• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අසමසම බලයක් ඇති විස්මිත නිමැවුම

December 19, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අසමසම බලයක් ඇති විස්මිත නිමැවුම
Share on WhatsAppShare on Facebook

වජ්‍රය යනු විශ්ව ශක්තීන් ඒකරාශීකොට එම ශක්තීන් පරිවර්තකයක් ලෙස යොදාගත හැකි දිව්‍යමය මහා බලගතු ආයුධයකි. හින්දු දහමට අනුව චතුර්වේදය වූ ඍග්, යජූර්, සාම හා අථර්වන් යන සතර වේදයෙන් ඍග් වේදයේ සඳහන් ලෙසට සමස්ත දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්දු දෙවිඳුන්ගේ ආයුධය වජ්‍රයයි. එසේම බුදු දහමට අනුව චාතුම්මහාරාජිකය හා තාවතිංසය යන දෙදෙව් ලොවට අධිපති වනුයේද සියලු දෙව්බඹුන්ගේ නායක වනුයේද ශක්‍ර දේවේන්ද්‍රයන්ය. සක් දෙවිඳුන් එසේ සියලු දෙව්බඹුන්ගේ නායක වන්නේ බලයෙන් හා පිනෙන් අසමසම ලෙස බලවත් වීමෙනි. එසේ වූ අසමසම බලයෙන් යුතු සක් දෙවිඳුන් අත දරන්නේද වජ්‍රායුධයයි.

වජ්‍රය නමැති සුවිශේෂී දිව්‍යමය ආයුධය දෙව්ලොව මැවුම්කරු වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ දෘශ්‍යමාන ස්වරූපය ලෙසට පිළිගැනෙන ‘ත්වාස්ථ’ දෙවිඳුන්ගේ තවත් අපූරු නිමැවුමකි. ජයකොන්තය, වශී බෝලය, වශී ගෝලය ආදී වූ පර්යාය නාමයන් මඟින් හඳුන්වනු ලබන වජ්‍රය සමස්ත ලෝකයේ ඇති ප්‍රබලම බලවේග දෙකෙහි සංකලනය සංකේතවත් කරයි. සංස්කෘත භාෂාවෙන් වජ්‍රය යනු අකුණ, දියමන්තිය හා සෞභාග්‍යයයි. වචනාර්ථයෙන්ම අකුණ යනු කිසි ලෙසකට කවර අයුරකින්වත් නවතා වළකාලීමට නොහැකි බලවේගයකි. එසේම ලෝකයේ හඳුනාගෙන ඇති ශක්තිමත්ම පාෂාණය වනුයේ දියමන්තියයි. මේ අරුත් දෙකටම හිමිකම් කියන වජ්‍රය ඉතා ප්‍රබල බලසම්පන්න ශක්තිමත් කිසිදු බලවේගයකට මැඩලිය නොහැකි දිව්‍ය ආයුධයකි.

මුගුරක හැඩයක් ගන්නා වජ්‍රය කොටස් කීපයකින් නිර්මිතය. වජ්‍රයේ මැද ගෝලයකි. එම ගෝලයෙන් පෙති අටක නෙලුම් මල් පොහොට්ටු දෙකක් දෙපසට මතුවී තිබේ. එනම් වජ්‍රයේ පද්ම පාද දෙකකි. මෙකී කොටස් මඟින් නිරූපිත දේ පිළිබඳ විවිධ අර්ථකථන එමටය. ඒ අතුරින් වජ්‍රය දෙපස ඇති නෙලුම් පොහොට්ටු දෙක විශ්වයේ හා භූමියේ ශක්ති අවශෝෂණය සඳහා නිර්මිත ලෙසට දැක්වේ. එලෙස අවශෝෂණය කරගන්නා ශක්තීන් මැද ඇති ගෝලය තුළ ගබඩා වී වජ්‍රය අත දරන්නාට එම ශක්තිය නිසිලෙස සම්ප්‍රේෂණය වන අයුරින් මෙය නිර්මිතය. සාමාන්‍යයෙන් වජ්‍රය රන්, රිදී, පිත්තල ආදී විවිධ ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කරගත හැකි අතර, එහි සම්මත දිග, පළල පිළිබඳ විවිධ මත පවතී. කෙසේ නමුත් ඍෂි නියමයන්ට අනුව වජ්‍රය නිර්මාණය කර ගැනීම ඉතාම යහපත්ය.

