• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් දින්නොත් සිංහලයා පරදියිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 15, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් දින්නොත් සිංහලයා පරදියිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණය මැද දී රාජපක්‍ෂලා එවකට මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක ලව්වා මහා හෙළිදරව්වක් කරනු ලැබීය. හෙළිදරව්ව නම් මෛත්‍රිපාල දිනවන්න මෛත්‍රි සහ රනිල් ටී.එන්.ඒ.නායක සම්බන්දන් සමඟ රහස් ගිවිසුමක් අස්සන් කර ඇති බවය. එම ගිවිසුමෙන් උතුරට ඊළම දෙන්න මෛත්‍රි සහ රනිල් එකඟ වී ඇතැයි එහි සඳහන් විය. එකල රාජ්‍ය මාධ්‍ය සහ මහින්දවාදී මාධ්‍ය පැය විසිහතරම ප්‍රචාරය කළේ මේ හොර ගිවිසුම ගැනය. එහි රනිල්ගේ සහ සම්බන්දන්ගේ අස්සන් යොදා තිබිණි. රාජපක්‍ෂලා තිස්ස ලව්වා එය එළියට දැම්මේ තිස්ස එ.ජා.ප.යෙන් එළියට එන විට හොර ගිවිසුමේ පිටපතක් අරන් ආවා සේ පෙන්නා ගිවිසුමට විශ්වසනීයභාවයක් දෙන්නටය. ඒත් ජනාධිපතිවරණයේදී ගිවිසුම වැඩ කළේ නැත. මෛත්‍රි දින්නේය. රනිල් අගමැති විය. කූට ලේඛන හැදුවා කියා තිස්සව අත්අඩංගුවට ගනු ලැබීය. තිස්ස වෙනුවෙන් උසාවියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කරුණු දක්වමින් කීවේ ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට යම් අපහසුවක් හෝ පාඩුවක් සිදු වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයැද සිටින බවත්, මින් මතුවට විත්තිකරු මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවත්ය. තිස්ස පසුව නිදහස් විය. නඩුව සමථයකට පත්විය.
තිස්සගේ සිරගත වීම සහ නඩුව මතක ඇති නිසාදෝ මෙවර එවැනි රහස් ගිවිසුමක් ගැන ලේඛනයක් එළියට ආවේ නැත. හැබැයි ජනාධිපතිවරණයට අන්තිම සතියේ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් කිව්වා කියා ප්‍රකාශයක් පළ කළේය. එනම් සිංහලයා පරද්දන්න සජිත් දිනවන්න කියා සුමන්තිරන් උතුරේ දමිළ ජනතාවගෙන් ඉල්ලා සිටියා කියාය. දැන් එම පුවත පළ කළ සුමන්තිරන් මාධ්‍යයට එරෙහිව නඩු පවරා තිබේ.

මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ විට මහින්ද තුන්වැනි පාර්ශ්වයක් හරහා සම්බන්දන්ට කතා කොට කීවේ තමා ඔහුව හමුවීමට කැමැත්තෙන් සිටිනවා කියාය. මෙයට පෙරද මහින්ද කිහිපවරක් සම්බන්දන්ව මුණගැසී තිබිණි. එහෙත් මෙවර සුමන්තිරන්වත් රැගෙන එන ලෙස සම්බන්දන්ගෙන් ඉල්ලීමක් කළේය. පසුගිය ඔක්තෝබරයේ මහින්දව අගමැති කළ කුමන්ත්‍රණය උසාවියේදී පරාජය කරන්න සුමන්තිරන් විශාල කාර්යභාරයක් ඉටු කළ අතර, රනිල්ට අගමැති ධුරය ලබා ගන්න ටී.