• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බාල නාට්ටිවල මගේ බල්ලවත් රඟපාන්නෑ

December 21, 2019
in Heart
Reading Time: 1 min read
A A
බාල නාට්ටිවල මගේ බල්ලවත් රඟපාන්නෑ
Share on WhatsAppShare on Facebook

ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී ජයලාල් රෝහණ එහෙමත් නැතිනම් (මුතුමිණ) ඔබට මතක ඇති. ඔහු කලාව වෙනුවෙන් හඬක් නඟන අපූරු කලාකරුවෙක්. එනිසා ඔහුගේ අලුත්ම තොරතුරු ඔබට කියන්නට අපි ඔහුව ‘හාට්’ එකට සම්බන්ධ කරගත්තේ මේ විදිහට.
ජයලාල් ඔබ දැන් රටින් රට දේශන සඳහා සහභාගි වෙනවා. කොහොමද ඒ වැඩකටයුතු?
අපේ දේ අපේ මිනිසුන්ට අගේ නැති වුණාට අපේ වටිනාකම විදේශීය ප්‍රේක්ෂක මගේ ආදර රසික රසිකාවියන්ට දැනෙනවා. ලන්ඩන්, ස්කොට්ලන්තය, බහරේන්, ප්‍රංශය වගේ රටවල මම පසුගියදා ගියා. ඉතාමත් හොඳ ප්‍රායෝගික දැනුමක් එක්ක දේශන සංවාදයක් පවත්වලා ලංකාවට පැමිණියා.
රඟපෑම අතහැර ඒ පැත්තෙන් යන්නද අදහස?
කෝ රඟපාන්න නිර්මාණ නෑනේ. දැන් එහෙම නිර්මාණ හැදෙන්නෙත් නෑනේ. බාල ටෙලිනාට්‍යවලට මගේ බල්ලවත් යන්නේ නැහැ. ඒ තරමට දැන් හැදෙන ටෙලිනාට්‍ය මට අප්‍රසන්නයි. පසුගිය දවස්වල චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ‘ද නිවුස් ප්‍රෙස්’ චිත්‍රපටය තිරගත වෙනකොට ඒ වෙනස දැනගන්නවා.
ඔබ ඔය පවසන විදියට නිර්මාණ හදන්න නිර්මාණකරුවන් දැන් ක්ෂේත්‍රයේ නැතිද?
හොඳ මිනිසුන් ඉන්නවා. මම නැහැ කියන්නේ නැහැ. දැන් හැදෙන ටෙලිනාට්‍යවලින් සමාජයට දෙන්නේ මොනවද. හොඳ මිනිසුන් අතර ආතක් පාතක් නැති හිකනල්ලු වගයක් මේ කලාවේ ඉන්නවා. ඔවුන්ගේ නාට්‍ය නිසා අද නිර්මාණකරුවෙක්ට තැනක් නැහැ. රංගන ශිල්පියොත් කම්කරුවො වෙලා. රු.500ට රඟපාන්න යනවා. දැන් තියෙන්නේ ටෙලිනාට්‍ය කර්මාන්තයක් නෙමේ ගණිකා වෘත්තියේ නියැළෙන කර්මාන්තයක්. ඒ තරමට උතුම් කලාව හෑල්ලුවට ඇද දමලා.
ඔබ ජනාධිපතිතුමන් හමුවීමට කාලය ඉල්ලූ බව ආරංචියි. අවස්ථාවක් ලැබුණෙ නැද්ද?
ඒක තමයි මට තියෙන ප්‍රශ්නය. මට එක විනාඩි පහක් රටේ ජනාධිපතිතුමන් හමුවෙලා කතා කරන්න ඕනෑ. මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා. කලාව වෙනත් මඟකට ගමන් කරමින් තිබෙනවා. එය ගැන කතා කරන්න කවුරුවත් පසුව ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. මම ජනාධිපතිතුමන්ගෙත් ගෙවල් දොරවල් ඉල්ලන්න යනවා නෙමේ. මේ පල්හොරු ටිකක් ඉඳගෙන කලාව වනසනවා. අපි කතා කරනවාට බයයි. අනෙක සම්පූර්ණයෙන්ම මේ මෙගා ටෙලිනාට්‍ය කලාව නතර කළ යුතුයි. කොච්චර හොඳ නිර්මාණ තියෙනවාද පෙන්වන්න. මේ ජරා ගොඩවල් විකාශය කරන්නේ නැතිව. රටේ මතු පරපුර මෙයින් බේරාගත යුතුයි. මේ තියෙන කලාව අවසානයේ නවතින්නේ වෙන වෙන ව්‍යාපාරවලින් තමයි.
බොහෝ දෙනෙක් නඟන කතාවක් තමයි කලාව වෘත්තිය මට්ටමින් කරන්නවත් නිදහසක් නැති බව. ඇත්තෙන්ම කලාව වෘත්තියක්ද?
කලාව කියන්නේ සුන්දර වෘත්තියක්. ශ්‍රී ලංකාවේ වෘත්තීය කලාවක් නැහැ. පසුගිය දවස්වල රටේ කලබලවලට සංගීත සන්දර්ශන නැවැත්වූවා. ඔවුන් මහ පාරට වැටුණා. අවසානයේ ඔවුන්ගේ මෙවලම් පවා වික්කා. රාජ්‍ය නැටුම් කණ්ඩායම, යුද හමුදා තූර්යවාදක කණ්ඩායමට කලාව වෘත්තිය මට්ටමින් කරන්න පුළුවන්. ඔවුන්ට ස්ථිර වැටුප් ක්‍රමයක් තිබෙනවා. හෙට මේ කලාව නැවැත්තුවොත් ඔක්කොම ඉවරයි. එතකොට කෝ ඔය කියන වෘත්තීය කලාව.
ඔබේ දැනුම් සම්භාරය මතු පරපුරට දෙන්න සූදානම් වෙලා සැලැසුම්සහගතව පාඨමාලාවක් ආරම්භ කළා. කොහොමද එහි වැඩකටයුතු?
මම එය ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා. මම වෙන සංවිධායක බලයකට කල්ලියක් හැදුව නෙමේ. සමහරු එහෙම කියනවා ඇති. පාඨමාලාවේ ආරම්භයේ 150ක් විතර තරුණ, වැඩිමහල් පරපුර සම්බන්ධ වුණා. දැන් එහි තිස්දෙනෙක්වත් නැහැ. කලාව කියන්නේ සතුට සාජ්ජයේ පාටි දාන එකවත්, කෝලම් මඩුවක්වත් නෙමේ. මම වෙලාවට වැඩ කරන කෙනෙක්. එහෙම වෙලාවට වැඩ කරන්න බැරිව විනයක් නැතිව හැදෙන පිරිස මම එළවනවා. මේ වෘත්තිය හදවතින් රකින්න බැරි නම් එතැන කොහොමද කලාවක්. උසස් පෙළ පාස් නොවුණ පිරිස, උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සමත් දරුවො, මම ළඟ ඉගෙන ගන්නවා. මට මේ කලාව ගැන කතා කරන්න මේ කාලය මදි. මොකද මම උත්සාහ කරන්නේ අලුත් පරපුරක් බිහිකරන්න. ඒත් දැන් ඉන්න අයට එහි වටිනාකමක් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අලි කෙළි අඩු නැති සැණකෙළි ඉසව්ව

Next Post

ඉදිරි සතියෙ ඔබට මොකද වෙන්නේ?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.