• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සල්ලි දෙවියන්ගේ මල්ලිද?

August 19, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
සල්ලි දෙවියන්ගේ මල්ලිද?
Share on WhatsAppShare on Facebook

සල්ලි දෙවියන්ගෙ මල්ලිය. සල්ලි අත රැඳෙන විට මිනිසා දෙවියකු වැනිය. දෙවියන් හට කැමැති දෙයක් මවාගත හැකිය. මවාගත් දෙයක් යමකුට දීමට හෝ පරිභෝජනය කළ හැකිය. මුදල් ඇති තැනැත්තා හටද මුදලේ බලයෙන් අවැසි දෙයක් තමනට ලබාගැනීමට පුළුවන.
ඇතැම් දේවාල භූමිවල පුද පූජා සඳහා පෙළගැසී සිටින පිරිස අපමණය. පලතුරු වර්ග හත, නවය වශයෙන්ද කපන ලද පලතුරු පූජා වට්ටිද ගෙඩි පිටින් තබා ඇති පූජා වට්ටිද පුද පූජා සඳහා ගැනෙයි. දෙවියන්ගේ අනුකම්පාව දිනාගැනීම සඳහා මෙම පූජා වට්ටි දෙවියන් වෙනුවෙන් පුද කෙරෙයි. ඇතැමුන් දෙවියන් රැවටීමට මෙන් අඩක් තැලීගිය අකලට ඉදුණු පලතුරු ආදියද පූජා වට්ටි වෙනුවෙන් තබන අවස්ථාද ඇත. දෙවියන්ගේ කඩිනම් දැක්මට යොමුවීම වෙනුවෙන් තවත් පිරිසක් රුපියල් පන්සියයේ, දහසේ මුදල් නෝට්ටු තැබීමද සිදු කරයි. රුපියල් පන්දහසක නෝට්ටුවක් තැබිය හැකි නම් ප්‍රසිද්ධ පූජනීය ස්ථානයන්හි දෙවියන් අබියසට යෑම වඩාත් කඩිනම් වෙයි. දෙවියන් දැකීමට මුදලේ අගය කඩිනම් වූවා සේය.

දේව ආකර්ෂණය බලපවත්වන ස්ථානයන්හිද දෙවියන් සහ සල්ලි අතර දැඩි සබඳකමක් ඇති සෙයකි. යහපත් උදවිය දැකීමට යන විට බුලත් අතක් ගෙනයෑම චාරිත්‍රයකි. එය තම පිළිගැනීම සහ ගෞරවය කියාපෑමකි. ආවේශයෙන් ශාස්ත්‍ර කියන ස්ථානයන්හි බුලත් සමග පුද පඬුරුද තැබිය යුතුය. එවන් ස්ථානයන්හි දෙවියන් තම සේවාව වෙනුවෙන් වටිනාකමක් සඳහන් කිරීම සිදුව ඇත. අදාළ වටිනාකම අනුව ඇදුරන් විසින් දෙවියන් සමග සම්බන්ධව ශාස්ත්‍ර අසස්නාට අවැසි සේවාව හෝ එයට මාර්ගය වටහාදීම සිදුවෙයි.

වලංගු මුදල් වටිනාකම මිනිසාට වැඩියෙන් දෙවියන්ද දන්නා සේය. දෙවියන්ගේ සේවාව වෙනුවෙන් දෙවියන් දක්වන සවිස්තරය දේව භාෂාවේ දෙවියන් සමග විමසුම් කරන්නේ ඇදුරාය. නැතහොත් දේවගැතියාය. දෙවියන් විසින් දේව ගැතියාට පවසන පුද පූජා සඳහා අවැසි භාණ්ඩ සවිස්තරය දේව ගැතියා තම භාෂාවෙන් ශාස්ත්‍ර අසන්නාට පවසනු ලැබේ. පුද පූජා භාණ්ඩවලට අමතරව දෙවියන් තම සේවාව වෙනුවෙන් වලංගු මුදලින් අයකරනු ලබන මුදලද පවසනු ලැබේ. දෙවියන්ද මුදල තම සේවාව අනුව තක්සේරු කිරීම දෙවියන් මුදලේ වටිනාකම හඳුනාගෙන ඇති බවට කදිම සාධකයකි. එයම දෙවි පිහිට පතන්නාගේ ඉල්ලීම ඉටුවන බවට සහතිකයක් නොවන්නේද?