එන්.ඒ. සහාය දිනා දෙන්නද සුමන්තිරන් ලොකු වැඩ කොටසක් කළේය. මේ නිසා සුමන්තිරන්ට මහින්දලාත්, මහින්දවාදී මාධ්‍යයත් දැඩි ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. මහින්ද සම්බන්දන්ට ආයාචනය කොට සුමන්තිරන්ව ගෙන්වා ගත්තේ ඒ ලැජ්ජාවට විය යුතුය. මේ වන විට සජිත් එ.ජා.ප. ජනාධිපති අපේක්‍ෂක වන ලකුණු පහළ වී තිබිණි. සජිත් ගැන සුමන්තිරන්ගේ සහ සම්බන්දන් ඇතුළු ටී.එන්.ඒ. සංවිධානයෙන් එතරම් පැහැදීමක් නැති බව ආරංචි වී මහින්ද බැලුවේ ටී.එන්.ඒ. සහාය ගෝඨාභයට ලබා ගන්නටය. සම්බන්දන් සහ සුමන්තිරන් මහින්ද හමුවේදී මහින්ද ගෝඨාභයට සහාය දෙන ලෙස යෝජනා කළ විට සම්බන්දන් සහ සුමන්තිරන් හා දෙදෙනාම මහින්දට සහාය දීමක් ගැන සලකා බැලිය හැකි වුවත් ගෝඨාභයට සහාය දීමක් සලකා බැලීම දුෂ්කර බව කීහ. එහිදී මහින්ද කීවේ ඔබලාගේ ඉල්ලීම් ගෝඨාභයට ඉදිරිපත් කරන්න, ඔහු හමුවී සාකච්ඡා කරන්න කියාය. මහින්දගේ ඉල්ලීම ටී.එන්.ඒ. පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කළ අතර, සුමන්තිරන්ට ගෝඨාභය හමුවී සාකච්ඡා කිරීමට කමිටුව අනුමැතිය දෙනු ලැබීය. සුමන්තිරන් ගෝඨාභයව හමුවූයේ මහින්ද සමඟය. සුමන්තිරන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර, එක් ඉල්ලීමකට හැරෙන්න අනෙක් ඉල්ලීම්වලට ගෝඨාභය යහපත් ප්‍රතිචාර දැක්වීය. සුමන්තිරන් මෙම ඉල්ලීම් සජිත්ට ඉදිරිපත් කළත් සජිත් කීවේ කොන්දේසිවලට යටවී දකුණේ සිංහල ඡන්ද නැති කරගත නොහැකි බවය. සජිත්ගේ ප්‍රතිචාරය ගැන ටී.එන්.ඒ. කලකිරී ඇති බව දැන මහින්ද යළිත් සුමන්තිරන්ට ගෝඨාභය හමුවී සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය. මේ වෙන කොට දමිළ කොටි ඩයස්පෝරාව යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් අල්ලාගෙන දකුණේ අපේක්‍ෂකයන් කාටවත් එකඟ විය නොහැකි කොන්දේසි මාලාවක් පනවා තිබිණි. මෙලෙසම 2005 ජනාධිපතිවරණයේදී රනිල් පරද්දන ඡන්ද වර්ජන යෝජනාව ප්‍රභාකරන් ගෙන ආවේ යාපන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහාය. රාජපක්‍ෂලා හිතුවේ 2005 දී වගේ මෙවරත් ඡන්ද වර්ජනයක් එයි කියාය. මහින්ද සහ ගෝඨාභය සුමන්තිරන් හමුවී කීවේ අපිට සහාය නොදුන්නට කමක් නැහැ ඡන්ද වර්ජනයට සහාය දෙන්න කියාය. ටී.එන්.ඒ. සජිත්ට සහාය නොදෙන තැනට තමන් තල්ලු කරන බව දමිළ කොටි ඩයස්පෝරාව කිව්වා යැයි කොටි ඩයස්පෝරාව සමඟ සම්බන්ධකම් ඇති රාජපක්‍ෂවාදීන් මහින්දට සහ ගෝඨාභයට කියා තිබිණි. ටී.එන්.ඒ. සහාය සජිත්ට ලබාගත හැකි එකම පුද්ගලයා රනිල් බවත්, ඒත් සජිත් එක්ක තියෙන ප්‍රශ්නය නිසා රනිල් එය නොකරන බවත් රාජපක්‍ෂලා සිතා සිටියහ.
