• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හිරු නොබසින රාජ්‍යයේ ඇත්ත නැත්ත

January 13, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හිරු නොබසින රාජ්‍යයේ ඇත්ත නැත්ත
Share on WhatsAppShare on Facebook

ලෝකයේ බොහෝ රටවල් තිබුණද අදටත් “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙස අප හඳුන්වන එක්සත් රාජධානියට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වත්මන් ලෝකයේ බලවත්ම රටක් ලෙස සැලකෙන මෙය රජ පවුලක් විසින් පාලනයක් ගෙනයන රටකි. පස්වැනි ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් දෙවැනි එළිසබෙත් මහා රැජින තම අණසකට ගත් එක්සත් රාජධානිය ලොව සුප්‍රසිද්ධ රටක් වෙන්නටද බලපෑ කරුණු කාරණා ගණනාවකි. එහෙත් ඒ කරුණු කාරණා අතරින් ශ්‍රී ලාංකේය අප දන්නේ අල්ප මාත්‍රයක් තරම් වූ පුංචි කොටසකි. එම නිසා මෙම ලිපිය හරහා අප අද කියන්නට සූදානම් වන්නේ එක්සත් රාජධානිය ගැනය. එසේ නැත්නම් හිරු නොබසින අධිරාජ්‍යයේ ඒ නොදන්නා එහෙත් දැනගත යුතු කතාව ගැනය.

එක්සත් රාජධානිය යන නිල නාමයෙන් හඳුන්වන එක්සත් රාජධානිය මෙදා යුරෝපා මහද්වීපයට අයත් විශාලතම දූපත ලෙසින් පෙන්වා දිය හැකිය. ලෝකයේ බලවත්ම රටක් වූ එක්සත් රාජධානිය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ “ඹබසඑැා ණසබටාදප” යනුවෙනි. එමෙන්ම “හිරු නොබසින අධිරාජ්‍යය” යන නමින්ද අද එක්සත් රාජධානිය හඳුන්වයි. මෙහි පිහිටීම අත්ලාන්තික් නම් සාගර මධ්‍යයේ වෙන අතර එයට නැඟෙනහිර උතුරු මුහුදත් ඉංග්‍රීසි ඇළත් මායිම්ව පවතියි. මේ අතර මෙම එක්සත් රාජධානියේ අගනුවර වන්නේ ලන්ඩන්ය. ඊට නුදුරින් මෙහි ලිවර්පූර්, නිව් කාසල්, මැන්චැස්ටර් සහ ග්ලාස්ගෝ, එඩින්බර්ග් මෙන්ම බි්‍රස්ටල් යනුවෙන් තව තවත් නගර තිබේ. ඒවාද ඉතා විශාල හා පොහොසත් නගර ලෙස සැලකිය හැකිය.

ඉංග්‍රීසි ජාතිකයින් වැඩිම පිරිසක් සිටිනා එක්සත් රාජධානියේ රාජ්‍ය භාෂාව වන්නේද ඉංග්‍රීසි භාෂාවයි. එහි රාජ්‍ය ආගම ඇන්ග්ලිකන් කිතු දහම හා රෝමානු කතෝලිකයි. එමෙන්ම එක්සත් රාජධානිය තුළ දැනට භාවිත කරන මුදල් ඒකකය ස්ටර්ලි පවුම්ය. ලෝකය තුළ ඉතා ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල රැසක්ම මෙහි තිබෙන අතර ඒවා වන්නේ ඔක්ස්ෆර්ඞ්, ක්‍රේම්බීජ්, එඩින්බර්ග් සහ ග්ලාස්ගෝ මෙන්ම බි්‍රස්ටල් යන විශ්වවිද්‍යාලයි. ඒ නිසාමදෝ එරටෙහි ජීවත්වන මිනිසුන්ගේ සාක්ෂරතා මට්ටම 100%කි. මේ අතර ලෝකයේ ප්‍රසිද්ධ විලියම් ශේක්ස්පියර්, බර්නාඞ් ෂෝ, අයිසෙක් නිව්ටන්, චාල්ස් ඩාවින්, මයිකල් පැරඬේ යන අය එක්සත් රාජධානිය තුළින් ලොවට බිහිවූ ජනප්‍රියම මෙන්ම රටම දන්නා ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ය.

