ප්‍රවීණ දේශපාලනඥයකු වීමට මනා පළපුරුද්දක් තිබිය යුතුයි. චතුර කථිකත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. රටේ පාලන ක්‍රමය ගැනත්, ඉංග්‍රීසි භාෂා දැනුමත් තිබිය යුතුයි. පිළිගත් විශ්වවිiාලයක අධ්‍යාපනය ලද කෙනකුද වියයුතුයි.
දේශපාලනයට ජන්මියාට බලපාන ග්‍රහයෝ ගැන සොයා බැලිය යුතුමය. ග්‍රහ ලොව රජු වන රවි බලවත් වීම අනිවාර්යයි. බුධ බලවත් නම් ඉතා හොඳයි. ගුරුගේ බලය අවශ්‍ය වන්නේ අවංක, නිහතමානී දේශපාලන ජීවිතයකටයි. කම්කරු ජනතාව නියෝජනය කරන ශනිද බලවත්ව තිබිය යුතුයි. එසේම චන්ද්‍රයාද බලවත් වියයුතුයි.
මේෂ ලග්නය
රවි ලග්නයේ කුජ, මකර රැස, ගුරු, කටක, රැස යෙදීම දක්‍ෂ දේශපාලනඥයකු බිහිකරයි.
ලග්නාධිපති කුජ 7 වැන්නාධිපති සිකුරු සංයෝගව ලග්නය වන මේෂයේ යෙදීම දේශපාලනයට අති දක්‍ෂයකු බිහිකරයි. මේෂ ලග්නයෙන් ඉපදී 7 වැන්න කුජ, සිකුරු යෝග දේශපාලන ග්‍රහ යෝගයකි. ටික කලකින් මහජන අප්‍රසාදයටද ලක්වෙයි.
වෘෂභ ලග්නය
පුර සඳු ලග්නගතවී රවි, සිංහ රාශිගතව යෙදීම ශනි ග්‍රහයා මකර හෝ කුම්භ රාශිගතවීම දේශපාලනඥයකු ජනිත කරවයි. රවි ග්‍රහයා 4 වැන්නේද, ශනි 9 වැන්නේද ගතවීම දුප්පතාගේ දුක හඳුනන, ඔහුද කුඩා කල දුක්බර ජීවිතයක් ගතකර අධ්‍යාපනය උසස් ලෙස හදාරා රජයෙහි උසස් රැකියාවක් කර සේවයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලනයට පොලඹවන ග්‍රහ බලයකි. වෘෂභ ලග්නය වී 11 වැන්නේ චන්ද්‍ර, කුජ, ගුරු, සිකුරු යෙදීමද දේශපාලනඥයකු බිහිකරවයි.
මිථුන ලග්නය
මිථුන ලග්න අයට රවි, ගුරු, චන්ද්‍ර, සිකුරු, ශනි සුබ ග්‍රහයෝ වෙයි. යෝග කාරක වන්නේ බුධ හා සිකුරුයි. ගුරු 2 වැන්න, බුධ 4 වැන්නේ, පස්වැන්නේ රවි, සිකුරු යෙදීම නිසා දේශපාලනඥයකු වීමට භාග්‍ය හිමිවෙයි. මිථුන ලග්නයෙන් ජනිතව කන්‍යා රාශියේ බුධ යෙදීම උගත් දේශපාලනඥයකු ජනිත කරවයි.
කටක ලග්නය
චන්ද්‍ර, ගුරු ලග්නගතව කුජ සහ මකරය වන 7 වැන්නේ යෙදීම දේශපාලනඥයකු බිහිකරයි. ගුරු ග්‍රහයා 9 වැන්න වන මීනයෙහි යෙදීම කීර්තිමත් දේශපාලනඥයකු ජනිත කරවයි. කටක ලග්නයෙන් ජනිතව ගුරු, ධනු රාශිය වන 6 වැන්නාධිපති යෙදීම දේශපාලනඥයකු බිහිකරවයි.
සිංහ ලග්නය
ලග්නාධිපති රවි, බුධ සමඟ මේෂය වන 9 වැන්නේ යෙදීම, උගත් භාෂා කිහිපයක් දැනුමැති දේශපාලනඥයකු වෙයි. සිකුරු 10 වැන්නගතව ශනි 10 වැන්න වන කුම්භ රාශියේ ස්වක්‍ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව යෙදීම ප්‍රබල දේශපාලනඥයකු බිහිවීමේ ග්‍රහ බලයක් වෙයි.
කන්‍යා ලග්නය
සිකුරු, බුධ කන්‍යාවට සුබඵල උදාකරයි. චන්ද්‍ර, කුජ, ගුරු පාපී ග්‍රහයෝය. 5 වැන්නේ කුජද, ලග්නයේ රවි, බුධ යෙදීම දහසක් බාධා මැදින් දේශපාලනඥයකු වුවත් ටික කලකින් ඔහුටම දේශපාලනය එපා වන්නේ රාජ්‍ය කාරක රවි සතුරුව පිහිටීමෙනි.
තුලා ලග්නය
ලග්නගතව සිකුරු හා උච්ච ශනි ලග්නගතව යෙදීම ඉතා ප්‍රබල දේශපාලනඥයකු වීමේ පිහිටීමකි. රවි, චන්ද්‍ර දෙදෙනා 7 වැන්නේද, තුලා ලග්නයෙන් ජනිතව ලග්නයේ සිකුරු, ශනි දෙදෙනා යෙදීමද දේශපාලනඥයකු ජනිත කරවයි.
වෘශ්චික ලග්නය
රවි 10 වැන්න, ගතවීම, කුජ ලග්න ගතව වෘශ්චික ලග්නයෙන් ජනිත වීම දේශපාලනඥයකු බිහිකරන ග්‍රහ පිහිටීමකි.
ධනු ලග්නය
ධනු ලග්නයෙන් ජනිතව ගුරු ලග්නයේ රවි සමඟ යෙදීමද, ප්‍රබල දේශපාලනඥයකු බිහිකරවන ග්‍රහ පිහිටීමකි.
මකර ලග්නය
මකර ලග්නයෙන් ජනිතව ශනි, කුම්භ රාශියෙහි යෙදීම, ප්‍රබල, උගත් දේශපාලනඥයකු බිහිකරවයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් ජනිතව රවි 7 වැන්නේ, සිකුරු 9 වැන්නේ යෙදීම දේශපාලනඥයකු බිහිකරන ග්‍රහ පිහිටීමකි.
මීන ලග්නය
මීන ලග්නයෙන් ජනිතව ගුරු ලග්නයෙහි රවි, බුධ 2 වැන්නේ යෙදීමද ප්‍රබල ජන නායකයකු බිහිකරන ග්‍රහ පිහිටීම් වෙයි.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන











