• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරයේ රෝස මල

November 16, 2019
in Heart
Reading Time: 2 mins read
A A
පුංචි තිරයේ රෝස මල
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික නාළිකාවකින් සංවිධානය කළ රූ රැජින තරගාවලියකින් කලාවට මුල් පියවර තැබූ විනූ සිරිවර්ධන “පිපෙන මල්” ටෙලිනාට්‍ය තුළින් ඇරැඹූ ගමනට මේ වන විට වසර හතක් ගතවී අවසන්ය. ගෙවී ගිය වසර හත තුළ ඈ පියවරෙන් පියවර ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගනිමින් අද පුංචි තිරයට නැතිවම බැරි නිළියක් වී හමාරය.
විනූගෙ ළමා කාලය මතක් කළොත්?
මං පෙරපාසල් ගියේ අනුලා ළදරු පාසලට. ඒ කාලේ මගේ අම්මත් එහි ගුරුවරියක් විදියට කටයුතු කළා. ඉන්පස්සෙ මගේ පාසල වුණෙත් නුගේගොඩ අනුලා විද්‍යාලයමයි. ඒ වගේම පාසලේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කියන අංශ දෙකේම ශිෂ්‍ය නායිකාවක් විදියට වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මං තමයි පෙරදිග තූර්යවාදන කණ්ඩායමේ නායිකාව වුණෙත්. ඉතින් බාහිර කටයුතු ගොඩකට සම්බන්ධ වෙලා සතුටින් පාසල් ජීවිතය ගතකළා. ඒ වගේම ඉගෙනගත්තා.
පවුලෙ තොරතුරු මතක් කරමු?
රජයේ රැකියාවක් කළ තාත්තටයි, ගුරුවරියක් වෙච්ච අම්මටයි දරුවො තුන්දෙනයි. ඒ මමයි, අයියයි, නංගියි. අපි පස්දෙනා හරිම සතුටින්, සමඟියෙන් තමයි ජීවත් වුණේ.
කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
2012 වසරේදී එක්තරා රූ රැජන තරගයකින් මම ජයග්‍රහණය කරනවා. එදා ඒ කිරුළ දිනාගැනීමත් සමඟ තමයි මට රංගනයට දොරගුළු විවර වෙන්නේ. හැබැයි තවත් විශේෂ දෙයක් ඒ කාලේ සිද්ධ වුණා. මම ඒ තරගයේ ඉන්න කාලෙත් මට ආරාධනා ලැබුණා. රඟපෑමට යොමුවෙන්න කියලා. ඒත් මම තරගය සඳහා කැපවෙලා සිටි නිසා එය අවසන් වෙනකම් ඒ ආරාධනා පිළිගත්තෙ නැහැ.
විනූගෙ ටෙලිනාට්‍ය ජීවිතය?
දෙරණ නාළිකාවේ විකාශය වුණු “පිපෙන මල්” තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. එතැනින් පස්සෙ මං වසර හතක් පුරාවට ටෙලිනාට්‍යවලට දායක වෙනවා. ඒ අතරින් මාව ගොඩාක් ජනප්‍රිය වුණේ “තරුමලී’‘ ටෙලිනාට්‍යයෙන්. හැබැයි මම ගොඩාක් කැමැති “ශ්‍රී රජ” නාට්‍යයේ සීගිරි අප්සරාවකගේ චරිතයටයි. ඒ කියන්නේ කාශ්‍යප රජ්ජුරුවන්ගේ බිසවගේ චරිතයට.
විවේකයක් ලැබුණම කරන දේ?
ඒ වෙලාවට මගේ හොඳම විනෝදාංශය තමයි චිත්‍රපටයක් නරඹන එක. ඒ සඳහා කාලය වෙන්කරගෙන සිනමා ශාලාවකට යන එක තමයි ඉතින් මං කරන්නේ. එහෙම නැත්නම් ඉතින් විවේක කාලය පවුලෙ අයත් එක්ක විනෝදෙන් ගතකරනවා.
ජීවිතේ ගොඩාක්ම සතුටට පත්වූ දවස?
ඒ දවස උදාවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. ඒ තමයි මට විශේෂ සම්මානයක් ලැබුණු දවස. එය මට ලෝකයෙන්ම ලැබුණු සම්මානයටක් කිව්වත් වරදක් නැහැ. භැකිදබ ඵ්බාැක් ඡැ්ජැ ්අ්රාි 2019 කියලා හඳුන්වන ඒ සම්මාන උළෙල තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. එහිදී මටත් සම්මානයක් ලැබුණා. ඇත්තටම එය මට ලොකු සතුටක්.
සැබෑ කරගන්න බැරි වෙච්ච හීනය?
විලාසිතා පැත්තෙන් අලුත් දෙයක් කරන්න මගේ ලොකු ආශාවක් තියෙනවා. ඒක මගේම නිර්මාණයක් අලුත් දෙයක් විදියට කරන්නයි මං උත්සාහ කරන්නේ.
විනූ දකින්න ලැබෙන නිර්මාණ?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “සුසුමක ඉම” සහ “සුද්දෙ” කියන නාට්‍යවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්නත් තියෙනවා. තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනාත් ලැබිලා තියෙනවා.
විනූ කියන්නේ කවුද?
මම ගොඩාක් සංවේදී කෙනෙක්. ඒ කියන්නේ ඕනෑවටත් වඩා උපරිම සංවේදී කෙනෙක් කිව්වත් වරදක් නැහැ. ඒ වගේම මම කෙළින් කතා කරන්න කැමැති අවංක කෙනෙක්. කාගේ හරි හොඳක් දැක්කොත් මම ඒක ඒ වෙලාවෙම කියනවා. ඇත්තම කිව්වොත් විනූ කියන්නේ සතුටින් හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.
ටෙලිනාට්‍ය කලාව දකින විදිහ?
අද බොහෝ පිරිසක් ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඈත්වෙලා කියලා පේනවා. ඒ වගේම සමහර දේවල් අලුත් නොවීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ දේවලුත් වෙනවා. ඒ අතර අලුත් අධ්‍යක්‍ෂවරු බිහිවෙනවා. හොඳ ටෙලිනාට්‍ය හැදෙනවා. හැබැයි හැම දේම මුදල් මත තීරණය වීම මත සියල්ල වෙනස් වෙමින් තිබෙනවා.
ලංකාවේ කලාකාරිනියක වීම ගැන හිතෙන දේ?
ලංකාවේ පුරවැසියෙක් වීම ගැන සතුටුයි. ඒත් කලාවට රජයකින් ලැබිය යුතු දේ ලැබෙන්නේ නැද්ද කියලා හිතද්දී දුකයි. විශේෂයෙන්ම කලාකරුවා කියන්නේ තමන්ගේ මහන්සියෙන් යමක් කරගතයුතු කෙනෙක් බවට පත්වෙලා.
සම්මාන ගැන විනූගෙ අදහස?
සම්මාන ගැන බලාපොරොත්තුවක් නැහැ. පසුගිය කාලේ ජනප්‍රිය සම්මාන ගැන විවිධ කතා අහන්න ලැබුණා. සම්මානයක් ගන්නවා නම් ප්‍රේක්‍ෂක හදවතින්ම ලැබෙන සම්මානයක් තමයි වටින්නේ. එහෙම නැතිව ගන්න සම්මානයකින් කිසි වැඩක් නැහැ.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

අත බලලා හිත කියන හරි විදිහ

Next Post

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් නව ලීසිං ප්‍රවර්ධනයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.