එක්සත් රාජධානිය යැයි පැවසූ සැණින්ම ඔබට මට මතක් වන්නේ බකිංහැම් මාලිගාවයි. එය දීර්ඝ ඉතිහාසයක් ඇති රජ මාලිගයකි. 18 වැනි සියවසේදී බකිංහැම් ආදිපාදිවරයා විසින් මෙය සාදවා ඇති අතර බි්‍රතාන්‍යය රජ පවුලේ වත්මන් නිල නිවස වන්නේද එයයි. බකිංහැම් මාලිගය එසේ බි්‍රතාන්‍යය රජ පවුලේ නිල නිවස වන්නේ 1761 වර්ෂයේ පටන්ය. සැබෑවටම එය එසේ මෙසේ මාලිගයක් නොවන අතර අප දන්නා පරිදි බකිංහැම් මාලිගයේ කාමර පමණක් 600ක් තිබේ. එමෙන්ම එය ඉදිකර තිබෙන්නේ මනරම් උද්‍යානයක් තුළය. එහිදී මහා රැජිනට පමණක් ඇරෙන වැහෙන දොරටුද එහි ඇති අතර මහා රැජින මාලිගයේ සිටින විට ඇයගේ කොඩිය එහි දමා තිබිය යුතුය. එය එසේ දැමීම තුළින් අනෙක් අයට රැජින මාලිගාව තුළ සිටීද නැද්ද යන්න අවාචිකව සන්නිවේදනය කරගත හැකිය.

අවසාන වශයෙන් හිරු නොබසින අධිරාජ්‍යයේ හෙවත් එක්සත් රාජධානියේ වත්මන් තත්වය ගැන පැහැදිලි කිරීමේදී එය ඉතා දියුණු මට්ටමක පවතියි. නමුත් එවකට මෙය කෘෂිකාර්මික රටකි. අතීතයේදී තිරිඟු, බාර්ලි, අර්තාපල් සහ පලතුරු හා එළවළු වගා ආදිය කෘෂිකාර්මික අතින් එක්සත් රාජධානිය ඉතාම ස්වයංපෝෂිත කර තිබේ. මේ අතර එළු, ගව, බැටළු, ඌරු, තාරා, කළුකුම් යන සතුන් යොදාගෙන එදා සත්ව පාලනයද හොඳින්ම සිදුකර තිබේ. ඒ හරහා කිරි සහ බිත්තර, මස්, ලොම් ආදී නිෂ්පාදන සිදුකළ බව සඳහන් වෙයි. එමෙන්ම එක්සත් රාජධානිය තුළ ධීවර කටයුතු මෙන්ම ලෝහමය කර්මාන්තයත් යකඩ සහ වානේ කර්මාන්තයත් සිදුකර ඇති අතර වාහන වන මෝටර් රථ, නැව් මෙන්ම ගුවන්යානාද නිෂ්පාදනය කළ බවට සඳහන් වෙයි. තවද රෙදිපිළි, ඖෂධ සහ ආහාරපාන නිෂ්පාදනය අතින්ද එවකට මෙම එක්සත් රාජධානිය ඉදිරියෙන් සිට තිබේ. මෙම සියලු කරුණු කාරණාවන් ගත්කල වර්තමානය වන විට “එක්සත් රාජධානිය” යනු ලෝකයේ දියුණුම රටකි.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

මත්තලදී ප්ලේන් එකක නරියෙක් හැපිලා

Next Post

හිතේ ගතේ කහට මකන පාට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.