ඖෂධ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කර ටික කලකින්ම රවීන් සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්විය. නිතිපතා ඉහළ ආදායමක් ලැබුණු නිසා බියක් නොමැතිව රවීන් බැංකු ණය ලබා ගත්තේ නිවෙසේ ඉදිකිරීම් සඳහා මෙන්ම ව්‍යාපාරික කටයුතු උදෙසාය. ග්ලුකෝමා රෝගී තත්ත්වය නිසා ඇස්වල ශල්‍යකර්මයකට රවීන් භාජනය වන්නේ මේ අතරය. ශල්‍යකර්මයට මුහුණ දී නිවෙසේ සිටින සමයේ ආයතනය තුළ සතුරු බලවේග ක්‍රියාත්මක වී ව්‍යාපාරික භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවී එය ව්‍යාපාරයේ කීර්ති නාමය කෙලෙසීමටත්, නීතිමය ගැටලු ඇතිවීමටත් අවකාශ සැකසීය. අවසන් ප්‍රතිඵලය වූයේ ගනුදෙනුකරුවන් හා පාරිභෝගිකයන් ඔහු හැරදා යන්නට වීමයි. දිනකට ලක්‍ෂ ගණනක් ඉපයූ ව්‍යාපාරය දිනකට රුපියල් පන්දහසක්වත් උපයා ගැනීමට නොහැකි වන තත්ත්වයට පත්වී ව්‍යාපාරය බංකොලොත්ව දේපොළ පවා සින්න වන තත්ත්වයක් උදාවිය. වාස්තු පරීක්‍ෂා කිරීමට නිමිති වූයේ එයයි. නිවෙස පරීක්‍ෂා කිරීමේදී එවැනි ව්‍යසනයක් ඇති වීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සොයා ගැනීමට මා හට හැකිවූ අතර, ඒවා නිරාකරණය කිරීමට මා යෙදූ පිළියම් මෙසේය.
නිවෙසේ උඩුමහල දකුණු සහ බටහිරට පමණක් උස්ව පිහිටීම
වාස්තු විද්‍යානුකූල නිවෙසක් මඟින් සිදු කරන්නේ විශ්වයේ සිට එන විශ්ව ශක්තිය සමබරව පැතිර යෑමට සැලැස්වීමයි. එමඟින් එහි වාසය කරන්නන්ට හිතකර ශක්තියක් ලබා දෙයි. හැකි සෑම විටම නිවෙසක උඩුමහල් සැකසීමේදී සම්පූර්ණ වශයෙන් උඩුමහල සැකැසිය යුතුය. නමුත් වර්තමානයේ කාමර දෙකක් හෝ සුළු කොටසක් උඩතට්ටු ලෙස සාදයි. එය එතරම් යහපත් දෙයක් නොවේ. මෙම නිවෙසේ දකුණු සහ බටහිර දිශාවන්හි උස්ව පිහිටන ලෙස උඩුමහල සකසා තිබිණි. එය ධන හානි ඇති කරන පිහිටීමකි. තවද නිර්ධන පාදයක ප්‍රධාන දොර පිහිටිය හොත් එය වඩාත් තීව්‍ර වෙයි. මෙම දෝෂය බොහෝ දෙනෙක් නොදන්නා වූ වාස්තු සිද්ධාන්තයකි. සෑදූ නිවෙසක නැවැත උඩුමහල් සැකසීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බැවින් ප්‍රධාන දොර ධන පාදයට තැබීමෙන් මෙම දෝෂය භංග කළේය.
සමචතුරස්‍රාකාර වූ නිවෙස
වාස්තු විද්‍යානුකූලව සැකසුණා යැයි පැවසූ මෙම නිවෙසේ දිග, පළල හෙවත් වර්ගඵලය සකස්කොට තිබුණේ අඩි 43 අඟල් 11යි, අඩි 45 අඟල් 2ක් ලෙසය. මෙය බරපතළ දෝෂයකි. නිවෙසක සියලු දේ පිරිහීගොස් මානසික සතුට අහිමි කරවයි. සෑම විටම නිවෙසක දිග, පළල අතර වෙනස අඩි 5ක්වත් විය යුතුය. මෙහි ප්‍රධාන වශයෙන් වර්ගඵලය වැරැදි වීමට හේතු වූයේ දිග, පළල වැරෙන්ඩා සමඟ ගණනය කිරීමයි. නිවෙසේ උතුර දිශාවට තව කොටසක් එකතු කිරීමෙන් දෝෂය ඉවත් කළාය.
නාසක පාදයේ දොර
සාම්ප්‍රදායික න, භ, ජ, රි, පු චක්‍රය මෙන් නොව ඉන්දියානු ගුරුකුලවලදී නිවෙසක ප්‍රධාන දොරටු තැබීමේදී ධන සහ නිර්ධන ලෙස දිග, පළල ගණනය කිරීමෙන් සුබ – අසුබ පාද සොයාගත හැකිය. මෙම නිවෙසේ ප්‍රධාන දොර පැවැතියේ නිර්ධන පාදයේම කොටසක් වූ නාසක පාදයේය. එය නිවෙසක ධන වාසනාව මෙන්ම සියලු සෞභාග්‍යය නසන පිහිටීමකි. නිවෙසේ උතුරු දිශාවට එකතු කළ නව කොටසත් සමඟ නාසක පාදයේ දෝෂය ඉවත් විය.
පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නීතිමය ප්‍රශ්නවලින් රවීන් නිවැරැදිකරු වූ අතර, ව්‍යාපාර නැවැත අරඹා දේපොළ සින්න නොවී නැවැත සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ජීවිතය ගතකරයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











