චීනය පසුගිය දා අවට කලාපයේ පැවැත් වූ හිතුවක්කාර ගුවන් හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවදානයක් යොමුකිරීමෙන් ඊට වැඩිමනත් “ශිල්ප”දැක්වීමට යළි ඉඩනොදෙන අන්දමින් අවශ්‍ය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.
ඒ සඳහා අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු කෙරෙන බව ද ඉන්දියාවේ ගුවන් හමුදා“චීෆ් මාර්ෂල් වී.ආර්.චෞද්රි මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.
ඉන්දියාවේ නැගෙනහිර “ලඩාක් පළාතේ ”මේවනවිට පවත්නා තත්ත්වය සාමාන්‍ය මට්ටමකට පැමිණීම සඳහා මිණුම් ලකුණ ලෙසට සලකනු ලබන්නේ පැවති ස්ථාවරයටම පැමිණියේ දැයි යන්න තීරණය කිරීම යන්න ද හෙතෙම පැහැදිලි කෙළේය.
චීනයේ ඕනෑම අභියෝගයකට සුදානම් බව ද අනතුරුව හමුදා භට කණ්ඩායම් ඉවත් කිරීම පිළිබඳව දෙවරක් සිතා බලන බව ද ගුවන් හමුදා ප්‍රධානි වී.ආර්.චෞද්රි ප්‍රකාශ කෙළේය.
චන්ද්‍රසේන මාරසිංහ





