• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම එන්නේ බදුල්ලෙන්

March 14, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම එන්නේ බදුල්ලෙන්
Share on WhatsAppShare on Facebook

ඕෂධී කියන්නෙ සුන්දර රූ සපුවකින් හෙබි මනස්කාන්ත කලාකාරියක්. පෙනුමින් රංගනයෙන් වාගෙම කතාබහෙන්ද ප්‍රේක්‍ෂකයන් තුළ මිහිරිමය මතක සටහන් තැබූ ඕෂධී මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයටද පිවිස හමාරය. සුවිශේෂී ටෙලිනාට්‍ය මාලාවන් තුළ සිත්කලු චරිත නිරූපණයන් හරහා ආලින්දයේ සිනමාව රසගැන් වූ මේ හැඩකාර රංගවේදිනිය, ‘හාට්’ විශේෂාංගය රස ගැන්වීමේ කෙටි පිළිසඳරට අප හා එක්වූයේ මෙලෙසිනි.
ඉතින් ඕෂධී කොතැනින්ද, පටන් ගන්නෙ, පොලිටික්ස්වලින්ද? රංගනයෙන්ද?
රංගනයෙන් පටන් ගමු. හැමෝම මුලින්ම මාව අඳුනගත්තේ නිළියක් විදියටනේ නේද?
හොඳයි, එහෙම නම් කියන්න, කොහොමද මේ දවස්වල නිළියක ලෙස ඔබ දවස ගෙවන්නේ?
අලුත් චිත්‍රපටයක රඟපෑම් සඳහා තමයි පසුගිය දවස්වල මගේ කාලය ගෙවුණේ. හැබැයි දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වුණු නිසා චිත්‍රපටයෙහි රූගත කිරීම් මඳ කලකට නවතා දමන්න සිදුවුණා.
චිත්‍රපටය ගැන තොරතුරු කියන්න පුළුවන්ද?
චිත්‍රපටයෙහි නම ‘සකී.’ එය අධ්‍යක්‍ෂණය කරන්නේ මගේ මහත්තයා ප්‍රදීප් බුලත්සිංහලගේ. එහි තිරනාටක රචනය මගේ. මම ඇතුළුව සනත් ගුණතිලක සමඟ දිල්හානි ඒකනායක ‘සකී’ හි ප්‍රධාන චරිත රඟපානවා.
ඒ ඔබේ පළමු චිත්‍රපට තිර රචනය වෙන්නැති?
ඔව්. ඒ මගේ කුලුඳුල් චිත්‍රපට තිර රචනය. හරිම සතුටින් තමා මම ඒ වෙනුවෙන් කාලය මිඩංගු කළේ. අනෙක ඒ තිර කතාව මගේම නිර්මාණයක්. මම හිතලා නිර්මාණය කළ කතාවක්. චිත්‍ර කතාවක්, නවකතාවක් හෝ කෙටි කතාවක් පසුබිම්කර ගන්නවාට වඩා මගේම මනසෙහි ඇඳුණු ඒ කතා පුවත ගැන මම සතුටු වෙනවා.
චිත්‍රපටවලට යොමු වුණේ ටෙලිනාට්‍ය එපාවෙලාද?
එපා වුණාම නෙවෙයි. හැබැයි යම් කලකිරීමක් ඇති වුණා යැයි කිව්වොත් හරි. ටෙලිනාට්‍ය කලාව දැන් රැල්ලක් වෙලා. ඒ කාලේ කොටස් 25කට හෝ 30කට සීමා වුණු ටෙලි නාට්‍ය දැන් කොටස් සියයක් පහු කරගෙන ඔහේ ඇදී යනවා. එම කොටස් සියය යම් ප්‍රමිතියකට අනුව කිසියම් අවස්ථානුකූල සිදුවීම් මාලාවක අවශ්‍යතාවකට ගෙන යනවා නම් ඒත් කමක් නැහැ. ඇත්තටම බලා ඉන්න නීරසයි. එකම දේ එකම සිදුවීම් මාලාව කොටස් ගණනක් පුරාවට ගෙන යන මේ අමුතු ආකාරයේ ටෙලි කලාව ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්. අන්න ඒ හින්දා ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙන විට මම එය තෝරා ගන්නේ ඉතාම පරෙස්සමටයි.
කනගාටුවක් දැනෙන්නේ නැද්ද ටෙලිනාට්‍ය කලාවෙන් ඈත්ව සිටීම ගැන?
ඇත්තෙන්ම කනගාටුයි. හැබැයි ටෙලිනාට්‍ය රඟපෑම සීමා කළ සිද්ධාන්තය තුළ මට චිත්‍රපටවල රඟපෑමේ වරම හිමිවුණ එක ගැන නම් මා සතුටු වෙනවා. මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරි කාලය තුළ තිරගත වීමට නියමිතයි. නම් වශයෙන් සඳහන් කරනවා නම්, ශ්‍රී සිද්ධා, පපාස් හවුස් සහ සුදු සමනලයෙක් ලෙස එය හැඳින්විය හැකියි.
එම අදහස ඔබ ටෙලි කලාව අතහැර චිත්‍රපට කලාවට පිවිසුණාය කියන එකද?
එහෙමය කියන්න බැහැ. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් අනිවාර්යයෙන් මම එහි රඟපානවා. මොකද ප්‍රේක්‍ෂකයො කියන පිරිස මා වටා එක්රොක් වූයේ ටෙලිනාට්‍ය කලාව නිසයි.
ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණේ ඔබ තුළ වූ යම් සිහිනයක් සැබෑකර ගැනීමටද?
අපොයි නැහැ. ඒ අර්ථ කථනය සම්පූර්ණයෙන්ම වැරැදියි. දේශපාලනය කියන්නේ රටට සේවය කිරීම සඳහා අප තෝරා ගතයුතු විෂයක් මිස සිහින සැබෑ කරන පාරාදීසයක් නෙවෙයි. දේශපාලනයට පිවිසුණු මගේ අරමුණ සහ මගේ දැක්ම වන්නේ ජනතාව මට දෙන ඡන්දය තුළ ඔවුන් මා වෙතින් බලාපොරොත්තු වන සේවය හොඳින් ඉටු කිරීමයි. අනෙක මම හිටිගමන් දේශපාලනයට පැමිණියේ නැහැ. දේශපාලනය සඳහා මා පියවර තැබුවේ 2010 අවුරුද්දේ.
ඔබේ ප්‍රධාන අරමුණ වන්නේ, අසාධාරණයට ලක්ව සිටින කලාකරුවාට සාධාරණය ඉටු කිරීමද?
සත්තකින්ම කලාකාරියක ලෙස මම ‘කලාකරුවා’ කියන සුවිශේෂී පුද්ගලයා කෙරෙහි සාධාරණය ඉටු කිරීමට බැඳී සිටිනවා. ඒ වාගේම ජයග්‍රහණය කරා මා මෙහෙය වීමට ඇප කැපවී සිටින බදුල්ලේ ජනතාව වෙනුවෙන්ද ඔවුනට මගෙන් ඉටුවිය යුතු සේවය වෙනුවෙන්ද නිසි යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට මම බලාපොරොත්තු වනවා.
බොහෝ කලාකරුවන් දේශපාලනයට ආවා. නමුත් ඒ කිසිවෙක් කලාකරුවන් වෙනුවෙන් කළ යමක් නැහැ නේද?
මම ඕෂධී හේවා මද්දුම, මම කතා කරන්නේ මා ගැන පමණයි. මා බලාපොරොත්තු වන ඉලක්කයට පැමිණි පසුව මට ලැබෙන තනතුර මත මම බදුල්ලෙ ජනතාවටත්, අසාධාරණයට ලක්ව සිටින කලාකරුවන්ටත් මම හැකි උපරිමය කිරීමට පොරොන්දුව සිටිනවා. ඒ වගේම කලාව වෙනුවෙන් සහ කලාකරුවා වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩ
නැඟීමට මම සුවිශේෂීව බලාපොරොත්තු වෙනවා. කලාකරුවා කියන්නේ ජනතාව සතුටු කරවන විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයෙක්. හැබැයි අවාසනාව කියන්නේ මේ රටේ බස් රථය පදවන රියැදුරාට තිබෙන පෙන්ෂන් එක හෝ ‘ඊ.ටී.එෆ්.’ එකවත් ඒ පුද්ගලයට නැහැ. රඟපාන්න බැරි දවසට ඔවුන් කෙතරම් අනාරක්‍ෂිත වෙනවද? අන්න ඒ වෙනුවෙන් යමක් කිරීමටයි මම සැලසුම්කර ගෙන සිටින්නේ. තවත් කාර්යයක් මෙතැනදී කිව යුතුමයි. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ටෙලිනාට්‍ය පෙරහැර නිසා ගෙවල්වලට කොටුවී සිටින අපේ රංගවේදීන් වෙනුවෙන්ද අනිවාර්යයෙන් අප යමක් කළ යුතුයි. තම හැකියාවනට නිසි අවස්ථාවක් නොමැතිව ඔවුන් එසේ කාලය ගෙවන්නේ මේ ඉන්දියානු ටෙලි විලාසිතාවට නිසයි. ඒ සඳහා යම් පියවරක් ගතයුතු වෙනවා.
වාරණයක් පැනවීමටද ඕෂධී ඔබේ සූදානම?
අපොයි නැහැ. වාරණ හෝ තහනම් නියෝග වෙනුවට යම් සීමාවක් මේ සඳහා ඇති කරන්නටයි පියවර ගතයුත්තේ. එවිට ගෙදරට වී සිටින අපේ ප්‍රවීණ කලාකරුවනට යම් සාධාරණයක් ඉටුවේවි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ඔබ දේශපාලනයට යොමු වුණේ ඇයි කියල කිසිවකු ඔබෙන් ඇහුවොත්?
පිළිතුර හරිම සරලයි. මේ රටට යම් වැඩදායී යමක් ඔවුන් කළ නිසා මම එම පක්‍ෂය තෝරා ගත්තා. 2010 සිටම මම මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මගේ දේශපාලන ගමන ආරම්භ කළා. 2015 ඔවුන් පරාජයට පත්වුවද මම මගේ පාට හෝ පක්‍ෂය වෙනස් කළේ නැහැ. මොකද? රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන ගමනට මා තුළ වන කැමැත්ත සහ ඔවුන් නිවැරැදිය කියන හැඟීම මට දැනෙන නිසා. මම යම් පටු වාසි තකා මගේ ඉදිරි ගමන පාවා දෙන්නට කැමැති වුණේ නැති නිසයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

උහුලන්නට බැරි වාස්තු ගින්දර

Next Post

මංමුලාවී පාර සොයාගෙන මුහුදෙන් එතෙරට යන ගමනේ…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.