දෙවියන්ට පුද පූජා තබා දෙවියන්ට භාරහාර වීමේදී දෙවි පිහිට පතන්නා විසින් පඬුරු බැඳීමක්ද සිදුකරනු ලබයි. පඬුර යනු කාසියකි. දෙවියන් වෙනුවෙන් තම ආයාචනය, ප්‍රාර්ථනය සඳහන් කර එය නිසි කල තුළ ඉටුවූ පසු දෙවියන් වෙනුවෙන් කුසලයක් කරන බවට සහතික වීම පඬුරු බැඳීමයි. දෙවියන්ට තම දුක් අඳෝනා පවසා දෙවියන්ගෙන් විවිධ ලාභ ප්‍රයෝජන පැතීම එහි සැබෑ අරුතයි.

මුදලේ වටිනාකම දන්නා දෙවියන්ට සන්තෝසමක් අල්ලසක්දී තම අරමුණු ඉටුකර ගැනීමට පැතීම බොහෝ දෙනාගේ සිරිතය. දෙවියනට පඬුරු බැඳ භාරහාර වීමේ පදනම අන්ධ විශ්වාසයයි. දෙවියන්ට අල්ලස් දීමෙන් තරග විභාග ජය, සතුරු විනාශය, කඩිනම් විවාහය, අසාධාරණ කටයුතු කොට නීතියෙන් ගැලවීම ආදිය දෙවියන්ගෙන් සිදුකරගත නොහැක. පින් කැටයකට සල්ලි දැමීම පූජනීය ස්ථානයේ පැවැත්ම සඳහා කරනු ලබන උපකාරයකි. දෙවි පිහිට, දෙවියන්ගේ සානුකම්පිත වීම රුපියල් සත අතර දෝලනය වන්නක් නොවේ. දේව භාෂාවෙන් පුද පූජාවේ වටිනාකම දෙවියන් තුළින් දේවගැතියාට තක්සේරු කරගත හැකි නම් දේව ගැතියාට විශාල ධනපතියකු විය හැකිය. ජයග්‍රාහී ලොතරැයි පත්‍රය සොයාගැනීම, වටිනා මැණික්, නිදන් වස්තු ලබාගැනීම එවැනි කරුණුවල අතලොස්සකි. සේවයට වටිනාකම හිමිවිය යුතුය. එය දෙවියනට නොවේ. දේව ගැතියාටය. ගුරුවරයාත්, වෛද්‍යවරයාත්, ජ්‍යොතිෂවේදීයාත් වෙසඟනත් වෙත යන්නේ නම් තුටු පඬුරු ගෙන යායුතු යැයි පැරැණි හරවත් සංකල්පනාවකි. පලතුරු පූජාවකට, මුදල් නෝට්ටුවකට, පෙර සඳහන් අල්ලස් පඬුරකට දේව කරුණාවට දෙවියන් මුදල් අය කරන්නේ නැත. සාධාරණ යහපත් වූ කුසලයකින් කරනු ලබන අනුමෝදනාත්මක කුසලයට දෙවියන් නිබඳවම සානුකම්පිත වන්නේය.
ජ්‍යොතිෂවේදී – මතුගම ජයනෙත්ති
0716954868

SendShareShare
Previous Post

එදා වාස්තු අදට ගැළපෙන්නේ නෑ

Next Post

ගෙයි වර්ණය හිතට බලපාන හැටි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.