ධනය, බලය, සුවසම්පත උදාකර දීමේ සමත් ඉන්දු දෙවිඳුන් සතු වජ්‍රායුධයේ අනුරුවට සමානව තැනූ වජ්‍ර ඉතා දුර්ලභය. ඉන්දු දෙවියන් වජ්‍රය අතදරා සිටින බැවින් වජ්‍රය කරණකොටගෙනම ඉන්දු දෙවියන් පර්යාය පද කීපයකින්ම හඳුන්වනු ලබයි. ඒ අතර වජ්‍රබාහු, වජ්‍රහීත්, වජ්‍ර දක්ෂණ, වජිරන්, වජ්‍රාෂ්ට්‍ර, වජි්‍රවාන් යන පර්යාය පද මූලිකය. විශේෂයෙන් අකුණු ගැසීම් ඇතිකර පහරදිය හැකි විනිවිධ දැකිය හැකි ආයුධයක් වන වජ්‍රය මන්ත්‍ර විද්‍යාවේදී ස්වර්ණ වශියක් ලෙස භාවිතා වේ. සම්මත ලෙසට දකුණු අත මහපට ඇඟිල්ල හා දඹර ඇඟිල්ලට මැදිවන සේ තබා රඳවා ගතයුතු ලෙස පිළිගැනෙන වජ්‍රය වජ්‍ර ශක්ති මන්ත්‍රයකින් සිද්ධි කරගත් විට ඒ තුළින් ලැබිය හැකි ඵල බොහෝය. එසේ නොමැති වුවද එනම් මන්ත්‍ර ආදියෙන් ප්‍රාණපුට, පලිප්පු, සිද්ධි ආදිය නොකළද උතුම් දිව්‍ය ආයුධයක් වූ වජ්‍රයට නිරතුරු සක් දෙවිඳුන්ගේ බැල්ම වැටේ.

වර්තමානයේ බලවතුන් අතර බොහෝ ජනප්‍රිය වී ඇති වජ්‍රය සංඛේතාත්මක උපකරණයකි. මෙවලමකි. එයට අදෘශ්‍යමාන විශ්ව ශක්තීන් ළඟාකර ගත හැකිය. ඉහතදී සඳහන් කළ සේම හින්දු දහමේ අකුණුවලට අධිපති ඉන්දු දෙවියන් භාවිතා කළ විශ්ව ශක්ති හැසිරවීමේ ආයුධය වජ්‍රය වේ. මහායාන බුදු දහම අනුවත් වජ්‍රසත්ව බෝසතාණන් වහන්සේ ධර්මයේ සකේතය ලෙස වජ්‍රය තම දකුණු අත දරා සිටී. මෙම විශ්ව ශක්ති පාලනය කේන්ද්‍රගත කළ හැකි ජ්‍යාමිතික හැඩතල නිර්මාණයක් වූ වජ්‍රය තුළින් යහපත් වූ ශක්තීන් පාලනය කළ හැක. එනිසා යහපත් වූ සිතුවිලි ඇත්තෙකුට මින් ලද හැකි ඵල එමටය.

දෙවියන්ගේ දිව්‍ය ආයුධයක් වූ වජ්‍රය කිසි විට නරක, අයහපත් යටත් කිරීමට විනා එය ඉස්මතු කර නඟාසිටුවීමට අවස්ථාව සලසා නොදේ. ධර්මානුධර්ම ප්‍රතිපත්ති රකින ධර්මානුකූල ජීවිත ගත කරන ධර්මයේ හැසිරෙන යහපත් පුද්ගලයන්ට තම යහපත් අරමුණු ශාක්ෂාත් කර ගැනීමට වජ්‍රය අත දැරීම මහත් ආශීර්වාදයක් ලෙස පෙන්වාදිය හැකිය.

