ඇපල් දුරකතන සමාගම චීනයේ නිෂ්පාදන ඉවත දමා සිය 14 ඇපල් දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කොට තිබේ.
ලොව ප්‍රකට රේටින් සමාගමක් වන මූඩ්ස් කියන්නේ ඇපල් දුරකතන 2017 සිට ඉන්දියාවේ නිෂ්පාදනය කළ බවය. ඇපල් නව දුරකතනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඉන්දියාවේ නිෂ්පාදන සමාගමට හැකියාව ඇති බව මූඩි සඳහන් කොට තිබේ.
ඇපල් දුරකතනයේ වෙළෙඳපළ තුළ ඉන්දියවට හිමි කොටස 5%කටත් අඩුය. 2022 දී ඇපල් දුරකතන වෙළෙඳපළ දෙගුණයකින් වැඩි වූ බව මූඩි සඳහන් කරයි. ඇපල් දුරකතන සමාගම චීනයෙන් පිටත නිෂ්පාදන ආයන වෙත ඇදී යෑමට පටන් ගැනීමෙන් ඉන්දියාවට විශාල වාසියක් අත්වී ඇති බව මූඩි සඳහන් කරයි.
‘අප ඉතා අමන්දානන්දයට පත්වී සිටිනවා, ඇපල් දුරකතන අලුත්ම දුරකතනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තිරණය කිරීමෙන්’ යැයි ඇපල් සමාගම පවසා තිබේ. දැන් ඇපල් දුරකතන 12, 13 පමණක් නොව 14ද ඉන්දියාවේ නිපදවන්න අවස්ථාව ලබාදී ඇත. ඉන්දියාවේ නිෂ්පාදිත දුරකතනය ඊළඟ සතියේ හැමෝගේම අතට ලැබෙනු ඇත. මෙම නිෂ්පාදනය ඉන්දියාව තුළ සහ ඉන්දියාවෙන් පිටත වෙළෙඳපළට නිකුත් වෙයි.





