• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආයෙත් විවාහ වෙන්න මං ආසාවෙන් හිටියෙ

November 23, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ආයෙත් විවාහ වෙන්න මං ආසාවෙන් හිටියෙ
Share on WhatsAppShare on Facebook

පියුමි හංසමාලි. සමහරවිට නම කියූ සැණින් කාගෙත් මතකයට නැඟෙන්නේ යම් ආන්දෝලනාත්මක එහෙමත් නැත්නම් පෙරළිකාර චරිතයක් ලෙසයි. ගෙවී ගිය කාල වකවානුව තුළ විවිධ අවස්ථාවන්හි ඇය කලා ලෝකය තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වූවා යැයි පැවසීමද වරදක් නොවේ. ඇතැම් අවස්ථාවන්හි බොහෝ දෙනෙක් පියුමි හංසමාලි යන නිළිය, එහෙමත් නැත්නම් නිරූපණ ශිල්පිනිය හෝ සරල සාමාන්‍ය තරුණියගේ හදගැස්ම හරියාකාරව තේරුම් නොගත්තා වන්නට බැරි නැත. කෙසේ නමුත් ගෙවුණු අතීතය ගැනත් ඇගේ හෙට දවස ගැනත් ඔබට කියන්නට අපි ඇයව සම්බන්ධකර ගත්තේ මෙලෙසිනි.
කොහොමද පියුමි අලුත් තොරතුරු?
ඇත්තටම මම එහෙම වැඩ ගොඩාක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි කියලා හැම කෙනෙක්ම දන්නා දෙයක්. ඉතින් මේ දවස්වල මම අලුත්ම මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. ඒ නාට්‍ය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා ඉඳලා සතියේ දවස් පහේම ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබේවි. ඉතින් ඒ නාට්‍යයේ කටයුතු කරගෙන යන ගමන් මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය කටයුතුත් කරගෙන යනවා. මගේ අදහසක් තියෙනවා කලා කටයුතුවලින් ඈත්වෙලා බිස්නස් එකක් කරගෙන නිදහසේ ඉන්න.
රඟපෑමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නද කල්පනාව?
මෙහෙමයි. පියුමි හංසමාලි කියන චරිතය වයසට යනකම්ම රඟපාන්න ඕන කියලා මම හිතන්නෙ නැහැ. ඇත්තටම ඊට වඩා මට ලේසියි බිස්නස් එකක් කරගෙන ජීවත්වන එක. ඒ අතරේ මට ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපෑමට සම්බන්ධ වෙනවා. එහෙම කරන එක මගේ රසික රසිකාවියන්ටත් සාධාරණයක් වෙනවනෙ.
කවුරු හරි කිව්වොත් පියුමි හංසමාලි ආන්දෝලනාත්මක චරිතයක් කියලා. ඔබ මොකද කියන්නේ?
පියුමි හංසමාලිව ආන්දෝලනාත්මක චරිතයක් විදියට පත්කරලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සුමයි. හැබැයි ඇත්තටම පියුමි හංසමාලි එහෙම නැහැ. දකින අය විවිධ විදියට හිතනවා ඇති. ඒත් මම එහෙම නැහැ.
ජීවිතේ වැඩිපුරම මුණගැහෙන්නෙ මිතුරොද හතුරොද?
අපට ජීවිතයේදී වැඩිපුරම මුණගැහෙන්නෙ මිතුරු වෙසින් ඉන්න හතුරෝ. බොහෝ දුරට කාලයත් එක්ක සමහරවිට මිතුරෝ හතුරෝ වගේ කටයුතු කරන අවස්ථාත් තියෙනවා. එහෙම බැලුවාම ගොඩාක් ඉන්නෙ හතුරෝ තමයි.
පියුමි හංසමාලි දවසින් දවස ලස්සන වීමේ රහස?
මම හරි කැමැතියි හැමදාම ලස්සනට ඉන්න. ඒ වගේම අලුත් පැෂන් කරන්නත් කැමැතියි. ඉතින් මම කොයි වෙලාවෙත් බලන්නෙ තියෙන ලස්සන රැකගන්න. ඕනෑම කෙනෙක් වයසට යද්දි හම රැලි වැටෙනවා. කැත වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ තියෙන ලස්සන පවත්වා ගැනීමයි වැදගත් වෙන්නෙ. ගොඩාක් අය හම්බකරන සල්ලි බැංකු පොතේ දාගෙන කැතට ඉන්නවා. ගොඩාක් අය ටී.වී. එකට ලස්සනයි. හැබැහින් දැක්කොත් කැතයි. මට
