• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ?

November 23, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේෂ – විදෙස් ගමනක්
සංචාරයකට හෝ රැකියාවකට විදෙස් ගතවීමට සිටි ඔබගේ එම අදහස ඉටුවන සතියක් වන අතර ලග්නාධිපති කුජ හත් වැන්නේද සඳු 7, 8, 9 භාව හරහාද ගමන් ගනී. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මේෂ ලග්න හිමියන්ට විටින් විට බාධක එල්ල වුවද බාධක මැද ජයග්‍රහණ අත්කර ගැනීමටත්, අලුත් අලුත් අංශ සඳහා යොමු වීමටත් අවස්ථාව උදාවේ. ව්‍යාපාරිකයන්ට තමන්ගේ සුපුරුදු ස්ථානයෙන් පිටතදී ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
ජය අංකය: 7, ජය වර්ණය: රතු පැහැය

වෘෂභ – හදිසි අනතුරු
ඔබ මේ සතිය තුළදී හදිසි අනතුරුවලින් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුත්තේ ලග්නාධිපති සිකුරු 8 වැන්නේද සඳු 6, 7, 8 භාව හරහාද ගමන් ගනිමින් ඇතිවන තත්ත්වය නිසාය. කරදර බාධක මැද ගෙවී යන සතියකි. මුදලක් අමතරව උපයා ගැනීමට දරන උත්සාහය අසාර්ථක වේ. දුර බැහැර වෙහෙසකර ගමනක යෙදීමට සිදුවිය හැකිය. ශාරීරික වේදනා ඇති විය හැකිය. අසල් වැසියන් සමඟ වාද විවාදවලට නොයා යුතු කාලයකි.
ජය අංකය: 8. ජය වර්ණය: කොළ පැහැය.

මිථුන – සමාජ වැඩ
සමාජ සේවා කටයුතු පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනේ. ලග්නාධිපති බුධ 5 වැන්නේද සඳු 5, 6, 7 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන සතිය ඔබට සාමය, සතුට ඇතිව හැම දෙනාගේම ආදරයට ගෞරවයට ලක් වෙමින් ගෙවී යයි. විවාහ විය යුතු වයසේ සිටින මිථුන ලග්න හිමියන්ට සුදුසු මංගල යෝග ඉදිරිපත් වේ. අනුමානයට කරන ව්‍යාපාරික කටයුත්තක් සාර්ථක වී අතට පහසුවෙන්ම මුදලක් ලැබේ. රජයෙන් හෝ තම ප්‍රධානීන්ගෙන් ගරු සැලැකිලි ලැබේ.
ජය අංකය: 5, ජය වර්ණය: කහ පැහැය.

කටක – හැකියාවන් ඉස්මතු වෙයි
මෙතෙක් යටපත්ව තිබුණ තම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර ලග්නාධිපති සඳු 5, 6, 7 යන භාව හරහා ගමන් ගනී. වෙනත් කෙනකු විසින් අතහැර දමා තිබුණු දෙයකින් ඔබට ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකිය. අලුත්
රැකියාවක් හෝ ව්‍යාපාරයක් ගැන අදහස් පහළ වන අතර බොහෝ විට එම අදහස් සාර්ථක වේ. තමන්ගේ වැඩ කටයුතුවලට අන් අයගෙන් සහාය ලැබෙන සතියකි. අතමිට මුදල් යහමින් ගැවසෙන අතර සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය.
ජය අංකය: 6, ජය වර්ණය: ළා නිල් පැහැය.

සිංහ – කරදර ගතින් නිදහස් වේ
මෙතෙක් පැවැති කරදරයකින් ඔබ මේ සතිය තුළදී නිදහස ලබන අතර ලග්නාධිපති රවි 4 වැන්නේද සඳු 3, 4, 5 භාව හරහාද ගමන් ගනී. තමන් සතු නිශ්චල හෝ චංචල දේපොළක් වැඩි මුදලකට විකුණා ගැනීමට හැකිවේ. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින සිංහ ලග්න හිමියන්ට වෙනදාට වඩා ලාභ ලැබිය හැකි කාලයකි. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත දරු පල ලැබේ. අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දැක ගත හැකිවේ. සති අන්තයේදී සෙම් රෝගයක් මතු වීමට ඉඩ ඇත. ජය අංකය: 4, ජය වර්ණය: රතු පැහැය.

කන්‍යා – වාහන ලාභ
ලග්නාධිපති බුධ 2 වැන්නේද සඳු 2, 3, 4 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට වාහන ලාභයක් හිමිය. ගමන් බිමන් සඳහා සැප පහසු වාහන ලැබේ. සමීපව ඇසුරු කළ කෙනකු නිසා ඔබ රැවටීමකට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. සෙම් රෝග, රුධිර රෝග මතුවන බවක් පෙනේ. ආදායම් තත්ත්වයේ සු`ඵ ඉහළ යෑමක් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කන්‍යා ලග්න හිමියන්ට විටින් විට නොයෙකුත් බාධක එල්ල වන බවක් පෙනේ.
ජය අංකය: 2, ජය වර්ණය: දම් පැහැය.

