• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මියගිය පෙම්වතියගෙන් පෙම්වතාට තර්ජන

January 21, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මියගිය පෙම්වතියගෙන් පෙම්වතාට තර්ජන
Share on WhatsAppShare on Facebook

සිරිදාසගේ සිත තවමත් ඇත්තේ දැඩි ලෙස නොසන්සුන්වය. නානා සිතිවිලි ඔහුගේ චිත්ත සන්තානය අවුලෙන් අවුලට පත්කරයි. දෙගිඩියාවෙන් පෙළෙන තම සිත අස්වසා ගැනීම කළ යුත්තේ කෙසේ දැයි පැහැදිලි බවක් සිරිදාසට තිබුණේ නැත.

බටනළාව අතට ගත් සිරිදාස එක අරමුණක නොසිටියත් වත්ත පහළට ගියේය. එය පුරුද්දට ගිය ගමනක් මිස හිතේ ඇතිවූ සතුටට ගිය ගමනක් නම් නොවේ.

සිරිදාස බටනළාවේ සිදුරට දෙතොල උල්කොට මුව තබා පුරුද්දට මෙන් නළාව පිඹින්නට පටන් ගත්තේය. ඒ අතර නළාවේ සෙසු සිදුරු අතර දෑතේ සෙසු ඇඟිලිද එහා මෙහා ගියේය.
ඒත් අද.. සුජාතා කොහේද? එතෙක් බටනළාවට ශෝකීය පදමාලා එක්කළ සිරිදාසට එකවර සිතිනි. අනේ දෙවියනේ… සුජාතායි… මහ හයියෙන් කෑගැසුවත් සිරිදාසගේ හඬ වචන බවට පෙරළුණේවත්… එය පිටතට ඇසුණේවත් නැත.

හදවත පිරීගිය ශෝකයෙන් සිරිදාසගෙ මුළු සියොලඟම දැවෙන්නා සේ දැනුණි. ගල්තලාවෙන් නැඟී සිටි ඔහු දෙවැට පැනවිත් බොරලු පාර අද්දරට පැමිණියේය. සුදුවතින් සැරැසුණු උවැසි උවැසියෝ මෙන්ම ළමා තරුණ වයසේ සිටින උන්ද ගම්සභා පාර දිගේ පන්සල දෙසට ශාන්තව පියනඟන අයුරු සිරිදාස දුටුවේය.

පසුගිය පුර පසළොස්වක පොහෝ දිනය සිහිපත්වූ සිරිදාසට සිතුවම්පටක් සේ එදින සිදුවුණු සිද්ධි දාමයන් සිහිපත් වන්නට විය.
තම වැඩිහිටියන් කෙසේ වෙතත් සුජාතාගේ වැඩිහිටියෝ, ඔවුනොවුන් දෙපළගේ ප්‍රේම සබඳතාවට තහංචි දැමූහ. එකිනෙකාට හමුවීමට තිබූ ඉඩකඩ පවා වසා දැමූ ඔවුන්, සිරිදාස සමඟ තිබූ ඇයි හොඳයිය නතර කරන ලෙස සුජාතාට තරවටු පවා කළහ.
ඒත් සුජාතා – සිරිදාසට තම කුලුඳුල් පෙම පුද කළේ පණ ඇරලාය. සිරිදාස තමන්ට අහිමි වුණොත් දිවි හිමියෙන් තමන් තනිව සිටිනවා යැයි සුජාතා – සිරිදාසගේ මුහුණටම කිහිප විටක්ම කීවාය.

යළිත් සිරිදාසට ඉකුත් පුර පසළොස්වකදා සිහිපත් වුණේය. සෙසු තරුණ ප්‍රේමවන්තයන් අතිනත අල්ලා තෙල්, මල්, සුවඳ කූරු රැගෙන පන්සල් යන අයුරු එදා සිරිදාස බලා සිටියේ හූල්ලමිනි.
සුජාතාගේ වැඩිහිටි අයගේ ආශීර්වාදය අප දෙදෙනාට ලැබී තිබුණේ නම් අපටත් එසේ පන්සල් යෑමට තිබුණා නොවේදැයි සිරිදාසට සිතිණි.
තමන්ගේ දුප්පත්කම, දෛවය දෙකම තමාගේත්, සුජාතාගේත් ඇසුරට තහංචි දමා ඇති අයුරු සිරිදාස සිහිපත් කළේ තම දෛවයටද වෛර කරමිනි.

