• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉහළට යන පඩිපෙළ ඔබව පහළට වට්ටයි

September 26, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඉහළට යන පඩිපෙළ ඔබව පහළට වට්ටයි
Share on WhatsAppShare on Facebook

අද වෙද්දි මහල් නිවාස ඉදිකිරීම එක්තරා රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. අනවශ්‍ය ඉඩකඩ සීමා වීම හේතු කොටගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වෙනකොට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නනෙ එම රැල්ලයි. කෙසේ නමුත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහෝමයක් දෙනාගේ මූලික අවධානය යොමුවන්නේ අලංකාරයටයි. එහෙම වුණාම ඇතැම් වාස්තු කරුණු මඟහැරී යන්නේ කාටත් නොදැනීමයි. ඒ විදියට මඟහැරෙන දෙයක් තමයි මහල් නිවෙසට යොදන පඩිපෙළ. බොහෝ විට නිවෙස තුළට ගියාම ලස්සනට පෙනෙන විදියට තමයි පඩිපෙළ දාන්න හදන්නේ. එය තීරණය කරන්නෙ නිවැසියාම. ඇතැම් විට වාස්තු ශිල්පියා කියූ තැන හරි නැහැ කියලා නිවාස හිමියාට සිතෙන තැනක් තෝරා ගැනීම කරන අවස්ථාත් තියෙනවා. එහෙත් එයින් යෙදෙන වාස්තු දෝෂ බරපතළ බව අමතක කරන්න හොඳ නැහැ.

යම් නිවෙසක ඉතා සුබ ආකාරයට පියගැටපෙළ යොදනවා නම් එය උතුර හෝ නැඟෙනහිර දිසාවෙන් ආරම්භ කිරීමයි වඩාත්ම හොඳ. ඒ වගේම එම පඩිපෙළෙහි අවසන් පඩිය දකුණු දෙසට හෝ බටහිර දෙසට යොමු වෙනවා නම් වඩාත් හොඳ වෙනවා. එය ඉතාමත් සුබ තත්ත්වයක්. නමුත් පඩිපෙළ උතුර, නැඟෙනහිර බිත්තිවලට සම්බන්ධ නොකළ යුතුයි. පඩිපෙළ සහ බිත්ති අතර අඩුම තරමින් අඟල් තුනක්වත් පරතරය තිබීම වැදගත් වෙනවා.

යම් ගොඩනැඟිල්ලක හෝ නිවෙසක උතුරු හෝ නැඟෙනහිර දිශාවන්ට මුහුණලා බැසීමට හැකි පඩිපෙළක් නිර්මාණය කරගත හැකි නම් එය එම නිවැසියන්ට සුබපල ළඟාකර දෙන්නක්. තරප්පුවක් නිර්මාණයේදී ඉහළ සහ පහළ වැසීමට හැකි දොරටු දෙකක් තිබේ නම් එයද වැදගත්. මෙම දොරටු උතුරට සහ නැඟෙනහිරට මුහුණලා සකස් විය යුතුයි. ඒ වගේම ඉහළ පිහිටි දොරටුව පහළ දොරටුවට වඩා අඟල් කිහිපයක් කුඩා වීම ඉතාමත් වැදගත්ය.

ඇතැම් නිවෙස්වල පඩිපෙළ කවාකාරවයි යොදන්නේ. එවිට එය දක්‍ෂිණාවර්තව යෙදීම ඉතාමත් වැදගත්. එනම් නැඟෙහිර සිට දකුණු දෙසට හෝ දකුණ සිට බටහිරට, උතුර සිට නැඟෙනහිරට ආදී ලෙසයි. යම් ගොඩනැඟිල්ලක ඉහළට යෑමට සහ පහළට බැසීමට පඩිපෙළ දෙකක් ඇත්නම් ඒවා වෙන වෙනම ඉදිකළ යුතුයි. මෙය බලපාන්නේ පොළොව යට බිම් මහලක් ඇති නිවාස සඳහායි. එසේම පඩිපෙළ නිවෙසක ඉදිරිපස මැදකොටසේ නොවිය යුතුයි. එසේම ප්‍රධාන දොරටුව ඉදිරිපස හෝ ප්‍රධාන දොරටුව හරහා යන ලෙසද තරප්පු පෙළ නොදැමිය යුතුය.
බොහෝමයක් නිවෙස්වල තරප්පු පෙළ යට ඇති ඉඩකඩ තුළ ආගමික පුදපූජා ස්ථාන, සේප්පු හෝ මුදල් කටයුතු, එසේත් නැත්නම් පොත්පත් රාක්ක, මංගල ඡායාරූප ආදිය තැබීමට භාවිත කරයි. එය නොගැළපේ.

එම ස්ථානය එවැනි කිසිදු කටයුත්තකට ප්‍රයෝජනයට ගත හැකි හොඳ ස්ථානයක් නොවේ. ඊළඟට තරප්පුවක පඩි ගණන ඉරට්ටේ වීමද ඉතාමත් වැදගත් කාරණයකි. එසේම නිවෙසක පියගැටපෙළ භාවිත කිරීමේදී හඬක් නැඟේනම් එය අසුබ තත්ත්වයක් සේ සැලකෙයි. මෙය යකඩ හෝ ලී තරප්පුවල දක්නට ලැබේ. විශේෂයෙන්ම ඊට පිළියම් නොකළහොත් විවිධ ප්‍රශ්න ඇති විය හැකිය.

නිවෙසක පියගැටපෙළන් ගොස් එක්වරම කාමර තුළට ඇතුළු වන ලෙස සැකසීමෙන් නිවැසියන්ට නරක ප්‍රතිඵල ගෙනදෙයි. එය කාන්තා පාර්ශ්වයට වඩාත් අසුබ වෙයි. බොහෝ දුරට සුළු සුළු කරුණු යැයි සිතා සිටින ඇතැම් කාරණා නොදැනුවත්වම විශාල හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් ඒ ගැන දැන සිටීම වගේම වාස්තු ගැන දන්නා කියන අයකු සම්බන්ධ කරගෙන වාස්තු දෝෂ ඉවත්කර ගැනීමත් වැදගත්.

බොහෝමය පිරිස් සිය දියුණුවේ මධ්‍යම අවස්ථාවේ දෙමහල් නිවාස ඉදිකිරීමට පෙලඹෙන අතර, නිවෙස ඉදිකිරීමෙන් පසු දියුණුව අඩාළ වීමට බලපාන්නේ මෙවැනි වාස්තු දෝෂ බව නොදනිති. ඒ නිසා ඔබගේ නිවෙසේත් එවැනි දෝෂ නැතැයි සනාථ කරගැනීම ඔබට යහපතකි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

ඔබේ අපල අවසන්ද?

Next Post

සිනමාවේ රහ වේදිකාවේ නැහැ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.