TVS සමාගම ශ්‍රී ලංකාවට TVS NTORQ 125 Race Edition ස්කූටර් මාදිලිය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.
මෙම ස්කූටරය එයටම ආවේණික DRL සහිත ප්‍රධාන පහන් සහ Hazard Lamp එකකින්ද යුක්තය. ‘Race Edition’ තේමාවට ගැළපෙන පරිදි ආකර්ෂණීය ස්ටිකර් යොදා අලංකාර කර ඇති මෙම ස්කූටරය, ධාවන තරග සම්බන්ධයෙන් TVS සමාගම අත්පත් කරගෙන ඇති කීර්තිනාමය මැනැවින් නිරූපණය කරන්නකි. දැනට වෙළෙඳපොළේ Metallic Red වර්ණයෙන් අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති TVS NTORQ Race Edition ස්කූටරය ඉදිරියේදී Matte Black සහ Metallic Black වර්ණවලින්ද මිලදීගත හැකි වේ.











