• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

September 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න
Share on WhatsAppShare on Facebook

වාහනයක් ගන්න එක බොහෝදෙනකුගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න විවිධ උත්සාහයන් දරන්නට බොහෝ පිරිසක් කටයුතු කරන ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ වගේම වාහන නිසා දියුණු වූ අය සේම වාහන නිසා විවිධ ගැටලුවලට මුහුණදුන් අයත් සමාජයේ අනන්තවත් දක්නට ලැබෙනවා. ඇතැම් අය වාහනයක් ගැනීම සිහිනයක් සේ සිත සිතා සිටින අතරේ අලුත්ම වාහනයක් ලබා ගන්නට ලොතරැයි දිනුම් වැනි වාසනාවන් පෑදෙයි. එසේම සමහර කෝටිපතියන්ටද වාහනයක් ගන්නට සිත් නොදෙන තැන්ද දැකගත හැකිවෙයි. මේ සියලු කාරණාවලට හේතුව ජන්ම පත්‍රය තුළින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. ජ්‍යොතිෂයට අනුව වාහන ලාබ කේන්දරයේ සටහන්ව තිබේ. එසේ සඳහන් වූ වාහන ලාභ කොයි කොයි ආකාරයෙන් සිදුවේද, මොන මොන වාහන ලැබේද යන්නත් හඳුනාගත හැකි සිද්ධාන්ත කේන්දරේ සටහන්වේ. එසේම වාහන මිලදී ගෙන දියුණුවේද එම වාහනවලින් ජීවිතය සාර්ථක කරගත හැකිද ආදී විවිධ කරුණුත් කේන්දරයේ සටහන්ව තිබේ. මේ සියල්ලට පොදුවේ වාහන ලාභ ලෙස හඳුන්වයි.

යම් ජන්මියකුගේ ජන්ම කේන්දරයේ 4 වැනි භාවයේ වාහන ලාභ ගැන පෙන්නුම් කෙරේ. වාහනවලට කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. වාහන ලාභ ගැන විමසීමේදී හතර අධිපති ග්‍රහයා සහ සිකුරු ගැන සොයා බැලිය යුතුය. සිකුරු ග්‍රහයා හතර අධිපති සමඟ සිටී නම් එය සාමාන්‍ය වාහනයක් ලැබීමට හේතුකාරණා වන ග්‍රහ පිහිටීමකි. එහිදී සාමාන්‍ය වාහනයක් යනු පවුලේ පාවිච්චියට සුදුසු වාහනයක් ගැන කියවෙයි. වෑන් රථයක්, කාරයක් වැනි වාහනයක් ඊට අනුමාන කළ හැකිය.

ජන්ම කේන්දරයක හතර වැනි භාවය අධිපති චන්ද්‍රයා සමඟ සංයෝග වී ඇත්නම් එයින් කියැවෙන්නේ එම තැනැත්තාට ත්‍රිරෝද රථයක් හෝ යතුරුපැදියක් වැනි වාහනයක් ලැබීමට භාග්‍ය ඇති බවයි. මෙය බහුතරයක් දෙනාට පිහිටන ග්‍රහ පිහිටීමක් ලෙසද ප්‍රකටය. එසේම එවැනි යෝග යෙදී නැති එහෙත් ඊට වත්කම් ඇති පිරිස් තවමත් යතුරුපැදියක් හෝ මිලයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින අයුරුද දැකගත හැකිය.

වාහන එකක් දෙකක් හෝ කිහිපයක් තමන් සතු කරගන්නට වාසනාව ඇත්තන්ද අනන්තවත් සමාජය තුළ දක්නට ලැබෙයි. එලෙස වැඩි වාහන ප්‍රමාණයක් ලබන්නට වාසනාව උදාකරන්නට ප්‍රබල වාහන යෝග කේන්දරයේ පිහිටා තිබිය යුතුය. එවැනි යෝගද කිහිපයක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

ජන්ම කේන්දරයක හතර වැනි භාවය අධිපති හතර වැනි භාවයේම සිකුරු සමඟ සංයෝග වීම නිසා බොහෝ වාහන ලැබීමේ වාසනාව උදාකෙරෙයි. එසේම යම් ජන්ම පත්‍රයක හතර වැනි භාවයේ අධිපති සිකුරු සමඟ නවවැනි භාවයේ හෝ එකොළොස්වැනි භාවයේ සිටීමෙන්ද වාහන බොහෝ ප්‍රමාණයක හිමිකරුවකු වෙයි.

ජන්ම කේන්දරයේ 1, 4, 7, 10 යන භාවයන්හි එක් ස්ථානයක හතර වැනි භාවය අධිපති උච්ච වී සිටීමද වාහන විශාල ප්‍රමාණයක් ලබාදීමට සමත්වන පොකුරු වාහන යෝගයකි. වාහන යෝග බලැති හතර වැනි භාවයේ අධිපති සහ සිකුරුට අමතරව තවත් ග්‍රහයකු සිටියි. එනම් ලග්නාධිපතිය. ලග්නාධිපති ජන්ම කේන්දරයේ 4, 9, 11 යන ස්ථානයක සිටීමද වාහන ලැබෙන යෝග බලයකි. නමුත් ලග්නාධිපති 4, 9, 11 යන ස්ථානයක සිටි පමණින්ම වාහන යෝගය ක්‍රියාත්මක නොවේ. ඒ සඳහා තවත් ග්‍රහයකුගේ උදව්වද ලග්නාධිපතිට උවමනාවේ.

යම් ජන්මියකුගේ කේන්දරයේ වාහන යෝග තිබූ පමණින්ම වාහන නොලැබේ. ඒ සඳහා තත්කාල ග්‍රහචාරයද බලවත් විය යුතුය. ඒ අනුව තත්කාලයේ හතරවැන්න අධිපති බලවත් විය යුතු අතර ගෙවන මහ දශා, අතුරු දශාද සුබ විය යුතුය. එසේම ඉතා බලවත් මුහුර්තයක් සකස් කර ගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි.

වාහන මිලට ගැනීම සහ වාහනය ධාවනය ආරම්භ කිරීමට සුබ නැකැත් සාදා ගැනීමට රවි චක්‍රය විමසීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. ඒ සඳහා වාහනය මිලට ගත් වේලාව, රවි සිටි තත්කාල නැකැත බලන්න. ඉන්පසු රථය මිලදී ගත්තාගේ ජන්ම නැකැත බලාගත යුතුය. ඉන්පසු රවි සිටි නැකැතේ සිට රථය මිලදී ගත්තාගේ නැකැතට ගණන් කරන්න. නැකැත් දෙකම ඇතුළත් විය යුතුය. එවිට නැකැත් 27ක් පළමු නැකැත් දෙකම වැටීම සපලයි. ඊළඟ නැකැත් හයට වැටීම කීර්තිමත් වෙයි. ඊළඟ නැකැත් තුනට වැටීම මාරකයි. ඊළඟ නැකැත් හයට වැටෙයි නම් යහපත්. ඊළඟ නැකැත් තුනට ඇතුළත් නම් ධන හානි. ඊළඟ නැකැත් තුන නම් දුක් පීඩා. ඊළඟ නැකැත් තුන නම් සතුට සැනසුම ලැබෙන වාහනයක් උරුම වූ බව කියැවෙයි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

රඟපෑම පැත්තකට තියලා සංගීතයට බැස්ස අඹයාළුවෝ අශේන්

Next Post

ලස්සන නිවෙසක අසුන්දර කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.