• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බදුල්ල පාර මැද්දෙ කෝච්චි හංගන නිවුන්නු

November 23, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
බදුල්ල පාර මැද්දෙ කෝච්චි හංගන නිවුන්නු
Share on WhatsAppShare on Facebook

උඩරට දුම්රිය මාර්ගයේ රේල් හයික් එකක් කිව්වම ගොඩක් අය යන්න හීන දකින්නේ පට්ටිපොළ ඉඳන් ඉදල්ගස්හින්නට යන්න. නැත්නම් ඔහිය ඉඳන් ඉදල්ගස්හින්නට හරි හපුතලේට හරි යන්න. ගොඩක් අය හිතන්නේ ඒ ටික තමයි උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරම කොටස කියලා. නෑ ඇත්තටම ඒක එහෙම නෙවෙයි. උඩරට දුම්රිය මාර්ගයේ එකිනෙකට වෙනස් තැන් ගොඩක් තියනවා. ඒ හැම තැනකම සංචාරය කිරීමෙන් එකිනෙකට වෙනස් අත්දැකීම් රාශියක් ලබාගන්න පුළුවන්.

අපේ මේ රේල් හයික් එක ගියේ උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරත්වය ආරම්භ වන මුල් කොටස වන නාවලපිටිය සිට ගල්බොඩ දක්වායි. කිලෝමීටර් 12කට ආසන්න දුරක් ඇති නාවලපිටිය සිට ගල්බොඩ දක්වා කොටස තුළ එකම එක ප්‍රධාන දුම්රිය ස්ථානයක් හමුවනවා. ඒ ඉඟුරුඔය දුම්රිය ස්ථානයයි. මේ කොටස තුළ මන්දගාමී දුම්රියන් පමණක් නවත්වනු ලබන හයින්ඞ්ෆෝඞ්, හඟුරන්ඔය සහ පෙන්රෝස් යන කුඩා දුම්රිය නැවතුම්පොළවල් තුනක්ද පිහිටා තියෙනවා. අතීතයේ සිටම තේ වතු ආශ්‍රිත කලාපයක් වන මෙම ප්‍රදේශයේ වතු ජනතාවගේ ගමන් පහසුව සහ අමුද්‍රව්‍ය භාණ්ඩ ප්‍රවාහනය උදෙසාම එම දුම්රිය නැවතුම්පොළවල් යොදාගන්නා බවට සඳහන් වනවා.

සශ්‍රීක තේ වතු කිහිපයක් මැදින් වැටී ඇති උඩරට දුම්රිය මාර්ගයේ මේ ගමනේදී හමුවන ඉඟුරුඔය දුම්රිය ස්ථානයද සුවිශේෂී දුම්රිය ස්ථානයක් ලෙසට සඳහන් කළ හැකියි. ඒ උඩරට දුම්රිය මාර්ගයේ හරි මැද පිහිටා ඇත්තේ ඒ ආසන්නයේදී වීමයි. ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුවට දුර 147ණප වන අතර ඉඟුරුඔය සිට බදුල්ලට දුර 145ණප වේ. එහෙයින් බොහෝ දෙනා සලකන්නේ ඉඟුරුඔය දුම්රිය ස්ථානය උඩරට දුම්රිය මාර්ගයේ කොළඹටත්, බදුල්ලටත් එක සමාන දුරකින් පිහිටා ඇති දුම්රිය ස්ථානය ලෙසයි.

මෙම ගමනේදී එක් පසෙකින් ගලා බසින සුන්දර ගංගාවක් දැකගත හැකිවන අතර එය මහවැලි ගඟේ අතු ගංගාවක් වන සුදු ගඟ ලෙස හඳුන්වනු ලබනවා. මෙය ටර්පන්ටයින් වනාන්තරයක් පිහිටි බිමක කෙළවරකින් සුන්දරව ගලා බසින හෙයින් එහි සුන්දරත්වය තව තවත් වැඩි වශයෙන් විඳ ගැනීමට එය දකින ඕනෑම අයකුට අවස්ථාව හිමිවේ. ගල්බොඩ ආසන්නයේදී තවත් විශේෂ ස්ථානයක් හමුවෙනවා. ඒ එකම ආකාරයට නැවත නැවතත් පිහිටා ඇති පාලමක් සහ බිංගෙයක්. මුල් කොටස පසු කර මඳ දුරක් ගමන් කිරීමේදී ඒ ආකාරයේම පාලමක් සහ බිංගෙයක් සහිත කොටසක් නැවතත් හමුවෙනවා. එය බොහෝ දෙනා හඳුන්වන්නේ ටුවින් ටනල්ස් ලෙසයි. මෙය ගල්බොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටරයකට පමණ ආසන්න දුරකින් පිහිටා තිබෙනවා. එය සැබැවින්ම සුන්දර ස්ථානයක් බවට සාක්ෂි එම ස්ථානය දකින ඕනම කෙනකුට පැහැදිලිව සනාථ වෙනවා.

එහි ඇති සුන්දරත්වය කියා නිමකළ නොහැකි තරම්. සුන්දරව නිසොල්මනේ ඇද හැලෙන දිය දහරකින් දෙපසින්ම බිම්ගෙවල්වලින් වැසී මැද දුම්රිය පාලමකින් යුක්ත එම ස්ථානය දුම්රියක් ධාවනය නොවන පාළු සැඳෑවක අතිශයින්ම පාළු ගුප්ත පරිසරයක් මවනවා. ඒ හැඟීම සහ අත්දැකීම වචනවලින් විස්තර කළ නොහැකි තරම්. එය පසුකරමින් ගල්බොඩ දෙසට මඳ දුරක් ගියවිට සුප්‍රකට ගල්බොඩ දිය ඇල්ලට හැරෙන මාර්ගය හමු වෙනවා. කිලෝමීටර් 12ක් නාවලපිටිය සිට ගල්බොඩ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ පා ගමනින් පැමිණි සංචාරය ඒ විදියට තමයි අවසන් වුණේ.

ඔබත් ජීවිතේ එක් වරක් හෝ මේ සුන්දරත්වය විඳින්න සංචාරය කරලා බලන්න. හැබැයි එක දෙයක් තරයේ මතක තබාගන්න. කිසිම විටෙක එම පරිසරයට කිසිම අයුරකින් හානියක් කරන්න වගබලාගන්න එපා. සංචාරය කරලා සුන්දරත්වය විඳලා අවසානයේ පා සටහන් පමණක් ඉතිරි කර නැවත පැමිණෙන්න.
ශශින් විජේතුංග

SendShareShare
Previous Post

මණිඅක්ඛික නා රජුගේ හෙළි නොවූ රහස

Next Post

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ?

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.