වසර 6කට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ එක් කෙළවරක පිහිටි නිවෙසක වාස්තු පරීක්‍ෂාවක් සඳහා හවස් වරුවක මා ගියා. ඉඩමේ සහ නිවෙසේ තැනින් තැනට යමින් වාස්තු පරීක්‍ෂා කිරීමේදී බොහෝ තැනක තිබුණේ ජරාවාස වූ ස්වභාවයක්. නිවෙසේ ගෘහමූලිකයා වූ උදය මහතා වෛiවරයෙක්. බිරිය අක්කර ගණනක වතු යායක හිමිකාරියක්. නිවෙසට ආසන්නව පිහිටි නගරයේ කඩ සාප්පු කිහිපයක් කුලියට දී තිබුණා. නිවෙසේ වාස්තු පිහිටීම් අනුව මෙම නිවෙසේ අකල් මරණයක් සිදුවිය යුතු බව මා ගෘහමූලිකයාට පැවසීමත් සමඟ උදය මහතා පොඩි දරුවෙක් මෙන් ඉකිගසමින් අඬන්නට වුණා. තාත්තා කෙනෙක් ඒ වගේ ඉකි ගගහා අඬන්නේ උහුලන්න බැරි දුකකට. ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයා සාමාන්‍ය සැත්කමක් අතරතුරදී මියගොස් තිබුණේ නොසිතූ පරිදිය. මිය යන විට පුතණුවන් වෛi විiාලයට සුදුසුකම් ලබා තිබුණා. අපි දවස ගානේ මැරි මැරී ඉපදෙනවා, මැරිච්ච මළකඳන්වලයි, අපෙයි වෙනසක් නැහැ’ උදය මහතාගේ බිරිය මා හා පැවසුවේ කඳුළු සලමිනි. නිවෙසියන්ගේ ජීවිත සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඒ වන විට කඩාවැටී තිබිණි. නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු වූයේ පුතණුවන්ගේ අකල් මරණයත්, එවන් විපතක් දියණියන් දෙදෙනාටද අත්වේ යැයි සිතාය. නිවැසියන්ට එවන් අවාසනාවන්ත ඉරණමක් අත්කර දුන් නිවෙසේ පිහිටි වාස්තු දෝෂ සහ එම දෝෂ ඉවත් කිරීමට මා උපදෙස් ලබා දුන්නේ මෙසේය.
ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටීම
මෙම නිවෙසේ ප්‍රධාන දොර ගිනිකොනට පිහිටා තිබිණි. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ට අඩු ආයුෂ, දැඩි මානසික පීඩා, උමතුවීම්, බිය ජනිත කරයි. හිස ආශ්‍රිතව රෝගාබාධ ඇති වෙයි. වැඩිමල් පුතණුවන් මියගොස් තිබුණේ මොළය අකර්මණ්‍ය වීමෙනි. එමෙන්ම සතුට, සැනසීම නැති ගිනි ගොඩක් උඩ ජීවත් වෙනවා වැනි ජීවිත නිර්මාණය වෙයි. ප්‍රධාන දොර ගලවා නිරිත දිශාවට ධන පාදයේ තැබීමෙන් දෝෂය ඉවත් කළේය.
කුරුස පාදම් දෝෂය
වැඩිමල් පුතුණුවන්ගේ නිදන කාමරයේ කුරුස පාදමක් වැටී තිබිණි. එනම් කුරුසයක්, එකතු කිරීමේ (+) ලකුණක් ආකාරයට අත්තිවාරම් කොටස් සැකසීමයි. යම් නිවෙසක කුරුස පාදමක් පවතින විට මතුපිට බිත්ති නිරීක්‍ෂණය කිරීමෙන් එය හඳුනා ගතහැකිය. කුරුස පාදම වැටීම නිවැසියන්ට මාරක ගෙන දෙන ප්‍රබල වාස්තු දෝෂයකි. පිළිකා වැනි දරුණු රෝගාබාධයත්, හදිසි අනතුරු ඇති කරයි. කුරුස පාදම අත්තිවාරමෙන් ගලවා ඉවත් කිරීමට උපදෙස් දුනි.
නිවෙස සමචතුරස්‍රාකාර වීම
නිවෙසක දිග – පළල අතර වෙනස අවමය අඩි 5 අඟල් 6 විය යුතුය. එසේ නොමැති නම් සමචතුරස්‍ර නිවෙසක් ලෙස සැලකේ. මෙම නිවෙසේ දිග – පළල අතර වෙනස අඩි 3කි. සමචතුරස්‍ර නිවෙසක් තුළ මළමිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. කිසිදු සතුටක් නොමැති ජීවිත ඇතිවෙයි. දිනෙන් දින ලෞකික ජීවිත පිරිහී දැඩි මානසික පීඩනයකින් නිවැසියන් දිවි ගෙවයි. ජීවිතය අන්තයටම කලකිරේ. සමහරුන්ට මතකය අඩු වෙයි. සියදිවි නසාගන්නට පෙලඹෙන්නන් මෙවැනි නිවෙස්වල බහුලය. නිවෙසේ දිග පැත්තට අඩි 4ක කොටසක් එකතු කිරීමෙන් සමචතුරස්‍ර දෝෂය මෙම නිවෙසින් ඉවත් කළේය. පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නිවැසියන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හැරිණි. උදය වෛiතුමන් සමාජ සේවයක් ලෙස නොමිලේ වෛi ප්‍රතිකාර සහ උපදේශන සේවයක් පවත්වාගෙන යයි. බිරිය, දියණියන් සමඟ එකතුව සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