එලෙස යමකු වජ්‍රය නිවැරැදි ලෙසට සුචරිතවත්ව අත දරන්නේ නම් තමන් වෙත එල්ලවන අසුබ බලපෑම් මඟහරවා මැඩපැවැත්වීමට සමත්ය. විශේෂයෙන් අත්‍යන්ත දුර්ලභ අවස්ථාවක්, පිහිටීමක් ලෙස මනුෂ්‍යයන්ගේ දකුණු අත අත්ලේ රවි මණ්ඩලය ආශ්‍රිතව ඉතා පැහැදිලිව මෙම වජ්‍ර සංඛේතය සුවිශේෂී හස්ත රේඛා පිහිටීමක් ලෙස හඳුනාගත හැකිය. යමෙකු මෙම සුවිශේෂී දුර්ලභ හස්ත රේඛා පිහිටීම දරන්නේ නම් ඔහු ඉතාම සුවිශේෂී ධාර්මික, ආධ්‍යාත්මික බල සහිත, උගත්, ප්‍රසිද්ධ, අවංක සත්‍යවාදී සුචරිතවත් පුද්ගලයකු බව කිව යුතුමය. පස් පවෙන් දස අකුසලයෙන් වැලකෙන එවන් පුද්ගලයෝ සදා සැමගේ යහපත පතයි. එනිසාම එවන් අයට එම පිහිටීම තුළින් ලැබෙන සක් දෙවිඳුන්ගේ රැකවරණය ආරක්ෂාව අපමණය.

කරුණු කාරණා එසේමුත් වජ්‍රය කිසි විට ග්‍රහ අපල නිවාරණ සමහන් මෙවලමක් ලෙස භාවිතා නොවන බවද සඳහන් කළ යුතුමය. කෙසේ නමුත් සමස්ත විශ්වයේ ඇත්තේ එක් ප්‍රමිතිගත වජ්‍රායුධයක් පමණි. ඒ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මැවූ වජ්‍රායුධයයි. එහි එකම හිමිකරු අන් කවරකු නොව ඉන්දු හෙවත් සක් දෙවිඳුන්ම වේ. අසීමිත බලයකට හිමිකම් කියන වජ්‍රායුධ කිසිවකුට දර්ශනය කළ නොහැක. එය දර්ශනය කළ හැක්කේ ශක්‍ර දේවේන්ද්‍රයන්ට පමණි. එසේ නොමැතිව කිසිදු දෙවි කෙනකුට හෝ බ්‍රහ්මයකුට වජ්‍රය දර්ශනය කළ නොහැක. සක් දෙවිඳුන්ට අවශ්‍ය නම් අන් අයට වජ්‍රය දර්ශනය කළ හැක. එපමණක් නොව කිසිදු බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, යක්ෂ, අසුර, ගාන්ධර්ව කින්නර ආදී මෙකී නොකී කිසිවකුට වජ්‍රායුධයට ළඟාවීමට වත් ස්පර්ශ කිරීමටවත් හැකියාවක් නැත. සාමාන්‍යයෙන් සක් දෙවිඳුන් වජ්‍රායුධය නොදරන අවස්ථාවන්හිදී දෙවියන්ගේ දිව්‍ය ආයුධයක් වූ වජ්‍රය කිසිවිට නරක, අයහපත යටත් කිරීමට විනා එය ඉස්මතු කර නඟාසිටුවීමට අවස්ථාව සලසා නොදේ. ධර්මානුධර්ම ප්‍රතිපත්ති රකින ධර්මානුකූල ජීවිත ගත කරන ධර්මයේ හැසිරෙන යහපත් පුද්ගලයන්ට තම යහපත් අරමුණු ශාක්සාත් කර ගැනීමට වජ්‍රය අත දැරීම මහත් ආශීර්වාදයක් ලෙස පෙන්වාදිය හැකිය.

එලෙස යමකු වජ්‍රය නිවැරැදි ලෙසට සුචරිතවත්ව අත දරන්නේ නම් තමන් වෙත එල්ලවන අසුබ බලපෑම් මඟහරවා මැඩපැවැත්වීමට සමත්ය. විශේෂයෙන් අත්‍යන්ත දුර්ලභ අවස්ථාවක්, පිහිටීමක් ලෙස මනුෂ්‍යයන්ගේ දකුණු අත අත්ලේ රවි මණ්ඩලය ආශ්‍රිතව ඉතා පැහැදිලිව මෙම වජ්‍ර සංඛේතය සුවිශේෂී හස්ත රේඛා පිහිටීමක් ලෙස හඳුනාගත හැකිය. යමෙකු මෙම සුවිශේෂී දුර්ලභ හස්ත රේඛා පිහිටීම දරන්නේ නම් ඔහු ඉතාම සුවිශේෂී ධාර්මික, අධ්‍යාත්මික බල සහිත, උගත්, ප්‍රසිද්ධ, අවංක සත්‍යවාදී සුචරිතවත් පුද්ගලයකු බව කිව යුතුමය. පස් පවෙන් දස අකුසලයෙන් වැලකෙන එවන් පුද්ගලයෝ සාදා සැමගේ යහපත පතයි. එනිසාම එවන් අයට එම පිහිටීම තුළින් ලැබෙන සක් දෙවිඳුන්ගේ රැකවරණය ආරක්ෂාව අපමණය.

කරුණු කාරණා එසේ මුත් වජ්‍රය කිසි විට ග්‍රහ අපල නිවාරණ සමහන් මෙවලමක් ලෙස භාවිතා නොවන බව සඳහන් කළ යුතුමය. කෙසේ නමුත් සමස්ත විශ්වයේ ඇත්තේ එක් ප්‍රමිතිගත වජ්‍රායුධයක් පමණි. ඒ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මැවූ වජ්‍රායුධයයි. එහි එකම හිමිකරු අන් කවරකු නොව ඉන්දු හෙවත් සක් දෙවිඳුන්ම වේ. අසීමිත බලයකට හිමිකම් කියන වජ්‍රායුධය කිසිවකුට දර්ශනය කළ නොහැක. එය දර්ශනය කළ හැක්කේ ශක්‍ර දේවේන්ද්‍රයන්ට පමණි. එසේ නොමැතිව කිසිදු දෙවි කෙනකුට හෝ බ්‍රහ්මයකුට වජ්‍රය දර්ශනය කළ නොහැක. සක් දෙවිඳුන්ට අවශ්‍ය නම් අන් අයට වජ්‍රය දර්ශනය කළ හැක. එපමණක් නොව කිසිදු බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ, යක්ෂ, අසුර, ගාන්ධර්ව, කින්නර ආදී මෙකී නොකී කිසිවකුට වජ්‍රායුධයට ළඟාවීමට වත් ස්පර්ශ කිරීමටවත් හැකියාවක් නැත. සාමාන්‍යයෙන් සක් දෙවිඳුන් වජ්‍රායුධය නොදරන අවස්ථාවන්හිදී එය දෙව්ලොව සුධර්මා නම් දිව්‍ය සභාවේ වූ සක් දෙවිඳුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත වේ යැයි කියැවේ.

මේ අයුරින් හඳුන්වා දිය හැකි ඉතාම සුවිශේෂී දිව්‍ය ආයුධයක් වූ වජ්‍රය සම්බන්ධ තවත් තොරතුරු බොහෝය. එම තොරතුරු බොහොමයක් පුරාණ පොතපතේ බොහෝ සවිස්තරව අන්තර්ගතය. එනිසා ඔබත් ඔබට හැකිනම් මෙම මහානුභාව සම්පන්න වජ්‍රය භාවිතා කර යහපත් මනුෂ්‍යයකු ලෙස ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවශ්‍ය ධනය, බලය හා සුව සම්පත උදාකර ජීවිතය ජයගන්න.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

සජිත්-චම්පික-විමුක්ති: පොඩි මිනිසුන්ගේ කැරැල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

නිළියක් විදියට මගේ කොලිටි එකක් තියෙනවා

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.