ඒත් රාජපක්‍ෂලා නොසිතූ ලෙස ටී.එන්.ඒ. සහාය සජිත්ට අරන් දෙන්න රනිල් මැදිහත් වූයේ අන්තිම සති දෙකෙහිය. යාපන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කොන්දේසි මාලාවෙන් ටී.එන්.ඒ. ඉවත් වූයේ රාජපක්‍ෂවරුන් අන්ද මන්ද කරවමිනි. පළමුවෙන්ම සම්බන්දන්ගේ පක්‍ෂය ඉන් ඉවත් විය. පසුව ප්ලොට් ඉවත් විය. ඊටත් පසුව ටෙලෝ ඉවත් විය. ඔවුන් ටී.එන්.ඒ. සංවිධානය මෙන් සජිත්ට සහාය පළ කරන බව ප්‍රකාශ කළේය. ඔවුන් එය ප්‍රකාශ කළේ ගෝඨාභය සුමන්තිරන්ට එකඟ වූ ඉල්ලීම්වලටම රනිල්ගේ එකඟතාව අරගෙනය. මෙය ආරංචි වීමත් සමගම කොටි ඩයස්පෝරාව සමඟ සම්බන්ධකම් ඇති ඊ.පී.ආර්.එල්.එෆ්. ඇතුළු පක්‍ෂ වගේම රාජපක්‍ෂලාටත් යකා නැග්ගා වගේ විය. උතුරේ දමිළ ඡන්ද වර්ජනය තම ඇස් ඉදිරිපිටම කඩාගෙන වැටෙනු ඔවුන්ට පෙනුණි. ටී.එන්.ඒ. දමිළ ජනතාව පාවා දී ඇති බවත්, තමන් ඡන්ද වර්ජනය කරන බවත් ඊ.පී.ආර්.එල්.එෆ්. ඇතුළු කොටි ඩයස්පෝරා හිතවාදී පක්‍ෂ කළ නිවේදනවලට මහින්දවාදී මාධ්‍යවලින් ඉහළ ප්‍රචාරයක් ලැබුණේ ටී.එන්.ඒ. සජිත්ට සහාය දුන්නට උතුරේ ඡන්ද ටී.එන්.ඒ. සමඟ නැති බව පෙන්වන්නටය. ටී.එන්.ඒ. සජිත්ට සහාය දෙන ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේ අන්තිම දවස් කිහිපයේය. ටී.එන්.ඒ. සමඟ දමිළ ජනතාව තවමත් ඉන්නා බව ඔවුන්ගේ රැස්වීම්වලට ආ සෙනඟ තුළින් පැහැදිලි විය. මේ ඔක්කොම කළේ සුමන්තිරන් කියා සුමන්තිරන්ට ගහන්න රාජපක්‍ෂවරුන් සහ මහින්දවාදී මාධ්‍ය තීරණය කළේ කරකියා ගතහැකි දෙයක් නැතිවය. සිංහලයා පරද්දන්න සජිත්ට ඡන්දය දෙන්න යැයි සුමන්තිරන් කිව්වාය කියන අතේ පැළවෙන ප්‍රකාශය පළ කළේ ඒ අනුවය.
“ඉතින් එහෙම නම් සුමන්තිරන්ලා දමිළ ජනතාව පාවා දුන්නා යැයි ඊ.පී.ආර්.එල්.එෆ්. අතුළු කොටිහිතවාදී පක්‍ෂ කියන නිවේදනත් පළ කළේ මේ මාධ්‍යම නේද..?
