධය නිසාය. වැට මායිමෙන්ද වඳවී යන එරබදු ගස තම ගෙවත්තේ කෙළවරක සිටුවා ගැනීමට සෑම මවකම උත්සාහ දරන්නේ නම් එහි නිසි ඵල අත්විඳීමට හැකිවෙයි.

එරබදු කොළ යුෂ හෝ පොල්කිරි යොදා පිසගත් එරබදු දලු ආහාරයට එක්කර ගැනීම මව්කිරි වර්ධනයට හිතකරය.

එරබදු මල් පූජා කිරීමෙන් දෙවියන් පහදවා ගැනීමට හැකිවෙතැයි ඉන්දියානුවන් අතර විශ්වාසයක් පවතියි.

ලංකාවේ වියළි, පහතරට සහ වෙරළාසන්න ප්‍රදේශවල සිටුවන ගස් දක්නට ලැබෙයි. දීප්තිමත් රත්පැහැ පුෂ්ප හටගනු ලබන්නේ අප්‍රේල් මාසයේදීය. පාරිසරික වෙනස්වීම් මත එම කාලයේ මෙම ශාකයේ පත්‍ර ඇති වීම හෝ නැතිවීම සිදුවෙයි.

සුශ්‍රැත සංහිතාව, අෂ්ටාංග හෘදය සංහිතාව ආදිය පරිශීලනයෙන් එරබදු ශාකයේ ආයුර්වේද වටිනාකම වටහාගත හැකිය.

අවුරුදු අසිරියේ පෙරගමන්කරුවකු වන එරබදු ගසේ ඖෂධීය වටිනාකම අල්පයක් හෝ වටහා ගැනීම සියල්ලන්ගේම නිරෝගී සුවයට හේතුවෙයි.
එරබදු වැට සීමා මායිම් දැමිය යුතු ශාකයක් නොවේ.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරිවරයකු පත්වේ

Next Post

ලෙඩ හංගන වාස්තු

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.