අ… ආ… අන්න අද සුජාතත් ඇගේ මවත්, නැඟණියක සමඟ සුදුවතින් සැරැසිලා පන්සල පැත්තට යනවා… අනපේක්‍ෂිතව එකවර දුටු දසුනෙන් සියුම් සතුටක් සිරිදාසගේ යටි හදවතේ මෝදු වන්නට විය.

පිරිස මැදට වී පන්සල පැත්තට යමින් සිටි සුජාතා එකවරම ගෙල හරවා දෙවට දෙස බැලුවාය. දෙ… දෙ… දෙවියනේ… සුජාතාත් අද පන්සල් යනවා. මට කොහෙද ඒ පිරිසට එකතුවෙලා පන්සල් යන පිනක්. එසේ සිතමින් පිරිස දෙස බලා සිටින විට සුජාතාගේ නෙතයි… සිරිදාසගේ නෙතත් එකට හමුවිය. ඔවුනොවුනට එය තරමක සතුටක් වුවද, ඒ සතුට ඔවුන් අතර වැඩි වේලාවක් රැඳී තිබුණේ නැත. සුජාතාගේ අම්මා… ඇයගේ අතින් ඇදගෙනම පන්සල දෙසට ගමන් කරනු දුටු සිරිදාසගේ හිත කීරි ගැහුණේය.

ඇත්තටම ඒ සිද්ධිය වෙලා අදට හරියට මාසයයිනෙ. මේ දින තිහ ඇතුළත කොතෙක් ක්‍රියාකාරකම් සිදුවුණාද? සිරිදාසට තදින් හිසබර ගතියක් දැනුණේය.
අද පුර පසළොස්වක පොහොය වුණත්, අදට සති තුනකට පෙර සුජාතා කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි ජීවිතය හැර ගියාය. සිරිදාස ඒ පුවත දැන සිටියත් සුජාතා දිවිහැර ගිය පුවත සිහිකරන්නටවත් හෙතෙම නොකැමැති විය.

සුජාතා තමා තනිකර දමා ජීවිතය හැරගොස් නැහැ. එහෙනම් අර හවස පන්සල් යන පිරිස අතරින් හැරි හැරී දෙවට දෙස බැලූ යුවතිය සුජාතාම නොවේ දැයි සිරිදාසට සිතුණේ ඇය තමාට ඉඟි මැරූ සෙයක්ද සිරිදාස දුටුවේය.

මෙම සිද්ධි දාමය සිතිවිලි අතර, පොරබදමින්, තම සිතද සුජාතා කෙරෙහි යළි යළිත් බැඳීයමින් තිබෙන බව සිරිදාසට සිතිනි.

වසා ඇති ජනෙල් පලු දෙක අතරින් මෝදු වෙමින් තිබූ සඳරැස් තීරුවක් තමා නිදා සිටින ඇඳ ඉහත්තාවේ බිත්තියට වැටී… එහා මෙහා යනු සිරිදාස බලාගෙනය. මඳ වේලාවකින් තම කාමරයේ ජනෙල් පළුවට කිසිවකු සිහින් තට්ටුවක් දමන හඬ සිරිදාසට ඇසුණේය. ඒ සමඟ සිරි… සිරි… යැයි තමාට සිහින් හඬකින් අමතනු ඇහුණද, සිරිදාස අහගෙනය. ඒ හඬ නම් මගේ ආදරණීය සුජාතාගේ තමා යැයි’ අවබෝධ කරගත් සිරිදාස යළි යළිත් පිටතින් එන හඬට සවන් දුන්නේය.

ඒ අතර මහ හඬින් කිසිවකු ජනේලයෙන් පිටත සිට තදින් හුස්ම ගන්නා හඬත් සිහින් හඬින් ඉකිබිඳින හඬත් සිරිදාසට ඇසුණේය.

තමා හමුවන්නට අද සුජාතා නිවෙසටම ඇවිත් යැයි සිතූ සිරිදාස… මගේ සුජාතා… සුජාතායි… හඬගෑවේය. නිවෙසේ මවුපිය දෙපළත් සිරිදාසගේ සහෝදරයත්, සහෝදරියත් වහ වහා සිරිදාසගේ කාමරයට දිව ආවෝය.