ඒක ඔවුන්ටම අමතක විය. දැන් බලන්නේ සුමන්තිරන් සහ ටී.එන්.ඒ. බිල්ලෙක් කොට පෙන්වා සිංහල ඡන්ද කඩාගන්නටය. යූ.ඇන්.පී.ය කොටි සමඟ හොර ගිවිසුම් තියෙනවා, ටී.එන්.ඒ. සංවිධානයත් සමඟ හොර ගිවිසුම් තියෙනවා කියා ශ්‍රීල.නි.ප.ය ගහන්න පටන් ගත්තේ 1999 සිටය. 1999 සිට 2015 දක්වා පැවැති ඡන්ද යූ.ඇන්.පී.ය පරාජය විය. රට බෙදන හොර ගිවිසුම් කතාව කියලත් යූ.ඇන්.පී.ය 2015 ජනාධිපතිවරණය දින්නේය. 2015 මහ මැතිවරණයත් දින්නේ මේ හොර ගිවිසුම් කතා මැදය. දැන් යූ.ඇන්.පී. ආණ්ඩුවට වසර 5කි. තාම නම් කිසිම පාවාදීමක් වූ බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට ටී.එන්.ඒ. කියන්නේ තවමත් දමිළ ජනතාවට සාධාරණය ඉටු කරන්න යූ.ඇන්.පී.ය අසමත් වූ බවය. පහුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී රනිල් අගමැති වෙන්න ටී.එන්.ඒ.සහාය ගත්තේ රට බෙදන්න පොරොන්දු වී යැයි රාජපක්‍ෂවරු කීහ. ඒ කුමන්ත්‍රණයට දැන් වසරකි. ඒත් තාම රට බෙදනවා තියා හිරේ ඉන්නා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කර ගන්න ටී.එන්.ඒ.එකට බැරි වී ඇත. පසුගියදා මහින්ද උතුරට ගොස් කීවේ වැඩිම එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පිරිසක් නිදහස් කොට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැරියේ තමා කියාය. කොටි හිතවාදී උතුරේ අතුරුදන් වූ පවුල්වල අය ටී.එන්.ඒ. සජිත්ට සහාය දෙන්න තීරණය ගත්ත දිනයේ කොසු, ඉදල් උස්සගෙන සම්බන්දන්ට පහර දෙන්න ආවේ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරගන්න ටී.එන්.ඒ. සංවිධානයට බැරි වුණා කියාය. උතුරේ කොටි හිතවාදී පක්‍ෂ සහ සංවිධාන ටී.එන්.ඒ. සමඟ වෛර බැඳගන්න හේතුවක් තිබේ. එනම් උතුරේ දමිළ ජනතාවට හිංසා කරනවා කියා කොටි ඩයස්පෝරාවට ජාත්‍යන්තර සහාය ලබා ගන්න බාධකයක් සේ ටී.එන්.ඒ. ක්‍රියා කරන නිසාය. මේ වන විටත් යුද කාලයේ රටින් පැනගත් කොටි හිතවාදීන් විශාල ප්‍රමාණයකට විදේශ පුරවැසිකම් ලබා ගැනීම දුෂ්කර වී ඇත. ඔවුන් පදිංචි වී සිටින යුරෝපා රටවල් ඔවුන්ට කියන්නේ ලංකාවේ දමිළ ජනතාවට හිංසා නොකරන, ඔවුන් බලාගන්නා ආණ්ඩුවක් තියෙන නිසා යළි ලංකාවට යන්න කියාය. රාජපක්‍ෂලා යළි බලයට ආවොත් රාජපක්‍ෂලා උතුරේ ජනතාවට හිංසා කරනවා කියා විදේශ පුරවැසිකම් ලබා ගන්නත්, යුරෝපා රටවල සල්ලි එකතු කරන්නත්, ආධාර ගන්නත් කොටි ඩයස්පෝරාවට පුළුවන. ටී.එන්.ඒ. රාජපක්‍ෂවරුන් පරාජය කොට යූ.ඇන්.පී.ය දිනවීම ගැන ඔවුන් ටී.එන්.ඒ. සංවිධානයත් සමඟ විශේෂයෙන් සුමන්තිරන් සමඟ වෛර බැඳගෙන ඉන්නේ ඒ නිසාය. උතුරේදීත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රැස්වීමේදීත්, ජිනීවාවලත් ඔවුන් සුමන්තිරන්ගේ පඹයන් පුච්චන්නේ ඒ නිසාය. රාජපක්‍ෂලා සහ මහින්දවාදී මාධ්‍ය සුමන්තිරන්ව දකුණේ අප්‍රසාදයට පත්කොට දකුණේ ජනතාව සමඟ වෛර කිරීමෙන් ඉටු කරන්නේ කොටි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවය. තිත්ත වුණත් ඇත්ත ඒකය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දෙන්නම සමබර සටනක: ‌රොයිටර් අලුත්ම අනාවැකිය ‌‌මෙන්න

Next Post

අත බලලා හිත කියන හරි විදිහ

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.