• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අහස් මාලිගා තරු ආදරය ගැන කියපු රහස්

March 14, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අහස් මාලිගා තරු ආදරය ගැන කියපු රහස්
Share on WhatsAppShare on Facebook

තේජාන්, අහිංසා හොඳම යහළුවෝ. හරියටම කිව්වොත් දෙන්නට දෙන්න නැතිවම බැරි දෙන්නෙක්. හරියටම කිව්වොත් ගහට – පොත්ත වගේ. ඒ බැඳීම මොනවගේ බැඳීමක්ද කියලා තවම අපට කියන්නට බැහැ. තේජාන්, අහිංසා අපට මේ දවස්වල හමුවන්නේ අහස් මාලිගා ටෙලිනාට්‍ය හරහා. ඉතින් මේ බැඳීම මොකද වෙන්නෙ කියලා බලන්න ඒ ටෙලි යුවළට කතා කළා.
දෙව්නක කොහොමද ජීවිතේ?
කලා කටයුතු එක්ක තමයි මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ.
සිහින ගොඩාක් එක්ක නේද දෙව්නකගේ ජීවිතය ගෙවෙන්නේ?
ඇත්තටම ඔව්. උදාවන හැම තත්පරයක් පාසා අරමුණ එක්ක තමයි මගේ ජීවිතය ගතකරන්නේ.
ඔබ කාලයක් කිව්වා මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැහැ කියලා නේද?
ඔව්. මම එහෙම හිතාගෙන හිටියේ. නමුත් ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නේ මගේ මාමා ප්‍රභාත් රෝෂණ. ඉතින් නැන්දයි මාමයි මට කතා කරද්දි බැහැ කියන්න බැහැ. ඔවුන් තමයි මට මේ ක්‍ෂේත්‍රයට එන්න පාර පෙන්නුවේ.
ඒ කියන්නේ ඔබ ඉදිරියට දීර්ඝ ටෙලිනාට්‍යවල අපට දැකගන්න පුළුවන්?
කොටස් සීයට එහා තිබෙන ටෙලිනාට්‍යවලට මම නැවැත රඟපාන්නෙ නැති වෙයි.
දෙව්නකට මේ දවස්වල පාරේ බැහැලා යන්න බැරි තරමට ගැහැනු ළමයින් බැල්ම දානවා නේද?
ඔවුන් ඒ ආදරය කරන්නේ දෙව්නකට නෙවේ. ‘තේජාන්ට’ කියලා මම දන්නවා.
ඒ නිසාමද ඔබ එළියට බහින විට වෙස්වළාගෙන යන්නේ?
මම එහෙම විශේෂ වෙස්වළා ගැනීමක් කරන්නේ නැහැ. අඳුරගන්න බැරි විදියට විලාසිතාවක් කරනවා.
මේ තරම් ආදරය කරන ප්‍රේක්‍ෂක පිරිසකට ඔබ එහෙම කරන එක අසාධාරණයි නේද?
මම ලේසියෙන් එහෙම ගෙදරින් එළියට බහින්නේ නැහැ. ඒ මගේ හැටි. අනෙක මගේ පෞද්ගලික ජීවිතයට නිදහස අවශ්‍යයි. එයට කරදරයක් වෙනවාට මම කැමැති නැහැ. කලාවයි, මගේ පෞද්ගලික ජීවිතයයි දෙක පටලගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ.
දෙව්නක සහ තේජාත් අතර තිබෙන වෙනස කොයි වගේද?
හැම පැත්තකින්ම සමානයි. කිසිම වෙනසක් නැහැ. හැබැයි තේජාන් ටිකක් දඩබ්බර වලි පැත්තට බර කෙනෙක්. දෙව්නක කියන්නේ සැහැල්ලුවෙන් හිතන සරලව ජීවත් වීමට උත්සාහ කරන කෙනෙක්.
අහස් මාලිගා තුළ මේ දවස්වල අපි දකින්නේ තුන්කොන් ආදර කතාවක්. එවැනි ආදර අත්දැකීමක් දෙව්නකටත් තිබුණලු නේද?
ඔව්. යම්කිසි කාල වකවානුවක එවැනි ආදර කතාවක මමත් අතරමංවෙලා හිටියා. යම්කිසි අවස්ථාවල මම ඒ ආදරය සැක කරපු අවස්ථා තිබුණා. මම එහෙම කරපු එක වැරැදියි කියලා මට පසුකාලීනව තේරුණා. ඇය කවදාවත් මට බොරු කළේ නැහැ කියලා දන්නවා. අවිශ්වාසයත් එක්ක හැම දේම නැතිව ගියා. ආදරය පරාජය වුණේ නැහැ කාලයට පරාද වුණා ආදරය.
ඒ ආදරයත් එක්කද තවමත් ජීවත් වෙන්නේ?
දැන්නම් මම ආදරය කරන්නේ නැහැ. මම තනිකඩ කොල්ලෙක්. ජීවත් වීමට ආදරය අවශ්‍යයි. ඒත් මේ කාල වකවානුව තුළ ආදර කතාවකට බැඳිලා ඉන්න මම කැමැති නැහැ.
කාලෙකට පස්සේ දෙව්නකට නැවැත චිත්‍රපටයකට ආරාධනා ලැබුණා නේද?
මගේ හිතවත් මිතුරෙක්ගේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ආකාශ තාරුක පෙරේරා තමයි තිර රචනය ලියන්නේ. එහි වැඩකටයුතු ළඟදීම පටන් ගන්නවා.

