විද්‍යාවකින් හෝ ශාස්ත්‍රයකින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ නිවැරැදි තොරතුරුය. හස්ත රේඛා විද්‍යාවට අනුව ඉතාමත් නිවැරැදි පලාපල කියන හැටි මෙම ශාස්ත්‍ර ක්‍රමයේ උගන්වයි. එම ක්‍රමයන් මෙසේය. එකම රේඛාවක් හෝ සලකුණක් මඟින් නිවැරැදි පලාපල කීමට බැරිය.
මේ සඳහා බැලිය යුතු කරුණු බොහෝය.
මුලින්ම අත් වර්ග පිළිබඳ සැලකිලිමත් විය යුතුය. හස්ත රේඛා විද්‍යාවේදී අත් වර්ග හතකි. එම අත් වර්ග මෙසේය.
- මූලික හස්තය
- චතුරස්‍ර හස්තය
- කලා හස්තය
- දාර්ශනික හස්තය
- මිශ්‍ර හස්තය
- චෛතසිත හස්තය
- කාර්මික හස්තය
යනාදී වශයෙනි. මේ නිසා තමා පරීක්‍ෂා කරන හස්තය මෙම අත් වර්ගවලින් කුමන අන්දමේ අතක්ද කියා සොයා බැලිය යුතුය. මේ අත් වර්ගවලට අනුව එක් එක් අයගේ ගතිගුණ චර්යාවන් වෙනස් වන බව අවබෝධ කරගත හැකිවෙයි. මීළඟට බැලිය යුත්තේ අත්වල වැටෙන ප්‍රධාන රේඛාවන් පිළිබඳයි. මෙම රේඛාවන් අතර ප්‍රධාන වන්නේ, - ආයුෂ හෙවත් ජීවන රේඛාවය,
- ශීර්ෂය රේඛාවය
- හෘදය හෙවත් මාතෘ රේඛාවය
- දෛවය හෙවත් උර්ධව රේඛාවය
- රවි හෙවත් සූර්ය රේඛාවයි.
මෙම රේඛාවන්ගේ පිහිටීම අනුව ඒ ඒ අයගේ ආයුෂය, වැළඳෙන ලෙඩරෝග, රැකියාවන් හා ධනය, ක්‍රියාකලාපයන් පිළිබඳ අවබෝධයක් ලැබිය හැකිය. තවද අප්‍රධාන රේඛාවක් වන දරුපල රේඛා, දේශායින රේඛා, සොලමන්ගේ මුද්ද, ගුප්ත කතිරය, සහෝදරඵල රේඛා, සුඛ හා බුධ රේඛාව, ශනි චක්‍රය, විවාහ රේඛා වැනි සියුම් රේඛා, සලකුණුද බලා පලාපල කීම බෙහෙවින් වැදගත් වෙයි. මීළඟට බැලිය යුතු ප්‍රධාන සලකුණක් වන්නේ ග්‍රහ මණ්ඩලවල තත්ත්වයන්ය. හස්ත රේඛා විද්‍යාවේදී ග්‍රහයන් හත්දෙනාට අයත් ප්‍රදේශ වෙන් කර දී ඇත. එම ග්‍රහ මණ්ඩල වන්නේ, - බුධ 2. රවි 3. ශනි 4. ගුරු 5. සිකුරු 6. සඳු මණ්ඩලයන්ය. අනෙක් ග්‍රහ මණ්ඩලය වන්නේ කුජ මණ්ඩලයයි. මෙහිදී කුජට පමණක් මණ්ඩල දෙකක් වෙන්කර දී ඇති අතර, කුජ කලාව වශයෙන් වෙනම ප්‍රදේශයක් වෙන්කර දී ඇත.
පලාපල කීමේදී මෙම ග්‍රහ මණ්ඩලවලට විශේෂ ස්ථානයක් හිමිවන බව හස්ත රේඛා විද්‍යාව උගන්වයි. මීළඟට අවධානය කළයුතු කරුණක් වන්නේ අප්‍රධාන රේඛාවන්ය. මෙම අප්‍රධාන රේඛාවන් මොනවාද? බුධ හා සුඛ රේඛාවන් ගුප්ත කතිරය සොලමන්ගේ මුද්ද සහෝදර හා දරුපල රේඛා, ශනි චක්‍රය, දේශාධින රේඛා, කුජ රේඛාවන් විවාහ හෙවත් ජය රේඛා වැනි සියුම් රේඛාවන් පිහිටීමද අතක් බලා නිවැරැදිව පලාපල කීමේදී සැලකිය යුතු කරුණුය.
මීළඟට ඇඟිලිවල දිගු බව හා කොට බව මහපට ඇඟිල්ලෙහි පිහිටීම, නියපොතු හා ඇඟිලිවල අග පුරුක්වල වැටෙන සියුම්, සියුම් සුළි හා සලකුණු අත්ලේ පාට, හැඩය වැනි සියුම් කරුණුත් ඉතා නිවැරැදිව පලාපල කීමේදී සියුම්ව පරීක්‍ෂාවට ලක්කළ යුතුය. මෙම එක් එක් සියුම් හා ප්‍රධාන රේඛාවන්ගෙන් ග්‍රහ මණ්ඩවලත් බල දුබලතාවත් අනුව උදාවන ප්‍රතිඵල විවිධාකාර වන බව අත්දැකීමෙන්ම ඔප්පු වී ඇත.
ප්‍රවීණ හස්ත රේඛා විශේෂඥ නන්දසේන වීරසිංහ











