• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සද්ධාතිස්ස රජු හදපු උත්තර විහාරය

January 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සද්ධාතිස්ස රජු හදපු උත්තර විහාරය
Share on WhatsAppShare on Facebook

උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතියටද. සමාජීය, ශාස්ත්‍රීය සංවර්ධනයේද තෝතැන්නක් වූ හිඟුරාණ උත්තර ජයමහා විහාරස්ථානය ඓතිහාසික පින්බිමකි. එහි ඉතිහාසය සද්ධාතිස්ස රාජ සමය දක්වා ඈතට දිවයයි. දැනට විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක සඳහන් වන ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ ආරම්භක සමයේම මෙම විහාරස්ථානයද ගොඩනඟා ඇතිබව පැහැදිලි වේ. විහාරස්ථ ගල් කටාරමෙහි ඇති සෙල්ලිපියට අනුව මෙම ස්ථානය පෙර උත්තර ලෙනක් ලෙස හැඳින්විණි. සද්ධාතිස්ස රජුගේ බිසවක් වූ උත්තරා දේවියගේ නමින් එය උත්තර ලෙන නමින් වූ අතර ඇය පරිහරණය කළ ලෙන පසුකාලීනව මහා සංඝරත්නයට පූජා කොට විහාරස්ථානයක් ලෙස ගොඩ නංවා ඇත. සද්ධාතිස්ස රාජ සමයෙන් පසු විවිධ ආක්‍රමණිකයන්ගේ විනාශකාරී ක්‍රියා හමුවේ දිගාමඩුලු පුරවරයේ ඓතිහාසික වැදගත්කමින් යුතු බොහෝ සිද්ධස්ථාන විනාශවී ඇත. හිඟුරාණ උත්තර ජයමහා විහාරස්ථානයද එසමයේ වල්බිහිවී විනාශයට ගොස් ඇත. මෑත ඉතිහාසයේ මෙම පුණ්‍ය භූමිය නැවත සංවර්ධනය කොට බොදු ජනතාවගේ වන්දනාමානයට යොමු කෙරෙන්නේ අම්පාර මඩකළපුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන්ව වැඩ විසූ වරකාපොළ සිරිරතන නා හිමියන් වහන්සේගේ උත්සාහයේද මඟපෙන්වීමේද ප්‍රතිඵලයක් ලෙසටය. එවකට අක්කරපත්තුව ශ්‍රී විජයාරාම විහාරයේ අධිපති ධුරය හෙබවූයේ උන්වහන්සේය. උත්තර ජයමහා විහාරයේ දියුණුවද, එමගින් සම්බුද්ධ ශාසනයට කළ හැකි උදාර සේවය පිළිබඳවද නිරන්තර අවධානය යොමු කළ උන්වහන්සේ මෙම පින් බිමෙහි සිරිධම්මරතන පිරිවෙන ආරම්භ කිරීමට ද මූලිකත්වය ගෙන කටයුතු කළහ. එමගින් ප්‍රදේශයේ සාමණේර භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට අවස්ථාව උදාවිණි.

1987 වසරෙන් පසු ත්‍රස්තවාදීන්ගේ සැහැසිකම් හමුවේ වුව පිරිවෙනෙහි අධ්‍යාපන කටයුතු නතර වූයේ නැත. වර්තමානය දක්වාම එහි කටයුතු සාර්ථකව කරගෙන යන්නට හැකිවී තිබීම අවට ප්‍රදේශයන්හි සාමණේර හිමිවරු ලද භාග්‍යයක්ද වන්නේය. දුෂ්කර වෙහෙර බිම්වලින් දුෂ්කරතා මධ්‍යයේ වුව වැඩම කරන සාමණේර භික්ෂුන් වහන්සේ 60 නමක් පමණ වර්තමානයේ එහි අධ්‍යාපනය හදාරති. ප්‍රදේශයේ බොදු දරුවන් ධර්ම ඥානයෙන්. විනයෙන්, ශික්ෂණයෙන්, පොහොසත් කරන්නට, යහමඟට ගන්නට කරුණා, දයා, මෛත්‍රී, ගුණයෙන් හෙබි පරපුරක් ලෙස අනාගතයේ රටට දායාද කරන්නට අමිල මෙහෙවරක් සිදුවන විහාරස්ථ ධර්ම විද්‍යාලයෙහි 350ක් පමණ දරු දැරියෝ දහම් අධ්‍යාපනය ලබති. එදා මේ පින්බිම සෙවණේ දහම් අධ්‍යාපනය ලද සාමණේර භික්ෂුන් වහන්සේ අද දෙස් විදෙස්හි ධර්ම දූත මෙහෙවරෙහි නියැළෙමින් උතුම් ශාසනික සේවාවක නිරත වෙති. උපසපන් භික්ෂුන් වහන්සේ නොමැතිවීම නිසා හිඟුරාණ උත්තර ජයමහා විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි විහාරස්ථාන වැසීයෑමේ අවදානම යොමු කරමින් එම විහාරස්ථානයන් නැවත ගොඩනංවන්නට උපසපන් භික්ෂුන් වහන්සේ යොමු කරවීම සඳහාත්. කුලදරුවන් සසුන්ගත කරවමින් සම්බුද්ධ ශාසනයට බුද්ධපුත්‍රයන් වහන්සේ දායාද කිරීම සඳහාත් වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති හිඟුරාණේ සිරිධම්ම හිමියන් ගන්නා උත්සාහය අති උදාරයි. තමන් වහන්සේගේ අති දුෂ්කරවූද, අවිවේකීවද, පැවිදි, ජීවිතයේ එවන් ශාසනික මෙහෙවරයන්, වගකීමක්, යුතුකමක් ලෙස සලකනු විනා කෙතරම් ආරාධනා ලැබුණද මෙම ප්‍රදේශය හැර වෙනත් විහාරස්ථානයකට වැඩම කරන්නට තමන් වහන්සේ කිසිවිටකත් කටයුතු නොකරන බව උන්වහන්සේ පවසති.