කාවින්iා මේ දවස්වල පාසල් ඇඳුමින් සැරැසිලා නැවැත පාසල් යනවා වගේ?
‘අහස් මාලිගා’ ටෙලිනාට්‍ය වෙනුවෙන් මට නැවැත පාසල් යන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් මම ආශාවෙන් පාසල් යනවා. සමකාලීනව මම සමඟ තවත් තරුණ පිරිසක් එකතු වුණු නිසා මේ පාසල් ජීවිතයත් එදා මෙන්ම මට දැනුණා.
අවුරුදු කුමරිය හරහා නේද කාවින්iා තාරකාවියක් වුණේ?
අවුරුදු කුමරියක් ලෙසට මම සම්බන්ධ වුණාට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. 2015 ‘අයි.ටී.එන්.’ අවුරුදු කුමරිය තරගයට මම අයැදුම් කළා. එහිදී අවසන් දහ දෙනාට මාව තේරුණා. ඉන්පසුව තමයි මට ටෙලිනාට්‍ය සඳහා දායක වීමට ආරාධනා ලැබුණේ.
මේ ආපු ගමන වැරැදුණේ නැහැ නේද?
එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරිම සුන්දර ගමනක් විදියට තමයි මම හිතන්නේ. මුලදි මුලදී මම කැමරාවට මුහුණ දුන්නේ බයෙන්, නුහුරු ගතිය නිසා. මම මුලින්ම රඟපෑවේ ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කළ මෙගා ටෙලිනාට්‍යයක. බිමල් ජයකොඩි, නෙතලි නානායක්කාර සමඟ තමයි මුල්වරට රඟපෑවේ. එයාලා මට ගොඩාක් ආදරයෙන් උදවු කළා.
අහිංසාට පෙම්වතුන් දෙන්නෙක් ඉන්නවා නේද?
තවම අපි පෙම්වතුන් වෙලා නැහැ. තේජාන් සංදේශ් මගේ හොඳ මිතුරෝ පමණයි. තේජාන්ව තමයි මම ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්නේ. නමුත් ඉදිරියේදී සංදේශ්ට ගොඩාක් ළංවෙයි. කාට ළංවෙයිද කාගේ ආදරය හිමිවෙයිද කියලා දැම්ම කියන්න බැහැ.
අහිංසාගේ ආදර කතාව අහස් මාලිගා තුළ මවන කොට කාවින්iාගේ පාසල් ආදර ප්‍රේම කතාවට මොකද වුණේ?
මම පාසල් යන කාලේ නොතේරෙන කමට ආදරය කළා. ඒ ආදර කතාව දුරදිග ගියේ නැහැ. ඒ වයසට කවුරුත් ආදරය කරනවානේ. ඒ ආදරය පාසල් නිමවීමත් එක්කම අවසන් වුණා.
දිගටම කලා ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?
උසස් අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නේ. ඔය අතරතුර තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මුදල් උපයන්න හිතාගෙන මම රඟපානවා නෙවේ. විනෝදාංශයක් විදියටයි මම දැනට රඟපාන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගාමිණීගේ පුතා වළපනේ ‌‌හේරත්ගේ දුවට ‌මේ පාරත් පරදියිද?

Next Post

දේශපාලනඥයන් බිහිකරන ග්‍රහ බල

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.