2019 දෙසැම්බර් 22 ඉරිදා සිට 28 සෙනසුරාදා දක්වා
මේෂ – ඥාතීන් සමඟ ගැටුම්
ලග්නාධිපති කුජ 7, 8 භාව හරහාද, සඳු 7, 8, 9, 10 ස්ථාන හරහාද හැසිරෙමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබ ඥාතීන් සමඟ මතභේද ඇතිකර ගැනීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. ආදායම් තත්ත්වය වෙනදා මෙන්ම පැවතුණද, වියදම් පැත්ත වැඩි වීම හේතුවෙන් තැන්පත් ධනය වැය කිරීමට සිදුවෙයි. දරුවන්ගේ කටයුතු ගැන කරදර වීමට සිදුවන කාලයකි. සති අන්තයේ දුරබැහැර ගමනක් යෙදේ.
ජය අංකය : 7, ජය වර්ණය : රතු පැහැය
වෘෂභ – නීති විරෝධී වැඩ
ඔබගේ සිත නීති විරෝධී වැඩකට යොමු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ලග්නාධිපති සිකුරා මේ සතිය තුළදී පුණ්‍ය ස්ථානය වන නව වන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනී. ශාරීරික පීඩා නොයෙකුත් අසනීප ඇති විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩිපුර අවධානයක් යෙදීම වැදගත් වෙයි. පියාට හෝ පිය පාර්ශ්වයයේ ඥාතියකුට ඇති වන අසනීපයක් වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදුවෙයි. ආදායම් තත්ත්වය යහපත් වෙයි. රැකියාව, ව්‍යාපාරයේ වෙනසක් සිදුවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : කොළ පැහැය
මිථුන – ප්‍රමාදවීම්
මේ සතිය තුළදී ඔබට සියලුම කටයුතු ප්‍රමාද වී ඉටු කිරීමට සිදුවන බවක් පෙනේ. ලග්නාධිපති බුධ 6, 7 භාව හරහාද, සඳු 5, 6, 7, 8 භාව හරහාද ගමන්ගනී. විවාහක අයට අඹු-සැමියන් අතර මතභේද ඇති වන කාලයකි. උදරාබාධ, අර්ශස් රෝග වැනි ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. වෙහෙසකර දුර ගමන් යෙදුණද, එයින් ප්‍රතිඵලයක් අත්වන බවක් නොපෙනේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දැක සතුටු වීමට අවස්ථාව ලැබේ.
ජය අංකය : 6, ජය වර්ණය : කොළ පැහැය
කටක – නිරෝගී බව
ලග්නාධිපති සඳු 4, 5, 6, 7 භාව හරහා ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට මෙතෙක් කල් අසනීපයක් තිබුණේ නම් එය සුව වන බවක් පෙනේ. නිරෝගීව සතුටින් කාලය ගෙවී යයි. විරුද්ධව සිටි අය හිතවත් වී ඔබගේ දියුණුවට උදව් උපකාර කරන තත්ත්වයකට පත්වෙයි. ආදායම් තත්ත්වය යහපත්ව පවතින අතර, හදිසි ධන ලාභයක් ලැබීමටද නියමිතය. නිවෙසට අවශ්‍ය භාණ්ඩයක් මිලදී ගැනීමට හැකිවෙයි. සති අන්තයේදී විනෝද ගමනක් යෑමට අවස්ථාව ලැබේ.
ජය අංකය : 7, ජය වර්ණය : සුදු පැහැය
සිංහ – හදිසි තීරණ
ඔබ මේ සතිය තුළදී ගන්නා හදිසි තීරණයක් නිසා පසුව පසුතැවිලි වීමට ඉඩ ඇති බැවින් තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී වියයුතුය. පහසුවෙන් විසඳා ගතහැකි ප්‍රශ්න දුරදිග යන කාලයකි. දරුපල බලාපොරොත්තුවෙන් සිටින සිංහ ලග්නකරුවන්ට එම අදහස ඉටුවන බවක් පෙනේ. සිතට ඇති වන අදහසක් අන් අයට ප්‍රකාශ නොකර සිත තුළ තබාගෙන වේදනා විඳින කාලයකි. ළඟම ඥාතියකුගේ වියෝවක් නිසාද සිත දුකට පත්වෙයි.
ජය අංකය : 5, ජය වර්ණය : දුඹුරු පැහැය
කන්‍යා – දේපොළ ප්‍රශ්නයක්
ඔබ සතු නිශ්චල, චංච දේපොළ පිළිබඳ ප්‍රශ්න ඇති වන සතියක් වන අතර, ලග්නාධිපති බුධ 3, 4 භාව හරහාද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් කාලය ගෙවී යයි. සිතට ඇති වන කරදර නිසා ඇසුරු කරන අයගෙන් මෙන්ම හුදකලා ජීවිතයක් ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වයි. මුදල් අතින් අමාරුකම් යෙදුණද, ඒ ගැන අන් අයට නොපෙන්වා සිටීමට වෑයම් කරන බවක් පෙනේ. වැඩිහිටියන් නිසා කරදර විඳීමට සිදුවෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : දම් පැහැ
තුලා – ප්‍රීතිමත් සතියක්
සඳු 1, 2, 3, 4 භාව හරහාද, ලග්නාධිපති සිකුරා හතර වැන්නේද, හැසිරෙමින් ඔබට ප්‍රීතිමත් සතියක් ගතකිරීමට හැකිවෙයි. ආදායම් තත්ත්වය ඉහළ ගොස් අතමිට මුදල් යහමින් ගැවසෙන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය යහපත්ව පවතින අතර, ආගමික කටයුතු ගැන උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. විදෙස් ගමනක් යෑමට අවස්ථාව උදාවීමටද ඉඩ ඇත. විශේෂයෙන්ම මහලු අයගෙන්ද, වැඩිහිටි අයගෙන්ද ඔබගේ දියුණුව පිණිස උදවු උපකාර ලැබෙන සතියකි.
ජය අංකය : 3, ජය වර්ණය : දම් පැහැය
වෘශ්චික – ණය වීමක්
අනාගත දියුණුව බලාපොරොත්තුවෙන් කරන වැඩකට යෙදවීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට සිදුවන අතර, ලග්නාධිපති කුජ 12, 1 භාව හරහාද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. තේරුමක් නැතිව නිකරුණේ ඇවිදීමට සිත යොමුවන බැවින් ගමන්-බිමන් යෑමට පෙර කල්පනාකාරීව තීරණ ගතයුතුය. ශරීරයට දුර්වල ගතියක් දැනෙන අතර, වැඩකටයුතු ගැන තිබුණු උනන්දුව අඩු වන බවක් පෙනේ.
ජය අංකය : 1, ජය වර්ණය : රතු පැහැය
ධනු – අධික වියදම්
සඳු 11, 12, 1, 2 භාව හරහාද, ලග්නාධිපති ගුරු පළමු වැන්නේද ගමන්ගනී. මේ සතිය තුළදී ඔබට බලාපොරොත්තු නොවූ වියදම් කිහිපයක්ම එකවර පැමිණීම නිසා තැන්පත් ධනයෙන් කොටසක් වැය කිරීමට සිදුවෙයි. හදිසි අනතුරක් සිදුවීමේ අවදානමක් පවතින බැවින් ගමන්-බිමන් යෑමේදීත් වැඩකටයුතුවලදීත් ප්‍රවේශම් වන්න. නිවෙසේ අලුත්වැඩියා කිරීමක් ගැන සිතුවිලි පහළ වෙයි. වාහන ගනුදෙනුවකින් ඔබට අලාභයක් සිදුවන බවක් පෙනේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින ධනු ලග්න හිමියන් වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කිරීමට පෙලඹෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පැහැය.
සිකුරු – කැඩුම්, බිඳුම්
ලග්නාධිපති ශනි 12 වැන්නේද, සඳු 10, 11, 12, 1 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබ වැටීම්, සීරීම්, කැඩුම්-බිඳුම් ආදියට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. බලාපොරොත්තු අරමුණු ඉටුකර ගැනීමට යෑමේදී හැම අතින්ම බාධක, කරදර එල්ල වන බවක් පෙනේ. ආදායම තත්ත්වය යහපත්ව පවතී. විටින් විට අසනීප ගති මතුවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
ජය අංකය : 3, ජය වර්ණය : නිල් පැහැය
කුම්භ – ව්‍යාපාර දියුණුවෙයි
ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින කුම්භ ලග්න හිමියන්ට විශේෂ ලාභ ලැබී ව්‍යාපාර දියුණු කරගත හැකි කාලයක් වන අතර, ලග්නාධිපති ශනි 11 වැන්නේද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන් ගනී. තමන්ගේ බලය, ශක්තිය අන් අයට පෙන්වීමට අවස්ථාවක් උදාවෙයි. කලක් තිස්සේ නිමකර ගැනීමට නොහැකිව තිබුණු වැඩක් ඔබට මේ සතිය තුළදී නිමකරගත හැකි වෙයි. වයසින් අඩු අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. සති අන්තයේදී විදෙස්ගතව සිටි ඥාතියකු ඔබ හමුවට පැමිණේ.
ජය අංකය : 4, ජය වර්ණය : දම් පැහැය
මීන – රැකියාවේ ප්‍රශ්න
මේ සතිය තුළදී ඔබගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්න ඇති වන අතර, ලග්නාධිපති ගුරු 10 වැන්නේද, සඳු 8, 9, 10, 11 භාව හරහාද ගමන් ගනී. හෘදයාබාධ, දණහිස්වල ආබාධ, ශාරීරික වේදනා ආදිය ඇති විය හැකිය. වැඩකටයුතු අධික වීම හේතුවෙන් වගකීම් කිහිපයක් පැහැර හැරීමට සිදුවෙයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්වන සතියකි. ආගමික භක්තිය ඇතුව පුණ්‍ය කටයුතුවල නියැළෙන බවක් පෙනේ.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පැහැය
ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු, අගලවත්තේ චන්දන වීරක්කොඩි