මොකද පුතේ… ඇයි…? ඇයි…? මව ප්‍රශ්න කරමින්ම සිරිදාසගේ නළල අත ගෑවාය. දෙවියනේ ඇඟ ගැහෙනවා. දාඩියත් දාලා. ඇයි, පුතේයි… මව යළිත් විමසූ විට… සුජාතා ඇවිත්… මගේ සුජාතා… මාව බලන්න ඇවිත් යැයි සිරිදාස මහා හඬින් සිනාසුණේය.
මෙම සිදුවීමෙන් පසු සිරිදාස රෝගියකු බවට පත්විය. නිවැසියෝ වෙදැදුරන්ගෙන් බේත් හේත් ලබා දුන්නද සිරිදාසට සනීපයක් ලැබුණේ නැත. හිත මිතුරන්ගේ කීමට බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළද සුවයක් නොවීය.

පසුව ගමේ වැඩිහිටි කිහිප දෙනකුගේ උප දෙසකට අනුව කට්ටඩියන් කිහිපදෙනකු ගෙන්වා තොවිල් නැටූහ. සෑහෙන වියපැහැදමකින් පසු සිරිදාස යළි පෙර තත්ත්වයට පත්විය.
සිරිදාස තනි කරන්න නරකයි. සුදුසු තැනකින් කටයුත්තක් කර දෙන්න ඕනෑ. ගමේද වැඩිහිටි කිහිපදෙනකු කළ යෝජනාව මවුපියවරු දෙපළද පිළිගත්හ.

මවුපිය දෙපළ අසල ගමක වෙසෙන යුවතියක පිළිබඳ යෝජනාවක් සිරිදාසට ගෙන ආවේය.
අනේ මට… බෑ.. මට සුජාතව අමතක කරන්න බැහැ… ඒ සෑම විටෙකම සිරිදාස කීවේය.
දිගින් දිගටම නිවෙසේ පිරිසත්, ඥාතීනුත් සිරිදාසට කළ පෙරැත්ත කිරීම නිසාම අන්තිමේදී සිරිදාස නිවෙසෙන් ගෙන ආ යෝජනාවට කැමැති විය.

තරමක් වෙහෙසකාරීව සිටි සිරිදාසට කෙටි වේලාවකින් නින්ද ගියේය. පැයක් හමාරක් ගතවන විට කාමරය තුළම ඇති වූ වීදුරු බිඳෙන හඬකින් සිරිදාස උඩගොස් බිම වැටුණේය.
තමා ළඟ තිබූ කුඩා විදුලි පන්දම දල්වා බලන විට සිරිදාස දුටුවේ මේසය මත තිබූ තමාගේ සේයාරුව බිම ඇදවැටී එහි වීදුරුව බිඳී ගොස් ඇති අයුරුය.

එය ගණනකට නොගත් සිරිදාස බිත්තිය දෙසට හැරී යළි නිදන්නට විය. ඔහුට අඩ නින්ද ලැබෙමින් තිබිණි. එකවරම සිහින් හඬින් උගුර පාදා.. ඒයි… ඒයි… සිරි…දා…ස නැඟිටිනවා… ඔහේ මාව අමතක කර කරකාර බඳින්නද හදන්නේ… ඔහේ මෙච්චර ආදරෙන් හිටපු… සුජාතා… අමතක කළාද? සිරිදාස මෙහෙ බලනව ඔහේව කාටවත් අයිති වෙන්ට මේ සුජාතා ඉඩ දෙන්නෙ නැහැ.. තේරුණාද?

බිත්තිය පැත්තට හැරී අඩ නින්දෙන් සිටි සිරිදාස වහාම අනෙක් ඇලයට හැරුණේය.
‘ම්…ම්… ආ… මේ… සු..ජා…තා ඇවිත්… යැයි… සිරිදාසට… යටිගිරියෙන් කෑගැසුණේය.’
සිරිදාසගේ කෑගැසීම අසා පවුලේ අය ඔහුගේ කාමරයට දිව ආහ. ඇ… ඇයි… පුතේ…යි මවුපිය යුවළ කළ විමසුමට… සිරිදාස කීවේ…,

ඔයාලා දැක්කද සු…ජා…තා මාව බලන්ට ආවා…යි කියමින් සිරිදාස මහා හඬින් සිනාසුණේය.
සිරිදාසගේ ඇඟ දාඩියෙන් තෙමී තිබිණි. ඔහුගේ ඇඟ ගැහෙන්නට විය. මවුපියවරු මෙන්ම නිවෙසට පැමිණ සිටි පිරිස මුහුණෙන් මුහුණ බලාගත්හ.

සත්‍ය කතාවකි. නම්, ගම් පමණක් මනඃකල්පිතය
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ඔබේ ඉටුදෙවියන් හඳුනා ගන්න

Next Post

මං රඟපාද්දි අඬනවට දුව කැමැති නෑ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.