ඕන ස්වභාවික ලස්සන පවත්වා ගන්නයි.
ඉස්සර හිටපු පියුමියි, දැන් ඉන්න පියුමියි වෙනස් නේද?
ඔව්. ඔව්. ගොඩාක් වෙනස්. ඒ කියන්නේ රූපයෙන් වෙනස්. දැනට වසර දහයකට කලින් හිටපු පියුමි නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලේ අපිට සමහර දේවල් ගැන දැනුමක් නැහැ. දැන් දන්නවා. ඒ නිසා පෙනුමේ ලොකු වෙනසක් තියෙනවා.
ගෙවුණු අතීතයේ මතක් කරන්න කැමැතිම කාලය?
මගේ පාසල් කාලය මතක් කරන්න තමයි මම කැමැතිම. අදටත් මම ආදරය කරන මගේ සුන්දරම අතීතය ඒක. හැබැයි පියුමි හංසමාලි අතීතයත් එක්ක ජීවත්වන චරිතයක් නෙවෙයි. අනාගතයත් එක්ක ජීවත්වන චරිතයක්. හැබැයි ඉතින් ආයෙ යන්න ලැබෙනවා නම් මම දෙවරක් නොසිතාම යන්නෙ පාසල් කාලෙට තමයි. ඒ කාලෙ හරි ජොලි කාලයක්. සමහර විට මතක් වෙද්දි ඒ නිදහස මතක් වෙලා ඇස් දෙකට කඳුළුත් එනවා.
ජීවිතේ ආපහු හැරිලා බැලුවොත් වැඩිපුරම තියෙන්නෙ දුකද, සතුටද?
ආපස්ස හැරිල බැලුවොත් මම ජීවිතේ සෑහෙන්න දුක්වින්දා. හැබැයි මම දැන් ගෙවන ජීවිතෙත් එක්ක බැලුවාම මම හරියට සතුටු වෙනවා. ඉතින් ගෙවුණු කාලය ගැන බැලුවොත් දුක්බර කාලය වැඩි වෙන්නත් පුළුවන්.
ජීවිතේ ඉටුනොවුණු හීනයක් තියෙනවද?
මේ ළඟක් වෙනකම් ලොකු හීනයක් සහ ආසාවක් තිබුණා ආයෙත් විවාහයකට. ඒත් දැන් ඒ ආසාව නැහැ. මම දැන් හිතාගෙන ඉන්නෙ කවදාවත් ආයෙ කසාද බඳින්නේ නැහැ කියලයි. සමහර වෙලාවට විවාහය කියන එක හරිම බොරුවක් වෙනවා. ආදරේ කියලා කිව්වට මම හිතන විදියට මටම ආදරේ කරන පිරිමියෙක් හොයාගන්න අමාරුයිනෙ. කොච්චර එකට හිටියත් හොරෙන් හරි ගිහින් ෆේස්බුක් එකේ වෙන ගෑනු කෙනකුට මැසේජ් කරනවා. මම හොයන්නෙ එහෙම නෙවේ. එයා මගේ නම් මගේම වෙන්න ඕන. ඉතින් දැන් කාලේ එහෙම පිරිමි හොයන්න අමාරුයි. ඒ නිසා මට ආයෙ විවාහයක් ඕන නැහැ.
ආදරයයි – ජීවිතයයි කියන්නෙ දෙකක්ද, එකක්ද?
මම හිතන විදියට ආදරය අපිව ජීවත් කරවනවා. එතකොට ඒක අපේ ජීවිතය වෙනවා. ඉතින් ඒ ආදරේ බොරුවක් කියලා දැනුණු වෙලාවට අපි මානසිකව වැටෙනවා. කොච්චර ශක්තිමත් ගැහැනියක් වුණත් ඔතැනදී ඇය කඩාවැටෙනවා.
ජීවිතේ අසරණකමක් දැනුණු දවස මතකද?
සමහර දවස් තියෙනවා එහෙම වෙච්ච. පුතාගේ ඉස්කෝලේ නිවාඩු කාලෙදි, ගමන්-බිමන්වලදී, අනෙක් ළමයි සමඟ ඉද්දි, ඒ ළමයින්ගේ තාත්තලා ගැන කියද්දි, එහෙම අසරණකමකුත් දැනිලා තියෙනවා. ඒ වෙලාවට සෑහෙන්න වැටෙනවා. නමුත් මගේ හිත හයියයි. ඒ නිසා මම දරුවට කතා කරලා හිත හදනවා.
අවසන් වශයෙන් රසික, රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ?
මට ආදරය කරන වගේම, අකැමැති රසික, රසිකාවියන්ට මම කියන්නේ මගේ ටෙලිනාට්‍යයක් ජනවාරි පළමු වැනිදා සිට සතියේ දවස් පහේම ඔබ හමුවට එනවා. ඒ වගේම හැමදාම මගේ වැරදි හොය හොයා හිටපු අයටත් මම කියනවා ඉදිරියටත් මගේ වැරදි හොයන්න. ඒගොල්ලො තමයි මගේ ශක්තිය. මට ආදරය කරන අයට මම කියන්නේ එයාලට මම ගොඩාක් ආදරෙයි. ඒ කියන්නෙ මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන අයටත් මම ආදරෙයි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ?

Next Post

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.