කොපමණ දුෂ්කරතා මධ්‍යයේ වුවද ප්‍රදේශයේ බොදු දනන්ගේ දහම් පවස සංසිඳුවන්නට ඔවුන් ධාර්මික දිවිපෙවෙතකට යොමු කරන්නට ඇවැසි ධර්ම ඥානය ලබාදෙන්නට වියත්, ධර්ම කථික, ස්වාමින් වහන්සේ මගින් මාසයකට වරක් විහාරස්ථානයේ ධර්ම දේශනයක් පැවැත්වීම පැසසුම් කටයුතුය. තමන් වහන්සේ වෙත ලැබෙන පිරිකර. පරිත්‍යාග, පිණ්ඩපාත මගින් ලැබෙන පිරිකර, ආදී සියලු දේ යොදවා අඩුපාඩු සහිත විහාරස්ථානවලට ඒවා ලබා දීම, ප්‍රදේශයේ තෝරාගත් පාසල් දරුවන්ට පොත් පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ ලබාදීම ගර්භිණී මවුවරුන්ට නිරෝගී දරු සම්පත් බිහිකරන්නට කායික ශක්තිය ලබාදීම සඳහා අවශ්‍ය ආහාර පාන පරිත්‍යාග කිරීම, මනස ශක්තිමත් කර ගුණ සුවඳින් යුතු දරුවන් බිහිකිරීම සඳහා උපකාරිවන ගැබිනි මවයි, සිල් සුවඳයි, වැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ආදිය උන්වහන්සේගේ සමාජීය මෙහෙවරෙහි අංශු මාත්‍රයක් පමණි. මිනිසුන් වෙනුවෙන් වූ මේ කරුණාවන්ත බව නිසාම අති දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන විසල් ආගමික, සමාජීය, මෙහෙවර නිසාම උන්වහන්සේ අගය කරමින් තව තවත් උනන්දු කරවීම සඳහාද බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේම අවධානය යොමු වීම උතුම් කරුණකි. නැඟෙනහිර පළාතේ දුෂ්කර විහාරස්ථාන නඟාසිටුවීමේ අරමුණින් යුතුව කොළඹ ප්‍රදේශයේ වැඩ සිටින කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේගේ සංකල්පනාවකට අනුව කඨින පින්කම් සියයක් පැවැත්වීමට යොමු වූ අවස්ථාවේ හිඟුරාණ උත්තර ජයමහා විහාරස්ථානයද තෝරා ගත්හ. මෙලෙස වසර කිහිපයක් පුරාම කොළඹ රත්මලාන ප්‍රදේශයේ පින්වත් දායක දායිකාවන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන්, ප්‍රදේශයේ ජනතාවගේද දායකත්වයෙන් මෙම විහාරස්ථානයේ කඨින පින්කම් ඉතා සාර්ථක ලෙස ඉටු කිරීම විහාරස්ථ දායක දායිකාවන් සේම ප්‍රදේශයම ලද භාග්‍යයකි. මේ සියලු කටයුතු සඳහා ප්‍රදේශයේ බොදු දනන්ගේ සහයෝගයද, සහභාගිත්වයද උන් වහන්සේ අගය කරති.
කේ.ඒ. මෛත්‍රිපාල

SendShareShare
Previous Post

පොරොන්දම් නොගැළපුණොත් මොකද වෙන්නෙ

Next Post

කලබල ගමනට වඩා හෙමින් ගමන සුන්දරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.