• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපෑම පැත්තකට තියලා සංගීතයට බැස්ස අඹයාළුවෝ අශේන්

September 23, 2020
in Heart
Reading Time: 2 mins read
A A
රඟපෑම පැත්තකට තියලා සංගීතයට බැස්ස අඹයාළුවෝ අශේන්
Share on WhatsAppShare on Facebook

අශේන් මංජුල කිව්ව ගමන් අදටත් අපිට මතක් වෙන්නේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යය. අඹ යහළුවෝ හරහා අශේන්ට ලැබුණු ජනප්‍රියත්වය අදටත් අඩුවක් නැහැ. වර්තමානය වෙද්දී අශේන් කලාවේ විවිධ ඉසව් හඹා යන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. කලාවේ ගුණාත්මක බව රැක ගන්න වෙහෙසෙන සොඳුරු නිර්මාණකරුවෙක්. තමන්ගේ වර්තමාන කලා කටයුතු සම්බන්ධයෙන් අශේන් අපිත් එක්ක කතාබහට එකතු වුණේ මෙහෙමයි.
මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු ගැන මතක් කරලම අපි කතාබහ ආරම්භ කරමු?
ජානක වික්‍රමසිංහ සහ සශිකා නිසංසලා ගායනා කරන “අඬන්න ඇයි කාරණේ” කියන ගීතයේ රූප රචනාව තමයි අන්තිමට කළේ.
අධ්‍යක්ෂණය පැත්තෙන් අන්තිමට සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මම අධ්‍යක්ෂණය කරපු “සනහස” කියන ඒකාංගික ටෙලිනාට්‍ය පසුගිය ඇසළ පෝය දවසේ විකාශනය වුණා. ඒක තමයි අන්තිමට අධ්‍යක්ෂනය කළේ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත් දැන් කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය තුළ කරපු නිර්මාණ ගැන පොඞ්ඩක් කතා කළොත්?
මම මේ වෙද්දී ඒකාංගික ටෙලි නාට්‍ය 9ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ලැබුණු ආරාධනා හින්දා තමයි ඒ හැම එකක්ම අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම විශේෂ දින සඳහා තමයි ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළෙත්. පෝය දින, ලෝක ළමා සහ වැඩිහිටි දිනය, පරිසර දිනය, නිදහස් දිනය, නත්තල් දිනය, කාන්තා දිනය ගුරු දිනය සහ අම්මාවරුන්ගේ දිනය වෙනුවෙනුත් මම ටෙලි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා.
මේ තරම් අත්දැකීම් තිබියදීත් දීර්ඝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය සඳහා යොමු වෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත්?
දීර්ඝ ටෙලි නාට්‍යයක් කරන්න ඕනෑ කියලා මටත් දැන් හිතෙනවා. ළඟදිම ඒක කරන්න තමයි හිතා ගෙන ඉන්නේ.
ඒ කියන්නේ අශේනුත් මෙගා පැත්තට යනවා කියන එකද?
අපෝ නැහැ. මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාලත් නැහැ. ඒ වගේව කවදාවත් මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නෙත් නැහැ. හොඳ නිර්මාණයක් කරන්න තමයි මට ඕනෑකම තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය හැදෑරීම්වල මේ දවස්වල නිරත වෙලා ඉන්නවා.
අශේන් මේ දවස්වල සංගීතයට සම්බන්ධ ලොකු වැඩකටත් අත ගහලා කියලා දැන ගන්න ලැබුණා. අපි ඒ ගැන කතා කරමු?
ඔව්. අපි “ගිමන් හරින තොටුපොළ” නමින් ගීත 16ක සංගීත ඇල්බමයක් නිර්මාණය කෙරුවා. එහි ශ්‍රව්‍ය ද්‍රශ්‍ය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළේ මම. ඉතා ඉක්මනින්ම ඒ ඇල්බම් එක රසිකයන් අතරට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගීත ඇල්බම් නිකුත් වෙන්නේ නැති කාලෙක මේ වගේ වැඩකට අත ගහන්න ඇයි හිතුවේ?
ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ නව නිර්මාණ අහන්න ලැබෙන්නේ නැති අඩුව පිරවීමේ අදහසින් තමයි පෞද්ගලික ආයතනයක් එක්ක එකතු වෙලා අපි මේ වැඬේ පටන් ගත්තේ. වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, අමරසිරි පීරිස්, ජගත් වික්‍රමසිංහ, ශාලිත අබේවික්‍රම, එඞ්වඞ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සමන්ත පෙරේරා, සේනානායක වේරලියද්ද වගේ අපේ රටේ ප්‍රවීණ දක්ෂ ගායක ගායිකාවන් රැසකගේ ගීත තමයි මෙහි ඇතුළත් වෙන්නේ. ඊට අමතරව මගේ දුව හිරුනි හංසිනීත් එහි ගීත දෙකක් ගායනා කරනවා.
මේ ගීත හැදුණු විදිය ගැන අපි කතා කළොත්?
අපේ ජීවිතවලට වැදගත් වන විවිධ කාරණා තමයි අපි ඒ ගීතවල තේමා විදියට යොදා ගත්තේ. රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද දිසානායක, කුලරත්න ආරියවංශ, මාලනී ජයරත්න, යමුනා මාලනී පෙරේරා, බන්දුල නානායක්කාරවසම් වගේ ප්‍රවීණයින් අතින් තමයි ඒ ගීත රචනා වුණේ. ඒ වගේම නවරත්න ගමගේ, රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක සහ මහින්ද බණ්ඩාර වැනි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරු තමයි ඒ ගීතවල සංගීතය නිර්මාණය කළේ. ඉතාම ඉක්මනින් ඒ ගීත රසිකයන් අතට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණායින් පස්සේ අශේන් රඟපාන එක නවත්තලාද කියලා කවුරු හරි ඇහුවොත්?
අපෝ නැහැ. මම පසුගිය සතියෙදිත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා සම්බන්ධ වුණා. අඹ යහළුවෝ රඟපෑවට පස්සේ මේ වනතුරු මම ටෙලි නාට්‍ය 120ක විතර රඟපාලා තියෙනවා.
අවසන් වශයෙන් මම මෙහෙම අහන්නම්. අඹ යහළුවෝ රඟපාන කාලෙත් එක්ක ගත්තම වර්තමානයේ අපේ ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?
ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලෙට වඩා මේ වෙද්දී හිතට දැනෙණ නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා. ඒත් මේ තත්ත්වය වෙනස් කරන්න අපිට පුළුවන් දේ කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න තනියෙන් හරි කරන්න පුළුවන් දේ කරනවා කියලත් කියන්න ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

20ට තවත් නඩුවක්

Next Post

උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

MORE NEWS

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.