තුලා ලග්නය – ගමන් බිමන්
සඳු 1, 2, 3 භාව හරහාද ලග්නාධිපති සිකුරු 3 වැන්නේද ගමන් කරමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට සහෝදර, සහෝදරියන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. නිතර නිතර කෙටි ගමන් කිහිපයකටම යෙදීමට සිදුවන අතර කාර්ය බහුලව අවිවේකීව කාලය ගෙවී යයි. වෙනදා නොලැබූ ක්‍රමවලින් තමන්ගේ අතට මුදල් ලැබෙන කාලයකි. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටුවීමට අවස්ථාව ඔබට ලැබෙයි. අසල්වැසියකු සමඟ මතබේදයක් ඇති කරගැනීමට ඉඩ ඇත.
ජය අංකය: 3, ජය වර්ණය: කොළ පැහැය.

වෘශ්චික – සැපවත් සතියක්
මේ සතිය ඔබට කරදර බාධකවලින් තොරව සැපසේ ගත කිරීමට හැකිවන අතර ලග්නාධිපති කුජ වැය ස්ථානය වන 12 වැන්නේද සඳු 12, 1, 2 භාව හරහාද ගමන් ගනියි. අත ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් විනෝද කටයුතු සඳහාත්, සැප පහසුකම් ලබා ගැනීම සඳහාත් වියදම් වෙයි. සමාජ ගෞරවය, නොඅඩුව ලැබෙන කාලයකි. උත්සව කිහිපයකටම සහභාගිවීමට අවස්ථාව ලැබෙන අතර එහිදී ඔබව අගය කිරීමට ලක්වෙයි. ඥාතීන්, මිත්‍රයන් තමන්ව සොයා ගෙන පැමිණ උදව් උපකාර ලබා ගනියි.
ජය අංකය: 3, ජය වර්ණය: සුදු පැහැය

ධනු – සතුරු බලපෑම්
ඔබගේ එදිනෙදා කටයුතුවලට විරුද්ධකරුවන්ගෙන් බාධක එල්ල වන බවක් පෙනෙයි. ලග්නාධිපති ගුරු ලග්න භාවයේමද සඳු 11, 12, 1 භාව හරහාද ගමන් ගනියි. නිතරම සිතෙහි බියෙන් සැකෙන් යුතුව කටයුතු කරන කාලයකි. ලොකු බලාපොරොත්තුවකින් වියදම් කරන මුදලක් කිසිම ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන අවදානමක් පවතී. ගෙදර දොර මෙතෙක් කර ගෙන ආ වැඩ පිළිවෙළ වෙනස් වීමක් මෙම කාලය තුළදී සිදුවෙයි. ඊර්ෂ්‍යාකාරයන් සතුරන් නිසා ඔබට මේ සතියේදී පොලිසියට උසාවියට යෑමට පවා සිදුවිය හැකිය.
ජය අංකය: 1, ජය වර්ණය: කහ පැහැය

මකර – අලුත් ආයෝජනයක්
සැලැකිය යුතු මුදලක් වැයකර අනාගත දියුණුව බලාපොරොත්තුවෙන් ආයෝජනයක් කිරීමට ඔබ පෙලඹෙන අතර ලග්නාධිපති ශනි වැය ස්ථානය වන 12 වැන්නේද සඳු 10, 11, 12 භාව හරහාද ගමන් ගනියි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද මුදලක් වියදම් වෙයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින අතර මෙතෙක් අසනීප සුව වී සතුටින් කාලය ගත කිරීමට හැකි වෙයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලැසේ.
ජය අංකය: 3, ජය වර්ණය: ළා නිල් පැහැය

කුම්භ – අත මිට සරු වෙයි
ලග්නාධිපති ශනි අය ස්ථානය වන 11 වැන්නේද සඳු 9, 10, 11 යන ස්ථාන හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට වෙනදාට වඩා අත මිට සරුවන බවක් පෙනේ. නිවෙසට මෙතෙක් අඩුවක් ව පැවැති භාණ්ඩයක් මිලදී ගන්නා අතර, ගෙදර දොර අලුත්වැඩියා කර අලංකාර කර ගැනීමට ගැනීමට හැකිවේ. උසස් නිලතල බලාපොරොත්තුවෙන් සිටි කුම්භ ලග්න හිමියන්ට තනතුරු ලැබෙන සතියක් වන අතර රැකියා බලාපොරොත්තු අයගේ අදහස්ද ඉටු වේ.
ජය අංකය: 2, ජය වර්ණය: නිල්පාට.

මීන – උත්සාහයේ ප්‍රතිඵල
ලග්නාධිපති ගුරු 10 වැන්නේද සඳු 8,9,10 භාව හරහාද ගමන් ගනියි. දිගු කාලයක් තිස්සේ උත්සාහවන්තව කරන ලද කටයුත්තක ප්‍රතිඵල ඔබට මේ සතිය තුළදී ලබාගැනීමට හැකිවෙයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමට වෙනදාටත් වඩා උනන්දුවෙන් කටයුතු කරන බවක් දැක ගත හැකි වෙයි. අසල්වැසියකු සමඟ හවුලේ කරන කටයුත්තකින්ද මුදල් ලාභයක් ඔබ අතට පත්වනවා ඇත. හිතවතකුගේ වියෝවීමක් මේ කාලය තුළදී සිදුවිය හැකිය. විටින්විට උෂ්ණාධික රෝග ඇතිවිය හැකි බැවින් ආහාර ගැනීමේදී ප්‍රවේශම් වන්න.
ජය අංකය: 1ජය වර්ණය: කහ

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්ධු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

බදුල්ල පාර මැද්දෙ කෝච්චි හංගන නිවුන්නු

Next Post

ආයෙත් විවාහ වෙන්න මං ආසාවෙන් හිටියෙ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.